නේෂන්ස් ට්‍රස්ට් බැංකුවෙන් හියාරේ වැසි වනාන්තරයේ රුක් රෝපණ වැඩසටහනක්

Nations Trust Bank Plants Saplings Across Hiyare Rainforest-1 (2)

 



 

 

 

නේෂන්ස් ට්‍රස්ට් බැංකුව මෑතකදී  හියාරේ වැසි වනාන්තර පරිශ්‍රය තුළ රුක් රෝපණ වැඩසටහනක් ක්‍රියාවට නැංවී ය. පරිසරය සුරැකීමට පුළුල් මට්ටමින් දායක වන වගකීම් සහගත ආයතනයක් වශයෙන් නේෂන්ස් ට්‍රස්ට් බැංකුව විසින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන ලදි.

මෙම අවස්ථාවට නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ ආයතනික සමාජ වගකීම් ප්‍රධානී තේජා සිල්වා, විධායක උප සභාපති (මානව සම්පත්) රමණිකා උනම්බුව සහ ප්‍රධාන අලෙවි නිලධාරී සංජය සෙනරත් යන මහත්ම මහත්මීන් ඇතුළුව නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ නියෝජිතයන් පිරිසක්ද, ගාල්ල වජනීවී සංරක්ෂණ සංගමයේ නිලධාරීන් පිරිසක්ද සහභාගී වූහ.

සිංහල හින්දු අලුත් අවුරුද්දට සමගාමීව නේෂන්ස් ට්‍රස්ට් බැංකුව සංවිධානය කළ ‘මිහිකතට අවුරුදු’ වැඩසටහන යටතේ 2021 අලුත් අවුරුදු සතිය තුළ නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ ජංගම ගිණුම්, ඉතුරුම් ගිණුම් සහ ආයෝජන සැලසුම් ආරම්භ කළ සියලු ගනුදෙනුකරුවන් වෙනුවෙන් හියාරේ රක්ෂිතය තුළ පැළ සිටවීම මෙසේ සිදුකෙරිණි.

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

thirteen + 12 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව