නිව් හොලන්ඞ් ට‍්‍රැක්ටර් සඳහා අඩුම ලීසිං වාරික ලබාදීමට කොමර්ෂල් බැංකුව සහ AMW එක් වෙති

ComBank Logo

 




 

 

කොමර්ෂල් බැංකුව යළිත් ඇසෝසියේටඞ් මෝටර්වේස් (ප‍්‍රයිවට්) ලිමිටඞ් (AMW) සමාගම සමග එක්ව තවත් ‘ඇග‍්‍රි ලීස්’ ප‍්‍රවර්ධන වැඩසටහනක් ආරම්භ කර තිබෙන හෙයින් ගොවීන් නිව් හොලන්ඞ් ට‍්‍රැක්ටර මිලදීගන්නා විට යළිත් අඩුම මාසික ලීසිං වාරික මුදල් සහ අනිකුත් ප‍්‍රතිලාභ ලබාගැනීමේ අවස්ථාව උදාවී ඇත.

කෘෂිකාර්මික කටයුතු වලින් ජීවනෝපාය සලසා ගන්නා කොමර්ෂල් බැංකුවේ ගනුදෙනුකරුවන්ට සහයෝගය දැක්වීම සඳහා මෙම ප‍්‍රවර්ධන වැඩසටහන ආරම්භ කර තිබෙන අතර එය 2021 ජුනි 30 වනදා දක්වා බල පැවැත්වේ. බැංකුව සඳහන් කරන්නේ මෙම යෝජනා ක‍්‍රමය යටතේ ට‍්‍රැක්ටර් මිලදීගන්නා ගනුදෙනුකරුවන්ට අඩුම ලීසිං වාරික මුදල් වලට අමතරව ‘ඇග‍්‍රි ලීසිං’ වෙතින් තවත් අගය එකතු කිරීම් සහ ප‍්‍රතිලාභ ලබාදෙන බවයි.

ලීසිං ගැනුම්කරුවන්ගේ ආදායම් වැඩි වන අවස්ථාවල වැඩි වටිනාකමක වාරික ගෙවීමටත් ආදායම් අඩුවන විට අඩු වටිනාකමක වාරික ගෙවීමටත් අවස්ථාව ලබාදීම මෙම ප‍්‍රවර්ධන වැඩසටහන යටතේ ලබාදෙන තවත් ප‍්‍රතිලාභයක් වේ.  ඕනෑම කොමර්ෂල් බැංකු ශාඛාවක් වෙත හෝ AMW ප‍්‍රදර්ශනාගාරයක් වෙත ගොස් ගොවීන්ට මෙම ප‍්‍රතිලාභය ලබාගත හැකිබව බැංකුව සඳහන් කරයි.

කොමර්ෂල් බැංකුවේ ‘ඇග‍්‍රි ලීස්’ ප‍්‍රවර්ධන වැඩසටහන්වල අරමුණ වන්නේ ගොවීන්ට ඉහළම ගුණාත්මක තත්ත්වයෙන් යුතු කෘෂිකාර්මික උපකරණ පහසුවෙන් ලබාගැනීමට මූල්‍ය සහාය ලබාදීම මගින් ඔවුන් සවිබල ගැන්වීමයි. මෙම ප‍්‍රවර්ධන වැඩසටහන් බැංකුවේ කෘෂිකාර්මික සහ ක්ෂුද්‍ර මූල්‍ය නිළධාරීන් සහ AMW සමාගමේ අලෙවි කණ්ඩායම විසින් සිදුකරයි.

නිව් හොලන්ඞ් කෘෂිකාර්මික සන්නාමය ප‍්‍රවේශ විය හැකි තාක්ෂණය භාවිතා කරමින් කෘෂිකාර්මික කාර්යක්ෂමතාවය වර්ධනය කිරීමට විසඳුම් ලබාදීම සඳහා ගෝලීය වශයෙන් කීර්තියක් දරයි. නිව් හොලන්ඞ් විසින් ඉතාමත් පහසුවෙන් භාවිතා කළ හැකි ට‍්‍රැක්ටර්, හාවෙස්ටර් යන්ත‍්‍ර, ද්‍රව්‍ය හැසිරවීමේ සහ බීජ රෝපණය කිරීමේ උපකරණ වැනි නිෂ්පාදන වර්ග 100 කට වැඩි ප‍්‍රමාණයක් මාදිලි 400 කට වැඩි සංඛ්‍යාවකින් ගෝලීයව ඉදිරිපත් කරයි.

ලෝකයේ හොඳම බැංකු 1000 අතරට නම් වූ ප‍්‍රථම දේශීය බැංකුව සහ පිට පිටම දස වතාවක් එසේ නම් වූ එකම ශ‍්‍රී ලාංකේය බැංකුව වන කොමර්ෂල් බැංකුව මෙරට බැංකු ශාඛා 268 ක් සහ ස්වයංක‍්‍රීය ටෙලර් යන්ත‍්‍ර 890 ක් පවත්වාගෙන යයි.

බංග්ලාදේශය තුළ ශාඛා 19 ක් ද මියන්මාරයේ නේ පයිටව් හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ‍්‍රී ලංකාවේ එකම පුද්ගලික වාණිජ බැංකුව කොමර්ෂල් බැංකුව වේ.

 

 

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

1 × 1 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව