
නවසීලන්තයේදී පැවැත්වීමට නියමිත ජාත්‍යන්තර එක්දින (ODI) සහ විස්සයි, විස්ස T20 තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සඳහා නිල අනුග්‍රහය දැක්වීමට කොමර්ෂල් බැංකුව පියවර ගෙන ඇත.
‘‘ශ්‍රී ලංකාවේ වඩාත් ජනප්‍රිය ක්‍රීඩාව ක්‍රිකට් වන අතර, ශ්‍රී ලංකාවේ සෑමදෙනාම පාහේ රටේ ජාතික ක්‍රිකට් කණ්ඩායම කෙරෙහි දැඩි ඇල්මක් දක්වනවා,’’ යැයි කොමර්ෂල් බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී – පාරිභෝගික බැංකු සේවා සහ අලෙවිකරණ හස්රත් මුණසිංහ මහතා පැවැසීය. ‘‘ජාතික ක්‍රිකට් කණ්ඩායම සමග ඍජුව සම්බන්ධ වීම රටේ ප්රමුඛ පෙළේ සන්නාමයන්ට පමණක් ප්‍රතිචාර දැක්විය හැකි ප්රමුඛ අවස්ථාවක් ලෙස සැලකේ. එසේම ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නාමයක් වන කොමර්ෂල් බැංකුව, ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ODI සහ T20 නවසීලන්ත සංචාරය සඳහා ජාතික වගකීමක් ලෙසින් මෙම උරදීම සිදුකරනවා,’’ යැයිද ඔහු අවධාරණය කළේය.
නවසීලන්ත ශ්‍රී ලංකා සංචාරය ටෙස්ට් තරග දෙකකින්, ODI තරග තුනකින් සහ T20 තරග තුනකින්ද සමන්විත වෙයි. සංචාරය ආරම්භ වූයේ මාර්තු 9 වැනි දින ක්රයිස්ට් චර්ච්හි දීය. මෙම ටෙස්ට් තරග 2021 – 23 ලෝක ක්‍රිකට් කවුන්සිලයේ (ICC) ලෝක ටෙස්ට් තරගාවලියේ චක්‍රයේ කොටසක් වන අතර, පන්දු වාර 50 තරග තුන 2023 ICC පිරිමි ක්‍රිකට් ලෝක කුසලාන සුපිරි ලීගයට අදාල වෙයි.
සේයාරු සටහන :- කොමර්ෂල් බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී – පාරිභෝගික බැංකු සේවා සහ අලෙවිකරණ හස්රත් මුණසිංහ මහතා (දකුණේ) සහ ශ්‍රී ලංකා ක්‍රිකට් අලෙවි ප්‍රධාණී උපුල් නවරත්න බණ්ඩාර මහතා හවුල්කාරිත්වය නිවේදනය කරන අයුරු ඡයාරූපයෙන් දැක්වෙයි.