ජේ එෆ් පැකේජින් සමාගම සිය මූලික මහජන කොටස් නිකුතුව (IPO) ප්‍රකාශයට පත් කරයි; ආයෝජක සමුළුව 2025 ඔක්තෝබර් 21 දින පැවැත්වීමට නියමිතයි.

Image

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නම්‍යශීලී ඇසුරුම්කරණ විසඳුම් සපයන්නෙක් මෙන්ම, ක්ෂේත්‍රයේ සම්මාන රැසකින් පිදුම් ලැබූ නවෝත්පාදකයෙකු වන ජේ එෆ් පැකේජින් සමාගම, සිය සාමාන්‍ය ඡන්ද හිමි කොටස් සඳහා වන මූලික මහජන කොටස් නිකුතුව (Initial Public Offering) නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමට සූදානම් වේ.

සමාගමේ මෙහෙයුම් කටයුතු, ව්‍යාපාර ආකෘතිය සහ අනාගත වර්ධන සැලසුම් පිළිබඳව අනාගත ආයෝජකයින්ට ගැඹුරු අවබෝධයක් ලබා දීමේ අරමුණින්, ආයෝජක සමුළුව 2025 ඔක්තෝබර් මස 21 වන දින පැවැත්වීමට නියමිතය.

ලොව පුරා සිටින ආයෝජකයින්ට මාර්ගගත වීඩියෝ තාක්ෂණය (online video stream) ඔස්සේ මෙම සමුළුවට සම්බන්ධ වීමට ආරාධනා කෙරෙන අතර, එමගින් සමාගමේ කළමනාකාරීත්වය සමඟ සෘජුවම අදහස් හුවමාරු කර ගැනීමට අනගි අවස්ථාවක් උදා වේ. මෙම ආකර්ෂණීය ආයෝජන අවස්ථාව පිළිබඳව වටිනා අවබෝධයක් ලබා ගැනීම සඳහා මෙම සමුළුවට එක්වන ලෙස උනන්දුවක් දක්වන සියලුම පාර්ශ්වයන්ට සමාගම ගෞරවයෙන් ආරාධනා කර සිටියි.

 

Home  Facebook

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව