දිවයින පුරා 4G ආවරණය ශක්තිමත් කිරීම සඳහා එයාර්ටෙල් ජාලය තවත් පුළුල් කරයි

Airtel 4G Logo horizantal white on red-01

 



 

 

ජාත්‍යන්තර සන්නිවේදන දැවැන්තයෙකු වන භාරතී එයාර්ටෙල් ලිමිටඞ් හි අනුබද්ධිත සමාගමක් වන එයාර්ටෙල් ලංකා දිවයින පුරා සිය නව 4G ජාලය උපායමාර්ගිකව ව්‍යාප්ත කිරීමට සැලසුම් කර ඇති බව නිවේදනය කර සිටී.

ඒ අනුව 4G ආවරණ ජාලය ව්‍යාප්ත කිරීමේදී දැනට ස්ථාපිත කර ඇති 4G සන්නිවේදන කුළුණු 2,000 ට අමතරව රට පුරා නව 4G සන්නිවේදන කුළුණු 400කට අධික ප‍්‍රමාණයක් ස්ථාපිත කරමින් පවතියි.

මෙම නව 4G කුළුණු ස්ථාපිත කරමින් වඩාත් ජනාකීර්ණ ප‍්‍රදේශ මෙන්ම ග‍්‍රාමීය ප‍්‍රදේශ ද ආවරණය වන පරිදි සිය 4G ආවරණය දිවයින පුරා ව්‍යාප්ත කිරීමට එයාර්ටෙල් ලංකා සැලසුම් කර ඇත. ඉතා ආකර්ෂණීය ලෙස වැඩිදියුණු කළ ගෘහස්ත ආවරණයක් සහ ශක්තිමත් සංඥා පද්ධතියක් සමඟ සුපිරි ස්මාර්ට් ජංගම දුරකතන අත්දැකීමක් පාරිභෝගිකයා වෙත ලබා දීමට එයාර්ටෙල්හි වැඩිදියුණු කළ 4G ජාලය පුළුල් ආවරණයක් සහ ධාරිතාවකින් යුතුව කදිම සුසංයෝජනයක් ලබා දෙයි.

ඉදිකිරීමට සැලසුම් කරන ලද නව 4G කුළුණුවලින් තුනෙන් එකක් දැනටමත් සම්පූර්ණ කර ඇති අතර, මේ වන විට ඉදිකර අවසන් 4G කුළුණුවලින් ජනගහනයෙන් මිලියනයකට වඩා වැඩි ප‍්‍රමාණයක් ආවරණය කිරීමට ඇස්තමේන්තු කර තිබේ. සමාගම සිය ජාල ව්‍යාප්තිය වේගවත් කිරීමට ප‍්‍රමුඛ හේතුවක් වූයේ වසංගතයත් සමඟ නව සාමාන්‍යයකරණය යටතේ data භාවිතය දෙගුණයකින් වැඩි වීමයි.

”අපගේ මෙම උපායමාර්ගික සීඝ‍්‍ර ව්‍යාප්තිය දිවයින පුරා සිටින අපගේ පාරිභෝගිකයින්ට ජාත්‍යන්තර මට්ටමේ 4G හැකියාවන් සහිත නැවුම් සහ වැඩිදියුණු කළ ජාල අත්දැකීමක් සමඟින් සෘජුවම ප‍්‍රතිලාභ විඳ ගැනීමට ඉඩ ප‍්‍රස්ථාව සලසන බව මට විශ්වාසයි. ප‍්‍රමාණවත් හෝ වැඩිපුර ආවරණයක් ලැබෙන තුරු, අප අපගේ 4G ජාලය ව්‍යාප්ත කිරීමේ වැඩසටහන අඛණ්ඩව සිදු කරගෙන යන අතර සුදුසු කාලය පැමිණි විගස 5G තාක්ෂණය වෙත අඛණ්ඩව පාරිභෝගිකයින් සමීප කරවීමට අප බලපොරොත්තු වනවා.” යනුවෙන් එයාර්ටෙල් ලංකා ප‍්‍රධාන විධායක නිලධාරී/කළමනාකාර අධ්‍යක්ෂ අශීෂ් චන්ද්‍රා මහතා පැවසුවේය.

මෙම වැඩසටහන හරහා එයාර්ටෙල් පරිශීලකයින්ට අන් කවරදාටත් වඩා උසස් ජාල අත්දැකීමක් භුක්ති විඳීමට අවස්ථාව සැලසේ. නව පෙරගෙවුම් සහ පසුගෙවුම් පැකේජ සමඟින් එයාර්ටෙල් මෑතකදී ‘Freedom Packs’ සමඟ සිය 4G සේවාවන් දියත් කළේය. 2009 දී මෙරට මෙහෙයුම් ආරම්භ කළ දා සිට එයාර්ටෙල් විසින් ශ්‍රී ලංකාව තුළ සිදු කරන ලද විශාලතම තනි ආයෝජනය ලෙස මෙම ‘Freedom Packs’ හැඳින්විය හැකිය. එයාර්ටෙල් හි purpose-built 4G සේවාව මගින් 99%ක් buffering රහිත වීඩියෝ නැරඹීමේ හැකියාව හා 4G සංඥා සමඟින් වැඩි දියුණූ කළ අසමසම ගෘහස්ත ආවරණය ඇතුළුව පරීශීලකයාට සුපිරි අත්දැකීමක් ලබා දීමට අපේක්ෂා කරයි.

මේ යටතේ දරුවන්ගේ සිට වැඩිහිටියන් දක්වා වූ සෑම පරිශීලකයෙකුටම online අධ්‍යාපන කටයුතු, නිවසේ සිට වැඩ කිරීම සහ අන්තර්ජාලය හරහා එකිනෙකා සමඟ සම්බන්ධ වීම ආදී කටයුතු ඇමතුම් බිඳවැටීම්, බාධා ඇතිවීම් හා ආවරණ දෝෂවලින් තොරව භුක්ති විඳිය හැකිය.

දිවයින පුරා සිය ආවරණ ජාලය පුළුල් කිරීමේ වැඩපිළිවෙලට අමතරව සියලූම ශ‍්‍රී ලාංකිකයන්ට එක සමාන අන්තර්ජාල පහසුකම් වෙත ප‍්‍රවේශය සලසා දෙමින් ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසන් සභාව (TRCSL) ‘’ගමට සන්නිවේදනය’’ වැඩසටහන සමඟ එක්ව කටයුතු කරයි. මෙමගින් දුර්වල ජාල ආවරණයක් සහිත ග‍්‍රාමීය දිස්ත‍්‍රික්කවල ඩිජිටල් පරතරය අවම කිරීමට අරමුණු කරයි. එමෙන්ම 2022 වන විට දීප ව්‍යාප්තව 100%කට ආසන්න ආවරණයක් ලබා දීමට මෙමගින් බලාපොරොත්තු වේ.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

2 × two =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව