නවතම විශේෂාංග රැසක් සමගින් SLT-MOBITEL 2021/22 ජාතික ව්‍යාපාර නාමාවලිය එළි දැක්වීමට නියමිතයි

National Business Directory from SLTMOBITEL

 



  • වැඩිදියුණු කිරීම් රැසක් රැගත් නවතම ඩිජිටල් හා මුද්‍රිත නාමාවලි
  • ‘True Call Search’ හරහා සියලුම ලැයිස්තුගත සැපයුම්කරුවන් පිළිබඳ තහවුරු කරන ලද තොරතුරු
  • lk තුළ දිනකට ‘hits’ 10,000 කට අධික සංඛ්‍යාවක්
  • ක්‍රම රැසක් ඔස්සේ ප්‍රතිලාභ ලබන්නට සමස්ත ව්‍යාපාරික ප්‍රජාවට ආරාධනා

SLT-MOBITEL ජාතික ව්‍යාපාර නාමාවලියේ (Rainbow Pages) නවතම සංස්කරණය පසුගියදා නව පෙනුමක් සමඟ, ඩිජිටල් හා මුද්‍රිත ක්‍රම වලින් නිකුත් කිරීමට තීරණය විය. නව සංස්කරණය තුළ ඉතා ප්‍රයෝජනවත් ඩිජිටල් මෙවලම් රැසක් අඩංගු වන අතර, ඊට අමතරව කොවිඩ්-19 රෝග ව්‍යාප්තිය හමුවේ දැඩි දුෂ්කරතාවන්ට මුහුණපා සිටින ව්‍යාපාරික ප්‍රජාවට අත්වැලක් සපයන විශේෂාංග රැසක්ද ඊට ඇතුළත් වී ඇත.

SLT-MOBITEL ජාතික ව්‍යාපාර නාමාවලිය මෙරට ඇති එකම ව්‍යාපාර නාමාවලිය වීම ද විශේෂත්වයකි. එමෙන්ම එය පරිශීලකයන්ට හා ව්‍යාපාර වලට, පිළිගත් දේශීය හා විදේශීය නිෂ්පාදකයන් හා සැපයුම්කරුවන් අතර සබඳතා ගොඩනංවන වඩාත්ම විශ්වාසනීය ව්‍යාපාරික නාමාවලිය ලෙස ද ඇගයීමට ලක්වී ඇත.

“ජාතික ව්‍යාපාර නාමාවලිය යනු සමාගම් හා ආයතන වලට අලෙවිකරණය සඳහා යොදාගත හැකි සුවිශේෂී මෙවලමක්. සන්නිවේදනය කළ යුතු පණිවිඩය දිවයින පුරා වැඩි පිරිසක් අතරට රැගෙන යාමට යොදාගත හැකි තවත් අතිරේක ක්‍රමවේදයන් ගණනාවක් එය සතුයි. විශිෂ්ට මට්ටමේ නිෂ්පාදන හඳුන්වා දීම සඳහා ඇතැම් ව්‍යාපාරයන් මිලියන ගණනින් මුදල් වියදම් කරන බව නොරහසක්. ඇතැම් විට අදාළ ක්ෂේත්‍රයේ සම්පූර්ණ පරිවර්තනයක් ඇතිකිරීමට ඔවුන් බලාපොරොත්තු වෙනවා. ඩිජිටල් ව්‍යාපාර නාමාවලි හරහා ඉතාමත් පහසුවෙන් ගැනුම්කරුවන් හා විකුණුම්කරුවන් එකිනෙකා සම්බන්ධ කළ හැකි බව, අද දවසේ මහාපරිමාණ සමාගම් වලට මෙන්ම සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර වලටත් අමුතුවෙන් පෙන්වා දිය යුතු නැහැ. වෙබ් අඩවිය, අන්තර්ජාල දැන්වීම්, Search Engine Optimization ක්‍රමවේදය, ඩිජිටල් අලෙවිකරණ ක්‍රම, ඊමේල්, පණිවිඩ ක්‍රම වැනි විවිධ ක්‍රම රාශියක් භාවිතයට ගත හැකි නිසා SLT-MOBITEL ජාතික ව්‍යාපාර නාමාවලිය හරහා තමන්ට අවශ්‍ය පාරිභෝගික පිරිසට ආමන්ත්‍රණය කිරීමට ව්‍යාපාරවලට හැකියාව ලැබෙන බව සහතිකයි. ඒ නිසා මෙම බහු-නාලිකා විසඳුම භාවිතා කරමින් වඩාත් පුළුල් පාරිභෝගික ප්‍රජාවක් වෙත තම නිෂ්පාදන හා සේවාවන් සමීප කරවන මෙන් අප සමස්ත ව්‍යාපාරික ප්‍රජාවට ආරාධනා කර සිටිනවා.” යනුවෙන් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් SLT Digital Info Services (පුද්.) සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී උපුල් මංචනායක මහතා පැවසී ය.

වැඩිදියුණු කළ rainbowpages.lk ඩිජිටල් නාමාවලිය ව්‍යාපාරිකයන්ට තම දැන්වීම් පළකිරීම සඳහා ආකර්ෂණීය අවස්ථා රාශියක් ලබාදෙන අතර, එහි ‘true local search’ විශේෂාංගය වැඩි විශේෂත්වයක් උසුළයි. මෙමගින්  දිනකට rainbowpages.lk වෙත පිවිසෙන ගැනුම්කරුවන් හා වෙනත් පරිශීලකයන් 10,000 කට ආසන්න සංඛ්‍යාවකගේ අවධානය දිනාගැනීමට අවස්ථාවක් ලැබේ.

මුද්‍රිත පිටපත් ලෙස මෙන්ම අන්තර්ජාලය හා සම්බන්ධ වන ඩිජිටල් නාමාවලියක් ලෙසද SLT-MOBITEL ජාතික ව්‍යාපාර නාමාවලිය ලබාගත හැක. නිෂ්පාදකයන්, සැපයුම්කරුවන්, සේවා සපයන්නන් සහ මහා පරිමාණ ගැනුම්කරුවන් ඇතුළු, එකිනෙකට වෙනස් කාණ්ඩ වලට අයත් විශාල පිරිසකට මෙහිදී එකිනෙකා සමග සම්බන්ධ වීමට අවස්ථාව ලැබෙනු ඇත.

නව විශේෂාංග ඇතුළත් කර ඇති, අවශ්‍ය දේ වඩාත් පහසුවෙන් සොයාගැනීමට හැකි වන ආකාරයට සැලසුම් කර තිබෙන, දිනපතා යාවත්කාලීන කරනු ලබන මෙම සජීවී නාමාවලියෙන් උපරිම ප්‍රයෝජන ලබාගන්නා මෙන් SLT-MOBITEL සමාගම, මෙරට ව්‍යාපාරික ප්‍රජාවට ආරාධනා කර සිටියි. මෙහි මුද්‍රිත පිටපත් ද නුදුරේදීම නිකුත් කිරීමට සැලසුම් කර තිබේ.

 




 

 

ජංගම දුරකථන ඔස්සේ ද පහසුවෙන් භාවිතා කළ හැකි rainbowpages.lk වෙබ් අඩවිය, ජංගම දුරකථන යෙදුමක් (App), CD තැටියක් සහ පැය 24 පුරා ක්‍රියාත්මක ඇමතුම් මධ්‍යස්ථානය (ස්ථාවර දුරකථන: 1212, ජංගම දුරකථන: 444) වැනි ක්‍රම කිහිපයක් ඔස්සේ මෙම නාමාවලිය භාවිතා කළ හැකි වේ. ජනතාවගේ මෙන්ම සමාගම් හා ආයතන වල වෙනස්වන අවශ්‍යතා සැලකිල්ලට ගනිමින් මේ ආකාරයට එකිනෙකට වෙනස් ක්‍රමවේදයන් කිහිපයක් හඳුන්වා දීමට SLT-MOBITEL කටයුතු කර ඇත.

ශ්‍රී ලංකාවේ වාණිජ ක්ෂේත්‍ර රාශියක් නියෝජනය කරන පෞද්ගලික හා රාජ්‍ය සමාගම් හා ආයතන 6,000 කට වැඩි සංඛ්‍යාවක් විසින් පළකරන ලද හා තහවුරු කරන ලද ලුහුඬු හා ලුහුඬු නොවන දැන්වීම් 170,000 කට වැඩි සංඛ්‍යාවක් ඇතුළත් මෙරට එකම ව්‍යාපාරික නාමාවලිය, SLT-MOBITEL ජාතික ව්‍යාපාර නාමාවලියයි.

එමෙන්ම, රජයේ මාර්ගෝපදේශයක් අනුව, සියලුම රජයේ ආයතන යම් භාණ්ඩ හා සේවා මිලදී ගැනීමේදී පළමුව, SLT-MOBITEL ජාතික ව්‍යාපාර නාමාවලියේ ලියාපදිංචි වී සිටින සැපයුම්කරුවන්ගෙන් මිල යෝජනා හෝ මිල ප්‍රකාශයන් ලබාගත යුතු ය.

වසරකට වරක් ලැබෙන මේ මහඟු අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගනිමින් SLT-MOBITEL ජාතික ව්‍යාපාර නාමාවලියේ ලියාපදිංචි වන මෙන් SLT-MOBITEL දැන්වීම්කරුවන්ට ආරාධනා කර සිටී. මෙය හුදෙක් තම ව්‍යාපාරයට ප්‍රචාරයක් ලබාදීමට පමණක් නොව, තරගකාරී වෙළඳපොළක් තුළ තම ව්‍යාපාර කටයුතු වර්ධනය කරගැනීමටද ලැබෙන සුවිශේෂී අවස්ථාවකි.

SLT-MOBITEL ජාතික ව්‍යාපාර නාමාවලිය (Rainbow Pages) යනු හුදෙක් දුරකථන නාමාවලියක් පමණක් නොවේ. එය ඩිජිටල් හා මුද්‍රිත ක්‍රම වලින් ලබාගත හැකි, ඉතාමත් පුළුල් පරාසයක පැතිරුණු තොරතුරු ලබාදෙන ව්‍යාපාර නාමාවලියකි. ඒ ඔස්සේ ගැනුම්කරුවන්ට වඩාත් හොඳින් දැනුවත්ව, නිවැරදි තීරණ වලට එළඹිය හැකි වේ. ශ්‍රී ලංකාවේ ඉහළම මට්ටමේ සමාගම් ඇතුළුව සමාගම් හා ආයතන 6,000 කට අධික සංඛ්‍යාවක් තම ව්‍යාපාර කටයුතු පිළිබඳ තොරතුරු ජනතාව වෙත සන්නිවේදනය කිරීම සඳහා SLT-MOBITEL ජාතික ව්‍යාපාර නාමාවලිය කෙරෙහි විශ්වාසය තබා ඇත. ඕනෑම කෙනෙකුට ලොව ඕනෑම ස්ථානයක සිට ශ්‍රී ලංකාවේ ව්‍යාපාර සම්බන්ධ තොරතුරු SLT-MOBITEL ජාතික ව්‍යාපාර නාමාවලිය තුළින් ලබාගැනීමට හැකිවීම මීට එක් ප්‍රධානතම හේතුවකි. ශ්‍රී ලංකාවේ එකම ජාතික ව්‍යාපාර නාමාවලිය ලෙස SLT Rainbow Pages වසරකට ව්‍යාපාර අතර (B2B), ව්‍යාපාර හා රජය අතර (B2G), සහ ව්‍යාපාර හා පාරිභෝගිකයන් අතර (B2C) ගනුදෙනු මිලියන ගණනක් සඳහා අවශ්‍ය පසුබිම සකස් කර දෙයි.

 

 

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව