නැවත වෘත්තීය ජීවිතයට අවතීර්ණ වන කාන්තාවන් හට රුකුලක් වීම සඳහා අලියාන්ස් ලංකා විසින් “SheResumes” වැඩසටහන දියත් කරයි!

SheResumes-2 (LBN)

කොළඹ, ශ්‍රී ලංකාව – අලියාන්ස් ඉන්ෂුවරන්ස් ලංකා ලිමිටඩ් සමාගම විසින් තම වෘත්තීය ජීවිතයෙන් විවේකයක් ගැනීමෙන් අනතුරුව, නැවත ශ්‍රම බලකාය වෙත අවතීර්ණ වීමට බලාපොරොත්තුවෙන් සිටින කාන්තාවන් සඳහා සහයක් වනු පිණිස මෙම “SheResumes” වැඩසටහන හඳුන්වා දී තිබේ. මෙකී වැඩසටහන, කාන්තාවන් හට නැවතත් වෘත්තීය ජීවිතය වෙත අවතීර්ණ වීමේදී අවශ්‍ය වන දැනුම, කුසලතා සහ ආත්ම විශ්වාසය ඔවුන් වෙත ලබා දීම වෙනුවෙන් විශේෂයෙන්ම නිර්මාණය කර තිබීම මෙහි ඇති විශේෂත්වයයි.

 



 
තම රැකියාවෙන් විවේකයක් ගත් පසු කාන්තාවන් හට මුහුණ දීමට සිදු වන අසීමිත අභියෝග පිළිබඳව හොඳින් අවබෝධ කර ගෙන ඇති අලියාන්ස් ඉන්ෂුවරන්ස් ලංකා ලිමිටඩ් සමාගම විසින් එම කාන්තාවන් වෙත වෘත්තීය පුහුණුව, නිපුණතා පුහුණුව සහ රැකියා සෙවීම සම්බන්ධයෙන්ද සිය උපරිම සහය ලබා දීමට මේ හරහා කටයුතු කරනු ඇත. වැඩසටහන සඳහා සහභාගී වන්නන් හට උසස් තත්ත්වයේ රැකියා පුහුණුවක් හිමි වනු ඇති අතර, ඒත් සමගම ඔවුන් හට යළි රැකියාවක් සොයා ගැනීම පහසු කරලීම වෙනුවෙන් ඔවුන්ව ආයතනික ජාලයක් වෙත සම්බන්ධ කිරීම ද මෙහිදී සිදු වනු ඇත.

“SheResumes” යනු තවත් එක් රැකියා සොයා දෙන වැඩසටහනක් නොවේ. එය කාන්තාවන් බලාත්මක කිරීම වෙනුවෙන් ඔවුන් හට වැඩි අවස්ථා ප්‍රමාණයක් නිර්මාණය කර දීම අරමුණු කර ගත් පුළුල් වැඩසටහනකි. මෙහිදී, අලියාන්ස් ඉන්ෂුවරන්ස් ලංකා ලිමිටඩ් සමාගම විසින් තවත් ආයතන සමග හවුල්කාරීත්වයක් ඇති කර ගැනීම හරහා නැවත වෘත්තීය ජීවිතය වෙත අවතීර්ණ වීමට බලා සිටින කාන්තාවන් වෙනුවෙන් නව රැකියා අවස්ථා බොහොමයක් නිර්මාණය කිරීමට නියමිත ය.

මෙම වැඩසටහන, තම වෘත්තීය ජීවිතය තුළ වසර හතරකට වඩා වැඩි අත්දැකීම්වලින් පිරිපුන් නමුත්, මේ වන විට අවම වශයෙන් වසර තුනක කාලයක් පූර්ණ ලෙස රැකියාවෙන් බැහැරව සිටින සියලුම කාන්තා වෘත්තිකයින් සඳහා විවෘත වේ. “SheResumes” වැඩසටහන, රැකියා සෙවීමට සහය ලබා දීමේ සිට විශේෂ ක්ෂේත්‍ර පුහුණුවක් ලබා දීම දක්වා පුළුල් පරාසයක විහිදෙන අවස්ථා සමගින්, කාන්තාවන් හට සාර්ථක වීම සඳහා අවශ්‍ය සියලුම සම්පත් සපයා දෙනු ඇත.

මේ සඳහා උනන්දුවක් දක්වන ඕනෑම අයෙකු හට, පහත වෙබ් අඩවිය ඔස්සේ ඊට අයදුම් කළ හැකිය: www.allianz.lk

ඒ වගේම, නැවත වෘත්තීය ජීවිතය වෙත අවතීර්ණ වීමට බලාපොරොත්තුවෙන් සිටින කාන්තාවන් හට රුකුලක් වීම සඳහා මෙම වැඩසටහන සමග එක් වන මෙන් අලියාන්ස් ඉන්ෂුවරන්ස් ලංකා ලිමිටඩ්සමාගම විසින් සියලුම ආයතන වෙත මෙහිදී ආරාධනා කරනු ලබයි. අප සියලු දෙනා එක් වුවහොත් ලාංකේය කාන්තා වෘත්තිකයින් හට විශාල සහයක් වීමට අපට හැකියාව ලැබෙනු ඇත.

වැඩි විස්තර සඳහා, හෝ අපත් සමග හවුල් වීම සඳහා කරුණාකර අමතන්න: 011 2303 300

මෙම වැඩසටහන හරහා අලියාන්ස් ඉන්ෂුවරන්ස් ලංකා ලිමිටඩ් සමාගමේ විවිධත්වය සහ සැවොම අන්තර්ගත වෙන පරිසරයක් සඳහා වන කැපවීම තවත් ශක්තිමත් වනු ඇත. ඒ වගේම මෙය අලියාන්ස් සමූහය විසින් ගෝලීය වශයෙන් දියත් කරන ලද “SheResumes” වැඩසටහන සමග ද ඒකාබද්ධ වේ.

අලියාන්ස් ලංකා යනු, ජර්මනියේ මියුනිච් නගරයේ මූලස්ථානය පිහිටා ඇති රක්ෂණ සහ වත්කම් කළමනාකරණය තම ප්‍රධාන සේවාවන් කර ගත් Allianz SE නම් ගෝලීය මූල්‍ය සමාගමේ පූර්ණ අනුබද්ධිත ආයතනයකි.

Home  Facebook

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව