ඩිජිටල්කරණ වැඩසටහන හරහා සෑම ශ්‍රී ලාංකික පුරවැසියකුටම කොටස් වෙළෙදපොළට පහසුවෙන් හා ඉක්මනින් ප්‍රවේශ වීමේ අවස්ථාව

Hon

කොළඹ කොටස් හුවමාරුව සහ ශ්‍රී ලංකා සුරැකුම්පත් විනිමය කොමිෂන් සභාව එක්ව හඳුන්වා දෙනලද  කොටස් වෙළෙදපොළ ඩිජිටල්කරණ ක්‍රමවේදය ජනගත කිරීම  නිමිත්තෙන්  ගරු අග්‍රාමාත්‍ය මහින්ද  රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් විශේෂ උත්සවයක් කොළඹ කොටස් හුවමාරු පරිශ්‍රයේදී අද දිනයේ පවත්වන ලදී. මෙම සැමරුම් උත්සවයේ  තේමාව වනුයේ “අනාගතයට අධි පිම්මක්” නැතහොත් “Hyper leap to the future” යනුවෙනි.

මෙම උත්සවයට සදහා ගරු  රාජ්‍ය  අමාත්‍යය අජිත් නිවාඩ් කබ්රාල් මහතා, ගරු  රාජ්‍ය  අමාත්‍යය ලොහාන් රත්වත්ත මහතා සහ  ශ්‍රී ලංකා විදේශ දුත මණ්ඩලවලින් පැමිණෙන ජ්‍යෙෂ්ඨ ආරාධිතයින්, තැරැව්කාර  සමාගම්, ලැයිස්තුගත සමාගම් සහ ශ්‍රී ලංකා ව්‍යාපාරික ප්‍රජාවද සහභාගී විය.

කොළඹ කොටස් වෙළදපොළෙහි මුලික ක්‍රියාකාරකම්   ඩිජිටල්කරණය කිරීමට යාමේදී අවශ්‍ය පියවරන් සහ යාන්ත්‍රණයන් හදුනා ගැනීමේ අරමුණ ඇතිව, ජනාධිපති නීතිඥ ශ්‍රී ලංකා සුරැකුම්පත් විනිමය කොමිෂන් සභාවෙහි සභාපති විරාජ් දයාරත්න මහතාගේ අදහසකට අනුව කොළඹ කොටස් හුවමාරුව සහ ශ්‍රී ලංකා සුරැකුම්පත් විනිමය කොමිෂන් සභාවෙහි එකාබද්ධ නියෝජිතයන්ගෙන් සමන්විත කමිටුවක්  පිහිටුවන ලදි. මේ අනුව ඊට සම්බන්ධ සියලු  පාර් ශවකරුවන් සමග සම්බන්ධ විය හැකි අයුරින් සහ පරිශීලක අත් දැකීම්වලින් සහ සියළු පාර් ශව අතර  සක්‍රිය ක්‍රියාකාරිත්වයක්  ළගා කරගත හැකි පරිදි සියලුම කටයුතු විද්‍යුත්කරණයට ලක්වන අයුරින් උපායමාර් ග ක්‍රමෝපාය සකස් කරන ලදී.

 

මෙම මුල් පිරීමේදී ප්‍රථම පියවර වනුයේ මුද්‍රිත ප්‍රකාශන නිකුත් කිරීම අත්හිටුවමින් ගිණුම් ප්‍රකාශන නිකුත් කිරීම සඳහා විද්‍යුත් ක්‍රමවේදය (electronically) වැනි විධිමත්  ක්‍රමවේදයක් හරහා පහසුකම් සැලසීම සහ ලැයිස්තුගත සමාගම් විසින්         ලාභාංශ ගෙවීම් කිරිමේදී කොටස් හිමියන්ගේ  බැංකු ගිණුම්  වෙත ඍජුවම විද්‍යුත් තැන්පතු  හරහා ලාභාංශ ගෙවිම් කරුනු  ලැබේ. අද දිනයේ මෙම දෙවැනි අදියර ඩිජිටල්කරණ වැඩසටහන හරහා නව ආ යෝ ජකයින් හට ශාඛා කාර් යාලයකට නොගොස්  මධ්‍යම  තැන්පතු ගිණුමක් විවෘත කිරීමට අවස්ථාව හිමි වේ.

තවදුරටත් ඩිජිටල්කරන ක්‍රමවේදයන් ක්‍රියාවට  නැංවෙන අතර මූලිකව වෙබ් අඩවි වඩාත් සුගම ක්‍රියාකාරීත්වයකින් යුක්ත  ඒවා බවට පත් කරමින් ද එහි  දෙවන අදියර ලෙස කොටස් වෙළෙඳපොල ඉතිහාසයේ පරිව ර්  නීය ඩිජිටල් හඳුවාදීමක් ලෙස  සැලකිය හැකි CSE ජංගම දුරකථන යෙදුම හරහා දිවයින පුරා විසිරී සිටින ආයෝජකයින්ට කොටස් වෙළෙඳපොල හෝ තැරව්කාර ආයතන වලට යාමකින් තොරව ගිණුම් ආරම්භ කිරීමේ පහසුව සලසා දී තිබේ. එමඟින් නව ආයෝජකයින්ට කොටස් ගනුදෙනු සඳහා අවතීර්ණ වීම කෙරෙහි බාධාවක්ව පවතී දුරස්ථ භාවයේ ගැටළු මගහැරී යනු ඇත. එපමණක්ද නොව වඩාත් හැසිරවීමේ පහසුව සහ විශාල තොරතුරු ප්‍රමාණයක් අන්තර්ගත කරමින් CSE , SEC හා CDS වෙබ් අඩවි නව්‍යකරණයට ලක් කර තිබේ. සුවිශේෂී වශයෙන් ආයෝජන අධ්‍යාපනය හා මූල්‍ය සාක්ෂරතාව අරමුණු කරගනිමින් ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව හඳුනවා දෙනලද YouTube නාලිකාවද අද දිනයේ එළිදක්වන ලදී.

ආයෝජනය කිරීමට බලාපොරොත්තු  වන නව  අයෝජකයින් හට ක්ෂණිකව ආයෝජනය කල හැකි වන අයුරින් කොළඹ කොටස් හුවමාරුවෙහි ජංගම දුරකථන යෙදුමෙහි  නවතම සං ස්කරණයක් හරහා ගිණුම් විවෘත කල හැකි අතර වෙළෙද ගනුදෙනු සිදු කිරීම, ගෙවීම් පියවීම සහ සිය ගිණුම් ඕනෑම ස්ථානයක  කැමති වේලාවක පහසුවෙන් නිරික්ෂණය කල හැක.  මේ අනුව දැනුවත් ආයෝජන තීරණ ලබා ගත හැකි වන අයුරින්  පර් යේෂණ වාර් තා සහ සියලු ආයෝජකයින්ට සරිලන පරිදි   අධ්‍යාපනික උපාංග වලට මේ  හරහා ප්‍රවිශ්ට විය හැක. තවද මෙ ම නිර් මාණ ය  තුලින් තවදුරටත් මෙම යෙදුමට වැඩි වටි නා කමක් ලබා දෙමින්  එනම්  කොටස් ගනුදෙනු සදහා වන  මුලික සිද්ධාන්ත අභිබවා සියලු සමාගම් වලට  මාධ්‍ය නිවේදන බෙදා හැරීම සහ ආයතනික වීඩියෝව නැරඹීම  සහ සම්බන්ධ වන  සියලු දෙනාටම ඩිජිටල් අත් දැකි ම ක් ලබා ගත හැක.

කොළඹ කොටස් හුවමාරුව සහ ශ්‍රී ලංකා සුරැකුම්පත් විනිමය කොමිෂන් සභාව ආරම්භයේ සිටම කොටස් වෙළෙදපොළ තුල පරිවර්තනීය වෙනසක්  කිරීමට කටයුතු කල අතර ශ්‍රී ලංකා මුල්‍ය වෙළදපොළ නව්‍යකරණයට,          ආයෝජකයින්, ලැයිස්තුගත සමාගම් සහ අනිකුත් පාර් ශවකරුවන් හට සිය අයෝජන අත් දැකීම් වැඩිදියුණු කරගැනී මට බැදී සිටි.  කොළඹ කොටස් වෙළදපොළ ඩිජිටල්කරණය මගින් අනා ගතයේ දී  ශ්‍රී ලංකාව   ගෝ ලී ය මුල්‍ය මධ්‍යස්ථානය ක් ලෙස  ත හ වුරු කරගැනී මට හැකි වීම නිසා කොටස් වෙළදපොළ ප්‍රති රූ පය වෙනස් කරමින් අනාගතයට අධි පිම්මක් නැතහොත් “Hyper leap to the future” අත්පත්  කර ගත හැක.

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව