ඩුබායිහි පැවැත්වෙන ශ්‍රී ලංකා වෙ‍ෙළඳ ප්‍රදර්ශනය 2024 සඳහා Aviyana හෝටලය ප්‍රධාන අනුග්‍රාහකත්වය සපයයි

Sri Lanka Trade Fair (LBN)

ශ්‍රී ලංකාවේ ප්‍රථම තරු හතේ හෝටලය වන Aviyana හෝටලය, ව්‍යාපාර සහ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමේ පියවරක් ලෙස, ඩුබායිහි පැවැත්වෙන ශ්‍රී ලංකා වෙළෙඳ ප්‍රදර්ශනය 2024 සඳහා ප්‍රධාන අනුග්‍රාහකත්වය දක්වයි. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායිහි ක්‍රවුන් ප්ලාසාහිදී 2024 නොවැම්බර් 2 සහ 3 යන දිනවල මෙම ප්‍රර්ශනය පැවැත්වේ. ශ්‍රී ලංකා වෙළෙඳ ප්‍රදර්ශනය 2024 යනු ශ්‍රී ලංකාවේ අපනයනකරුවන් සහ ගල්ෆ් ගැනුම්කරුවන් අතර ව්‍යාපාරික සබඳතා ගොඩ නඟන අවස්ථාවක් වන අතර එහිදී ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයන්ට සිය නිෂ්පාදන ප්‍රදර්ශනය කිරීමට ගෝලීය වේදිකාවක් සැකසේ. මෙම ප්‍රදර්ශනයට මැණික් හා ස්වර්ණාභරණ, කුළුබඩු, පොල් නිෂ්පාදන, තේ, රෙදිපිළි සහ තවත් බොහෝ කර්මාන්තකරුවෝ රැසක් සහභාගී වෙති.
 



 

“ශ්‍රී ලංකා වෙළෙඳ ප්‍රදර්ශනය 2024 සඳහා ප්‍රධාන අනුග්‍රාහකත්වය දැක්වීමට ලැබීම ගැන අපි ආඩම්බර වෙනවා. සුඛෝපභෝගී සංචාරක ක්ෂේත්‍රයට මෙන්ම අනෙකුත් ව්‍යාපාර ක්ෂේත්‍රවලටද සහාය දීම අපගේ වගකීමක්. ශ්‍රී ලංකාව සුඛෝපභෝගී සංචාරක ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනය කිරීමට මෙන්ම ජාත්‍යන්තර ව්‍යාපාර ක්ෂේත්‍රයේ නැගී එන කේන්ද්‍රස්ථානයක් ලෙස ප්‍රවර්ධනය කිරීමට අපට දැඩි උනන්දුවක් තිබෙනවා. එම උනන්දුව මල් ඵල ගැන්වීමක් ලෙස ශ්‍රී ලංකා වෙළෙද ප්‍රදර්ශනයේ ප්‍රධාන අනුුග්‍රාහකයා බවට පත් වීම හඳුන්වන්න පුළුවන්.” Aviyana හෝටලයේ ප්‍රකාශකයෙක් පැවසීය. ශ්‍රී ලංකාවේ ප්‍රථම තරු හතේ හෝටලය වන Aviyana හෝටලය සංචාරකයන්ට සුඛෝපභෝගීත්වයේ උපරිමය පිරිනමමින් නිදහස් හා නිස්කලංක සංචාරක අත්දැකීමක් සපයයි. ඔවුන් සතු සුඛෝපභෝගී නවාතැන් පහසුකම් සහ ජාත්‍යන්තර මට්ටමේ අසමසම සේවා හා පහසුකම් තුළින් Aviyana හෝටලය මෙරට සංචාරක කර්මාන්තයේ නව සන්ධිස්ථානයක් සනිටුහන් කරයි.
 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව