පරිපූර්ණ තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ විසඳුම් සමගින් ව්‍යාපාර වර්ධනයට අත්වැලක් වීමට SLT-MOBITEL ‘BizLife’ හඳුන්වා දෙයි

SLT Telecom logo (LBN)

 



 

 

මෙරට ඕනෑම වාණිජ ව්‍යාපාරයක සේවා පදනම සම්පාදනය කිරීම සඳහා කීර්තිමත් නාමයකට හිමිකම් කියන ජාතික තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක, SLT-MOBITEL ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසාය වර්ධනය සඳහා නවත ම BizLife සේවාව හඳුන්වා දී ඇත.

Voice සහ Data විසඳුම් එකම පැකේජයකින් ලබා ගැනීමට අපේක්ෂා කරන ව්‍යාපාර සඳහා මනා විකල්පයක් ලෙස හඳුන්වා දී ඇති BizLife සේවාව, පිරිවැය කාර්යක්ෂම විසඳුම් භාවිත කරමින්, ශීඝ්‍රයෙන් වර්ධනයවන ඩිජිටල් ආර්ථිකයට ප්‍රවේශ වීමේ සහ තිරසර වර්ධනයක් අත්කර ගැනීමේ අවස්ථාව ව්‍යවසායකයින් හට ලබා දෙයි.

SLT-MOBITEL Enterprise සතු අසමසම තාක්ෂණය, සම්පත් සහ විශ්වසනීය සේවා මත පදනම්ව හඳුන්වා දී ඇති BizLife විසඳුම BizLife Mini, BizLife Mini Flash, BizLife Advance සහ BizLife Advance Flash ලෙස පැකේජ හතරකින් ලබාගත හැකි වීම ද විශේෂත්වයකි.

පරිපූර්ණ තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ විසඳුම් ඔස්සේ මෙරට ක්ෂුද්‍ර, සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසාය සවිබල ගන්වමින් BizLife Mini පැකේජය 58GB Anytime Data, 30GB Meet Light Online working data ඇතුළුව , Messenger/WhatsApp පැකේජය, අමතර ඩේටා සමගින් 50GB දක්වා දත්ත ගබඩා කිරීමේ පහසුම, ඕනෑතරම් ඇමතුම් ලබා ගැනීමේ හැකියාව, උපාංග තුනක් දක්වා Kaspersky අන්තර්ජාල ආරක්ෂණ සේවාව, 25 දෙනෙකු දක්වා සම්බන්ධ විය හැකි SLT-MOBITEL LYNKED වීඩියෝ සම්මන්ත්‍රණ පහසුකම මෙන්ම 5GB දක්වා SLT-MOBITEL BIZ ඊ-මේල් පහසුකම යන ප්‍රතිලාභ රැසකින් සමන්විත වේ.

BizLife Mini Flash පැකේජය, Messenger සහ WhatsApp පැකේජය, දෛනික 5GB අසමසම ඩේටා සහ අන්තර්ජාල රැකියා කටයුතු පහසුකම, නොමිලේ ඩේටා සමගින් 50GB දත්ත ගබඩා කිරීමේ හැකියාව, ඕනෑතරම් ඇමතුම් ලබා ගැනීමේ පහසුකම, උපාංග තුනක් දක්වා Kaspersky අන්තර්ජාල ආරක්ෂණ සේවාව, 25 දෙනෙකු දක්වා සම්බන්ධ විය හැකි SLT-MOBITEL LYNKED වීඩියෝ සම්මන්ත්‍රණ පහසුකම මෙන්ම 5GB දක්වා SLT-MOBITEL BIZ ඊ-මේල් පහසුකම යන ප්‍රතිලාභවලින් සමන්විත වේ. BizLife Mini සහ BizLife Flash පැකේජ රු. 4,500 ක් වැනි මාසික ගාස්තුවක් යටතේ හඳුන්වා දී තිබේ.

විශාල පරිමාණ ව්‍යාපාර සඳහා SLT-MOBITEL Enterprise හඳුන්වා දී ඇති BizLife Advance පැකේජය යටතේ 155GB ඇතුළු Anytime Data පහසුකම ද, 30GB ඇතුළුව Meet Light අන්තර්ජාල රැකියා පහසුකම ද, නොමිලේ පිරිනැමෙන ඩේටා සමගින් පිරිනැමෙන අමතර 100GB දත්ත ගබඩා කිරීමේ හැකියාව සහ Messenger/WhatsApp පැකේජය ද, ඕනෑතරම් ඇමතුම් ලබා ගැනීමේ හැකියාව ද, උපාංග තුනක් දක්වා Kaspersky අන්තර්ජාල ආරක්ෂණ සේවාව ද, 1000MB සමගින් Shared Web Hosting පහසුකම ද, නොමිලේ පිරිනැමෙන DNS Hosting සේවාව ද, 50 දෙනෙකු දක්වා සහභාගී විය හැකි SLT-MOBITEL LYNKED වීඩියෝ සම්මන්ත්‍රණ පහසුකම ද පිරිනැමේ.

තවද, BizLife Advance Flash පැකේජය යටතේ, Messenger/WhatsApp පැකේජය ඇතුළුව දෛනිකව ඕනෑතරම් ඩේටා පිරිනමන 10GB පහසුකම ද, සීමාවකින් තොරව අන්තර්ජාලය ඔස්සේ රැකියා කටයුතු සිදු කිරීමේ හැකියාව ද, 100GB දක්වා දත්ත ගබඩා කිරීමේ හැකියාව ද, ඕනෑතරම් ඇමතුම් ලබා ගැනීමේ පහසුකම ද, උපාංග තුනක් දක්වා Kaspersky අන්තර්ජාල ආරක්ෂණ සේවාව ද, 1000MB දක්වා Shared Web Hosting පහසුකම ද, නොමිලේ DNS Hosting පහසුකම ද, Web Builder විකල්පය ද, SLT-MOBITEL LYNKED හරහා Static IP පහසුකම සහ 50 දෙනෙකු දක්වා වීඩියෝ සම්මන්ත්‍රණ සඳහා සහභාගී වීමේ හැකියාව ද ව්‍යවසායකින් වෙනුවෙන් පිරිනැමේ. BizLife Advance සහ BizLife Advance Flash පැකේජ රු. 10,000 ක ආකර්ෂණීය මාසික ගාස්තුවක් යටතේ ලබාගත හැකිය.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

10 − 4 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව