පිට පිටම සිව්වන වසර සඳහාත් ‘වඩාත්ම ඇගයීමට ලක් වූ සමාගම්’ සම්මානය කොමර්ෂල් බැංකුව දිනාගනී

10-Most-Admired-Companies-2021-post-event

ශ‍්‍රී ලංකා ජාත්‍යන්තර වාණිජ මණ්ඩලය (ICCSL) කළමනාකරණ ගණකාධිකාරීන්ගේ වරළත් ආයතනය (CIMA) සමග එක්ව වාර්ෂිකව පවත්වන සම්මාන ප‍්‍රදානෝත්සවයේදී කොමර්ෂල් බැංකුව ශ‍්‍රී ලංකාවේ වඩාත්ම ඇගයීමට පාත‍්‍ර වූ සමාගම් 10 අතරට නැවත වතාවක් තේරී පත්වීමට පසුගියදා සමත් විය. මෙම ඇගයීමට ලක් වූ ලැයිස්තුවේ ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම සමාගම් 10 අතරට කොමර්ෂල් බැංකුව පිට පිටම තේරී පත් වූ සිව්වන අවස්ථාව මෙය වේ. මෙම සම්මානය ශ‍්‍රී ලංකාව සඳහා ඉන්දියානු මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා අතින් කොමර්ෂල් බැංකුවේ අධ්‍යක්ෂිකාවක වන ශිරෝමාල් කුරේ මහත්මිය, බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී – මානව සම්පත් කළමනාකරණ, ඉසුරු තිලකවර්ධන මහතා, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී – අලෙවිකරණ, හස්රත් මුණසිංහ මහතා විසින් භාරගන්නා ලදී. මෙම අවස්ථාවට කොළඹ පුරපතිනිය වන රෝසි සේනානායක මහත්මියද සහභාගී විය.

 

 




 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

seventeen − fifteen =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව