ජැකලින් ෆර්නැන්ඩස් හෝම් ලෑන්ඩිස් සමඟ එක්ව ශ්‍රී ලංකාවේ සුඛෝපභෝගී නිවහන් රටාව අලුත් කරන්නට සූදානම් .

image 01 (LBN)

ශ්‍රී ලංකාවෙන් බිහිවූ ජාත්‍යන්තර සිනමා තාරකාවක් වන ජැකලින් ෆර්නැන්ඩස්, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සහ විශ්වසනීයම දේපළ වෙළඳාම් සන්නාමය වන හෝම් ලෑන්ඩ්ස් සමූහය සමඟ නිළ සහයෝගීතාවයකට එළඹුණා.

විශිෂ්ටත්වයේ අනාගතය දකින ශ්‍රී ලාංකීය සන්නාමයක් වන හෝම් ලෑන්ඩ්ස් සහ  ලොව පුරා ප්‍රේක්ෂකයන් දක්ෂතාවයෙන් සුන්දරත්වයෙන්, ආදරයෙන් ආකර්ෂණය කරගත් ජාත්‍යන්තර තලයේ බැබළෙන  තාරකාවක් අතර ඇතිකරගත් මෙම සහයෝගිත්වය ඔස්සේ ශ්‍රී ලාංකීය සුපිරි නිවහන් ක්ෂේත්‍රයේ නව්‍ය , චමත්කාරජනක යුගයක් උදා වනවා.




“අනන්‍ය උරුමය මත ගොඩනැගුණ විශ්වාසය සහ ගතිකත්වයෙන් යුතු නව්‍ය ශ්‍රී ලංකාව ජැකලින් තුළින් පිළිඹිබු වනවා.ඇයව හෝම් ලෑන්ඩ්ස් පවුලට පිළිගැනීමට ලැබීම අපට ගෞරවයක්.” මෙම සහයෝගීතාවය පිළිබඳව අදහස් දක්වමින් හෝම්ලෑන්ඩ්ස් සමූහයේ සභාපති නලින් හේරත් මහතා ප්‍රකාශ කළා.

“මම ලෝකයේ කොහේ ගියත් මගේ නිවහන ශ්‍රී ලංකාව. ලංකාවෙ දේවල් කොච්චර ඉක්මනට ඉස්සරහට යනවද කියලා පුදුමත් හිතෙනවා. මෙහෙ දියුණුව, සංචාරක වර්ධනය වගේ දේවල් ඇත්තටම ගොඩක් සතුටුදායකයි.  මම අත්වැල් බැඳ ගන්නේ මේ රට අලුත්ම ආකර්ශනීය විදියට ලෝකයට විවෘත කරන ලංකාවේ අංක එකේ සහ විශ්වසනීයම දේපළ වෙළඳාම් සහකරුවා එක්ක. ලොකු දේවල් ඉස්සරහට එනවා , බලාපොරොත්තුවෙන් අවධානයෙන් ඉන්න” ජැකලින් ෆර්නැන්ඩස් ප්‍රකාශ කළා.

සන්නාම තානාපති කාර්යයයෙන් ඔබ්බට ගොස් හෝම් ලෑන්ඩ්ස් ශ්‍රී ලාංකීය විශිෂ්ටත්වය දේශීය සහ ගෝලීය තලයේ ඉහළින්ම තැබීමට මෙම සහයෝගීත්වයෙන් හැකියාව ලැබෙනවා.

හෝම් ලෑන්ඩ්ස් මෙතෙක් රැකගෙන ආ නිර්මාණශීලීත්වය , ගුණාත්මක භාවය සහ විශ්වාසය සහ ජැකලින් ෆර්නැන්ඩස් සමඟ මෙම සහයෝගිත්වයෙන් චමත්කාර , සුඛෝපභෝගී නව්‍ය නිවසක සිහින දකින සැමට ආකර්ෂණීය ආරංචියක් ළඟදීම ලැබේවි.

Home  Facebook



ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව