නේෂන්ස් ට්‍රස්ට් බැංකුව “ගනුදෙනුවකට එහා ගිය සබැඳියාවක්”ප්‍රේෂණ වැඩසටහන තවදුරටත් දීර්ඝ කරයි

Nations Trust Bank extends 'We Transfer More Than Money' remittance initiative (LBN)

 



 

 

නේෂන්ස් ට්‍රස්ට් බැංකුව ක්‍රියාවට නැංවූ “ගනුදෙනුවකට එහා ගිය සබැඳියාවක්” ප්‍රේෂණ ප්‍රවර්ධන වැඩසටහන 2023 දෙසැම්බර් මස අවසානය දක්වා දීර්ඝ කර තිබේ. ගනුදෙනුකරුවන් වෙතින් ලැබුණු ප්‍රතිචාර සහ ඉල්ලීම් සැලකිල්ලට ගනිමින් නේෂන්ස් ට්‍රස්ට් බැංකුව මෙම තීරණය ගෙන ඇත.

මෙම වැඩසටහන මගින්, නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ ප්‍රේෂණ සේවාවන් භාවිතා කරන ගනුදෙනුකරුවන්ට සුපිරි වෙළඳසැල් වෙතින් තෑගි වවුචර දිනාගැනීමට අවස්ථාව හිමි වේ. රු. 50,000/- හෝ ඊට වැඩි වටිනාකමකින් යුත් විදේශ ප්‍රේෂණ මෙම දිනුම් ඇදීම සඳහා සුදුසුකම් ලබයි.

මෙහි අවසන් මහා දිනුම් ඇදීම 2023 දෙසැම්බර් මස අවසානයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර, එහි ජයග්‍රාහකයන්ට තමන් කැමති ගමනාන්තයක් වෙත යාමට සහ ඒමට ගුවන් ටිකට්පත් හිමිවනු ඇත. විදේශ රටවල සිට මුදල් එවන පුද්ගලයන්ට මෙන්ම මෙරටදී මුදල් ලබාගන්නා පුද්ගලයන්ටද මෙම ටිකට්පත් දිනාගැනීමට අවස්ථාව ලැබෙන නිසා, මෙය විදේශ රටවල වෙසෙන ආදරණීයයන් දැකබලාගැනීමට යාම සඳහා ඔවුන්ට ලැබෙන මහඟු අවස්ථාවකි.

දැනටමත් අප්‍රේල්, මැයි සහ ජූනි මාසවල ජයග්‍රාහකයන් වෙත තෑගි වවුචර් පිරිනමා ඇති අතර, වැඩසටහන අවසන් වනතුරු මාස්පතා ජයග්‍රාහකයන් තෝරාගැනීමට නේෂන්ස් ට්‍රස්ට් බැංකුව සැලසුම් කර තිබේ.

එතෙර වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට තම ආදරණීයයන් වෙත ඉතාමත් පහසුවෙන් හා කාර්යක්ෂම මුදල් එවීමට අවස්ථාව ලබාදීම සඳහා නේෂන්ස් ට්‍රස්ට් බැංකුව සෑම විටම කටයුතු කරයි. මේ නිසාම “ගනුදෙනුවකට එහා ගිය සබැඳියාවක්”  ප්‍රේෂණ වැඩසටහන අතිශයින් සාර්ථක වී ඇති අතර, එය රටට ලැබෙන විදේශ විනිමය ප්‍රමාණය ඉහළ යාමටද හේතුවක් වේ.

දිවයින පුරා ශාඛා 96 ක් ස්ථාපිත කර ඇති නේෂන්ස් ට්‍රස්ට් බැංකුව පාරිභෝගික, වාණිජ හා ආයතනික ගනුදෙනුකරුවන් රාශියකට සේවාවන් සලසයි. එමෙන්ම නවීන ඩිජිටල් බැංකුකරණ තාක්ෂණයන් සම්බන්ධයෙන් විශාල අවධානයක් යොමුකර ඇති නේෂන්ස් ට්‍රස්ට් බැංකුව විසින්, ශ්‍රී ලංකාවේ ප්‍රථම පූර්ණ ඩිජිටල්කරණ බැංකු අත්දැකීම වන FriMi ද හඳුන්වා දෙන ලදි. මීට අමතරව ශ්‍රී ලංකාව තුළ ඇමෙරිකන් එක්ස්ප්‍රස් කාඩ්පත් නිකුත් කිරීමේ පූර්ණ බලයද නේෂන්ස් ට්‍රස්ට් බැංකුව සතු වේ.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

six − 5 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව