නේෂන්ස් ට්‍රස්ට් බැංකුව දකුණු පළාතේ ව්‍යාපාර ශක්තිමත් කරමින් ආර්ථික වර්ධනයට දායක වෙයි

Southern Customer Fellowship to Empower (LBN)

දේශීය ආර්ථිකයේ ප්‍රගතියට සහාය වීම අරමුණු කරගනිමින් නේෂන්ස් ට්‍රස්ට් බැංකුව, දකුණු පළාතේ ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයින් සහ Private Banking ගනුදෙනුකරුවන් සඳහා විශේෂ වැඩසටහනක් පවත්වන ලදී. මෙය, ව්‍යාපාර කටයුතු සඳහා අවශ්‍ය උපදෙස් ලබාදීම වෙනුවෙන් බැංකුව විසින් ආරම්භ කරන ලද ‘Beyond Ordinary’ වැඩසටහනේ නවතම පියවරයි. මෙම වැඩසටහනට සහභාගී වූ ව්‍යාපාරික නායකයින්ට දැනුම හුවමාරු කර ගැනීමට, නව ව්‍යාපාරික සබඳතා ගොඩනගා ගැනීමට මෙන්ම වෙළඳපොළ පිළිබඳ ප්‍රායෝගික අවබෝධයක් ලබා ගැනීමට සහ නිරන්තරයෙන් වෙනස් වන ආර්ථික වාතාවරණයන් තුළ ව්‍යාපාර කටයුතු සාර්ථකව සිදු කිරීමට අවශ්‍ය මූල්‍ය විසඳුම් පිළිබඳව අවබෝධයක් ලබා ගැනීමට ද අවස්ථාව හිමිවිය.
 



 

මෙම සමුළුවේ ප්‍රධාන දේශනය පැවැත්වූ Advocata Institute හි ප්‍රධාන විධායක නිලධාරී ධනනාත් ප්‍රනාන්දු මහතා, දේශීය හා ගෝලීය වෙළඳපොළේ නව ප්‍රවණතා සහ අභියෝග පිළිබඳව සිය විශේෂඥ දැනුම හා අත්දැකීම් බෙදා ගත්තේය. එමෙන්ම, ව්‍යාපාරවලට අභියෝග ජය ගතහැකි ආකාරය සහ නව ව්‍යාපාර අවස්ථා අත්පත් කරගැනීම තුළින් රටේ සමස්ත ආර්ථිකයට වටිනාකමක් එක් කරමින් තිරසාර වර්ධනයක් කරා යොමු විය හැකි ආකාරය පිළිබඳව ද ඔහු සවිස්තරාත්මකව කරුණු පැහැදිලි කළේය.

මෙම සමුළුවේ දී, ශ්‍රී ලංකාවේ පිළිකා රෝගීන් සඳහා සත්කාර සේවාවන් සපයන සුවිශේෂී වැඩසටහනක් වන TrailSL හි කරාපිටිය පිළිකා රෝහල් ව්‍යාපෘතියට නේෂන්ස් ට්‍රස්ට් බැංකුව ලබා දෙන සහයෝගය පිළිබඳව අවධානය යොමු කෙරිණි. මෙම අවස්ථාවට සහභාගී වූ TrailSL හි සම නිර්මාතෘවරුන් වන මහේල ජයවර්ධන සහ නාදන් සිවගනානාදන් මහත්වරු, උසස් අරමුණක් වෙනුවෙන් ප්‍රජාවන් සහ ව්‍යාපාර එක්ව කටයුතු කිරීමේ කැපවීම තවදුරටත් තහවුරු කළේය.

මෙම අවස්ථාවේ දී සිය අදහස් දක්වමින් නේෂන්ස් ට්‍රස්ට් බැංකුවෙහි වාණිජ බැංකුකරණයේ විධායක උප සභාපති අරෝෂ ලියනආරච්චි මහතා මෙසේ පැවසීය. “නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ අප, බැංකු අවශ්‍යතා සපයන්නෙකුට පමණක් සීමා නොවී, පුද්ගලයන්ගේ සහ සමස්ත සමාජයේ තිරසාර වර්ධනයට අත්වැලක් වන ව්‍යාපාරික හවුල්කරුවෙකු ලෙස ද කටයුතු කරනවා. ව්‍යාපාර, අභියෝගාත්මක කාලසීමාවල දී නොනැසී පැවතීමට සහ වර්ධනය වීමට නම් වෙළඳපොළ පිළිබඳ දැනුවත්ව, වෙනස්වීම් වලට අනුවර්තනය වෙමින් ශක්තිමත්ව සිටීම අත්‍යවශ්‍යයි. එමනිසා මෙවැනි වැඩසටහන් ඔස්සේ දේශීය හා ගෝලීය ව්‍යාපාරික අවස්ථා සහ අභියෝග පිළිබඳ සැලකිලිමත් වෙමින්, අපගේ වටිනා ගනුදෙනුකරුවන්ට අවශ්‍ය ව්‍යාපාර සහ ආර්ථික ප්‍රවණතා පිළිබඳ දැනුම, නිවැරදි ව්‍යාපාර තීරණ ගැනීම සඳහා අවශ්‍ය මාර්ගෝපදේශ, සහ ඔවුන්ගේ අවශ්‍යතා අනුව සකස් කළ විශේෂ බැංකු විසඳුම් ලබා දීමට අප අපේක්ෂා කරනවා. සැබෑ සාර්ථකත්වය රඳා පවතින්නේ සමාජයේ යහපැවැත්ම මත බව අප තරයේ විශ්වාස කරනවා වගේම, TrailSL සහ කරාපිටිය පිළිකා රෝහල  සමඟ ඇති අපගේ හවුල්කාරිත්වය එයට කදිම නිදසුනක්.”

නේෂන්ස් ට්‍රස්ට් බැංකුව, හුදෙක් බැංකුවක් ලෙස නොව, ව්‍යාපාර සාර්ථක කර ගැනීමට සහය වන උපායමාර්ගික හවුල්කරුවෙකු ලෙස කටයුතු කරමින් නවෝත්පාදනයන් දිරිමත් කිරීම, වර්ධනයට සහාය වීම සහ ප්‍රජාව කෙරෙහි දැඩි කැපවීමක් පෙන්වීම කෙරෙහි අවධානය යොමු කරයි.

නේෂන්ස් ට්‍රස්ට් බැංකුව, පාරිභෝගික, වාණිජ සහ ආයතනික යන අංශ සඳහා ඩිජිටල් හා භෞතික යන ද්විත්ව මාධ්‍යයන්ගෙන් යුත් පුළුල් පරාසයක සේවාවන් සපයයි. තවද, බැංකුව අති නවීන ඩිජිටල් බැංකුකරණ තාක්ෂණයන් හරහා ඩිජිටල් බලගැන්වීම කෙරෙහි ද අවධානය යොමු කරයි. නේෂන්ස් ට්‍රස්ට් බැංකුව ශ්‍රී ලංකාවේ ඇමරිකන් එක්ස්ප්‍රස් කාඩ්පත් නිකුත් කිරීමේ බලයලත් එකම ආයතනය සහ කාඩ්පත් වෙළඳපොළ කාණ්ඩයේ වෙළඳපොළ ප්‍රමුඛයා ද වේ.

 

Home  Facebook
 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව