තවත් රෝහල් හයකට අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ කොමර්ෂල් බැංකුවෙන් පිරිනැමේ

Hospital donations - July 2021 - Composite

 




 

 

රජයේ රෝහල්වල හදිසි සත්කාර පහසුකම් ශක්තිමත් කිරීමේ සහ සෞඛ්‍ය සේවා අංශයට ලබාදෙන අඛණ්ඩ සහයෝගයේ පියවරක් ලෙස තවත් රජයේ රෝහල් හයකට අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ කොමර්ෂල් බැංකුව විසින් පිරිනමා ඇත.

නොමේරූ ළදරුවන්ට ශ්වසන සහාය සැපයීම සඳහා අඛණ්ඩ ධනාත්මක වායු පීඩන උපකරණ (CPAP), රුධිරවාහිනී හරහා රුධිර ප‍්‍රවාහය තක්සේරු කිරීමේ පරීක්ෂණ සිදු කිරීමට භාවිතා කරන අතේ ගෙන යා හැකි ඩොප්ලර් යන්ත‍්‍රයක්, රුධිරයේ ඔක්සිජන් මට්ටම නිරීක්ෂණය කිරීම සඳහා භාවිත කරන ස්පන්දන ඔක්සිමීටර් 50ක්; ස්පන්දන වේගය, ශ්වසන වේගය, රුධිර පීඩනය, රුධිර ප‍්‍රවාහ සහ රුධිරයේ ඔක්සිජන් මට්ටම නිරීක්ෂණය කිරීම සඳහා අවශ්‍ය ‘මල්ටිපැරා‘ නිරීක්ෂක හයක්, ස්වභාවික පරිසරයේ ඇති ඔක්සිජන් උපුටා ගත හැකි ඔක්සිජන් සාන්ද්‍රණ යන්ත‍්‍ර දෙකක්, කොර්මර්ෂල් බැංකුවේ සමාජ සත්කාරක භාරයේ නවතම පරිත්‍යාගවලට ඇතුළත්ය.

කොමර්ෂල් බැංකුවේ මාවනැල්ල, පස්සර සහ පේරාදෙණිය ශාඛාවල සහයෝගය ඇතිව පේරාදෙණිය ශික්ෂණ රෝහලත් කොහුවල ශාඛාවේ සහායෙන් දකුණු කොළඹ ශික්ෂණ රෝහලත් මහනුවර ශාඛාවේ සහායෙන් උඩුගම මූලික රෝහලත් හතරලියද්ද ප‍්‍රාදේශීය රෝහල සහ කඩුගන්නාව ප‍්‍රාදේශීය රෝහලත් කුලියාපිටිය ශාඛාවේ සහායෙන් කුලියාපිටිය ශික්ෂණ රෝහලත් මෙවර සිදු කළ පරිත්‍යාගවලින් ප‍්‍රතිලාභ ලැබූ රෝහල්වලට ඇතුළත්ය.

මෙම වසරේ ජුනි මාසය වන විටත්, කොවිඞ්-19 වසංගතයට ප‍්‍රතිචාර වශයෙන් ආරම්භ කරන ලද මෙම වැඩසටහන යටතේ රජයේ රෝහල් 16කට වැඩි ගණනකට සහ දිවයින පුරා පිහිටි සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාල (MOH Offices) සඳහා වෛද්‍ය උපකරණ සහ පුද්ගලික ආරක්ෂක කට්ටල කොමර්ෂල් බැංකුවෙන් ලබා දී ඇත.

වසංගත සමයේ මෙරට වෛද්‍ය සේවා වැඩි දියුණු කිරීම සඳහා සිදු කළ මෙම පරිත්‍යාගවලට අමතරව, පසුගිය වසරේ දී ශ‍්‍රී ලංකා රජය විසින් පිහිටුවන ලද ජාතික කොවිඞ්-19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදල සඳහා කොමර්ෂල් බැංකුව විසින් මූල්‍ය පරිත්‍යාගයක් සිදු කෙරිණි. රටේ සෞඛ්‍ය සේවා අංශයේ ප‍්‍රමුඛතම අනුග‍්‍රාහකයකු වන කොමර්ෂල් බැංකුව මේ වන විට රජයේ ළමා හා මාතෘ රෝහල් 50කට වැඩි ගණනක යටිතල පහසුකම් සහ දැඩි සත්කාර උපකරණ ලබා දීමේදී ප‍්‍රධාන කාර්යභාරයක් ඉටු කර ඇත.

පරිසරයට කාබන් මුදාහැරීම සම්පූර්ණයෙන්ම තුලනය කළ ශ‍්‍රී ලංකාවේ එකම බැංකුව වන කොමර්ෂල් බැංකුව ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පිට පිටම 11 වතාවක් තේරී පත්වූ එකම ශ‍්‍රී ලාංකේය බැංකුව වන අතර මේ වනවිට දිවයින පුරා බැංකු ශාඛා 268 ක් සහ ස්වයංක‍්‍රීය යන්ත‍්‍ර 931 ක් ක‍්‍රියාත්මක කරයි. බංග්ලාදේශය තුළ ශාඛා 19 ක් ද මියන්මාරයේ නේ පයිටව් හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ‍්‍රී ලංකාවේ එකම පුද්ගලික වාණිජ බැංකුව කොමර්ෂල් බැංකුව වේ.

 

 

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව