දීප ව්‍යාප්ත “Be. Anywhere.” දීමනාව පිරි නමමින් හච් තවදුරටත් වේගවත් වෙයි

1

ශ්‍රී ලාංකේය පාරිභෝගිකයින් හට හච් පිරිනමන, නවතම වටිනා දීමනාව වන “Be. Anywhere.” සැලැස්ම ස්වකීය කාර්ය මණ්ඩලයට හඳුන්වා දීම සඳහා හච් විසින් පසුගියදා වැඩසටහනක් සංවිධානය කෙරිණි. හච් දිවයින පුරා ගෙන ගිය සම්පූර්ණ ජාල ආවරණය මගින් අසීමිත සම්බන්ධතාවයක් පිරි නමමින්, මේ වන විට කොතෙක් දුරට ‘දැවැන්ත හා සමීප  ̓ ජාල සැපයුම්කරුවකු බවට පරිවර්තනය වී ඇත්දැයි යන්න පෙන්නුම් කර තිබේ. රටපුරා  2G හා 3G ජාලය තවදුරටත් ව්‍යාප්ත කරමින්ද, නවතම 4G ජාලය පිහිටුවමින්ද,‍් එමගින් රටේ කොතැනක සිට වුව, හච් පිරි නමන සුවිශේෂී දීමනා සඳහා ප්‍රවේශ වීමට ස්වකීය පාරිභෝගිකයින් බල ගන්වමින් හච් මේ වන විට දිවයින පුරා දිස්ත්‍රික්ක 25 ම ආවරණය කරමින් 95% ක ආවරණයක් සපයා තිබේ. සමස්ත ක්‍රියාවලිය, හච් ජ්‍යෙෂ්ඨ කළමණාකාරිත්වය සමග එහි ප්‍රධාන විධායක නිලධාරී තිරුකුමාර් නඩරාසා මහතාගේ මෙහෙයවීමෙන් සිදු කෙරිණි. දිවයින පුරා ව්‍යාප්ත එහි නවතම 4G ජාලය සමග පාරිභෝගිකයින්ට පහසු, විශේෂයෙන් සැලසුම් කළ නව්‍යතම නිෂ්පාදන හා සේවා ඇතුළත් තෝරා ගැනීමක් සඳහා හච් දැන් ශක්තිමත් පදනමක් දමා තිබේ. ස්වකීය කාර්ය මණ්ඩලය අරමුණු කර ගනිමින් පැවැත්වුණු වැඩසටහන, මාස 12 ක් ඇතුළත සමාගමේ ඉලක්කය වෙත ළඟා වීම පිළිබඳ සන්නිවේදනය කරමින් පවත්වන ලද්දකි. එය, ශ්‍රී ලංකාවේ වේගයෙන් ව්‍යාප්ත වන ප්‍රමුඛ පෙළේ දුරකතන සන්නිවේදන සේවා සැපයුම්කරුවකු ලෙසින්, හච් හි ඉදිරි සැලසුම් පිළිබඳව එහි කාර්ය මණ්ඩලයට අවබෝධයක් ලබා ගැනීමටත් එම සැලසුම් සමග ඉදිරියේදී ඔවුන්ට සම්බන්ධ වීමටත් අවස්ථාව සලසමින් පැවැත්වුණු සාර්ථක වැඩසටහනක් විණි.

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

5 + sixteen =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව