මහනුවර ඇසළ පෙරහැරේ විශේෂ අවස්ථා

Highlights of the Vibrant Kandy Esala Perahara (LBN)

 



 

 

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක SLT-MOBITEL, රටේ සංස්කෘතික හා ආගමික වශයෙන් වැදගත්කමක් උසුලන උත්සවවලට දායකත්වය දැක්වීමේ මෙහෙවරෙහි තවත් එක් පියවරක් වශයෙන් මෙවරත් මහනුවර ඇසළ පෙරහැර සාර්ථක කරගැනීමට තම බැතිබර දායකත්වය ලබාදුන්නේ ය.

මේ වනවිට SLT-MOBITEL ශ්‍රී දළදා මාළිගාවට අධිවේගී අන්තර්ජාල සම්බන්ධතා පහසුකම් මෙන්ම, PEO TV සම්බන්ධතා පහසුකම්ද ලබා දී තිබේ. මෙම පහසුකම් හේතුවෙන් සංස්කෘතික හා ආගමික වැඩසටහන් රාශියක් ජනතාවට ඉදිරිපත් කිරීමට ශ්‍රී දළදා මාළිගාවේ මාධ්‍ය මධ්‍යස්ථානයට හැකියාව ලැබී ඇත. මේ අතරට වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යය සජීවී ලෙස විකාශය කිරීම, සංස්කෘතික හා ආගමික වාර්තා වැඩසටහන් වේගවත්ව  හා පහසුවෙන් අන්තර්ජාලයට ඇතුළත් කිරීම සහ ශ්‍රී දළදා මාළිගාfj ආගමික උත්සව ආවරණය කිරීම ඇතුළු බොහෝ දේ ඇතුළත් වේ.

ලොව පැරණිතම මෙන්ම වඩාත්ම ගෞරවයට පාත්‍ර වූ ආගමික උත්සවයක්වන මහනුවර දළදා පෙරහැර, රටේ ආගමික උත්සව අතර ප්‍රමුඛස්ථානයක් ගනී.

ශ්‍රී ලංකාවේ සංස්කෘතික විවිධත්වය සහ රමණීයත්වය පෝෂණය කිරීමට කැප වී සිටින සන්නාමයක් ලෙස SLT-MOBITEL ඉදිරියටත් මෙවැනි ජාතික, ආගමික හා සංස්කෘතික වැදගත්කමකින් යුත් උත්සවවලට තම දායකත්වය ලබාදෙනු ඇත.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව