
අමානා බැංකුව මෙරට ජනතාවගේ මූල්‍ය දැනුම පුළුල් කිරීමේ අරමුණින් මූල්‍ය සාක්ෂරතා වැඩසටහන් මාලාවක් පැවැත්වීමට පියවර ගෙන තිබේ. ජනතාවට තම පෞද්ගලික හා වෘත්තීය දියුණුවට වැදගත් වන නැණවත් මූල්‍යමය තීරණ ගැනීම සඳහා අවශ්‍ය දැනුම ලබා ගැනීමට මෙම වැඩසටහන් මාලාව මහෝපකාරී වේ. 2024 වසර තුළදී අමානා බැංකුව විසින් එබඳු වැඩසටහන් 68 ක් දිවයින පුරා පවත්වන ලද අතර 8,500 කට අධික පිරිසක් ඊට සහභාගී වූහ. උසස් පෙළ හා විශ්ව විද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන්, ව්‍යවසායිකාවන්, වෙළඳ සංගම් නියෝජිතයන් මෙන්ම කෘෂිකර්මාන්තය, ඇඟලුම් කර්මාන්තය සහ සෞඛ්‍ය සේවාව ඇතුළු විවිධ ක්ෂේත්රවලට අයත් වෘත්තිකයන් ඉලක්ක කරගෙන මෙම වැඩසටහන් මාලාව දියත් කරන ලදි.
මෙය ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මූල්‍යමය වශයෙන් දැනුවත් ශ්‍රී ලංකාවක් බිහිකිරීමේ අරමුණින් ජාතික මූල්‍ය අන්තර්කරණ ක්‍රමෝපාය යටතේ හඳුන්වා දෙන ලද ‘ශ්‍රී ලාංකා මූල්‍ය සාක්ෂරතා මාර්ගෝපදේශය’ සමග මැනැවින් සමගාමී වන වැඩසටහන් මාලාවක් ලෙස හැඳින්විය හැකි වේ. එමෙන්ම මෙම වැඩසටහන් මාලාව එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන ඉලක්ක අතර අංක 3, 4, 5, 10 සහ 17 යන ඉලක්ක ළඟා කරගැනීම සඳහාද දායක වනු ඇත.
මෙම වැඩසටන සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමානා බැංකුවේ උප සභාපති (පාරිභෝගික බැංකුකරණ සහ අලෙවිකරණ) සිද්දීක් අක්බාර් මහතා මෙසේ පැවසීය. “අපගේ මෙහෙවර වන ‘සංවර්ධනයට අත්වැලක්, ඉසුරුමත් ජීවිතයක්’ යන තේමාව ඔස්සේ මූල්‍ය සාක්ෂරතාව ඉහල නැංවීම සඳහා අප කැප වී සිටිනවා. ජනතාවට විශ්වාසයෙන් සහ පැහැදිලි අරමුණකින් යුතුව තම මූල්‍යමය තීරණ ගැනීමට අවස්ථාව සලසා දෙන මෙබඳු වැඩසටහන් ක්‍රියාවට නැංවීමට හැකි වීම අපට මහත් සතුටක්. මෙම වැඩසටහන් මාලාව ඔස්සේ ජනතාවගේ මූල්‍යමය ඉලක්ක ළඟා කරගැනීමට අත්වැලක් වෙමින් ඔවුන්ගේ ආර්ථික යහපැවැත්ම වර්ධනය කිරීමටත් අපට හැකියාව ලැබෙනවා. එමෙන්ම මෙය අපගේ සුවිශේෂී බැංකුකරණ ආකෘතිය මගින් ලැබෙන ප්රතිලාභ ජනතාවට පෙන්වා දීම සඳහා ද ලැබෙන මහඟු අවස්ථාවක් ලෙසත් හැඳින්වීමට පුළුවන්.”
2018 වසරේදී ස්ථාපිත කරන ලද අමානා බැංකුවේ දැනුම් අලෙවිකරණ සහ මූල්‍ය සාක්ෂරතා ඒකකය (Knowledge Marketing and Financial Literacy unit) මගින් මේ වන විට මූල්‍ය සාක්ෂරතා වැඩසටහන් සැසි 250 කට අධික සංඛ්‍යාවක් සංවිධානය කර ඇත. මෙම වැඩසටහන් මාලාවේ මූලික අරමුණු පැහැදිලි කරමින් අමානා බැංකුවේ දැනුම් අලෙවිකරණ සහ මූල්‍ය අන්තර්කරණ ප්‍රධානී මුආත් මුබාරක් මහතා මෙසේ පැවසීය. “අපගේ මූල්‍ය සාක්ෂරතා වැඩසටහන් හුදෙක් අධ්‍යාපනික වැඩසටහන් පමණක් නොවෙයි. ඒවා මගින් දියුණුව හා සාර්ථකත්වය ළඟා කරගැනීමට පුද්ගලයන් සවිබල ගන්වනු ලබනවා. ශ්‍රී ලංකාව පුරා වෙසෙන විවිධ කණ්ඩායම් සමග සමීපව කටයුතු කරමින් අප වඩාත් අන්තර්කරණය වූ සහ අභියෝගවලට ඔරොත්තු දිය හැකි මූල්‍ය සේවාවක් නිර්මාණය කරමින් සිටිනවා.”
අමානා බෑන්ක් පීඑල්සී යනු ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍රලාභී, කොළඹ කොටස් හුවමාරුවේ ලියාපදිංචි සමාගමකි. එහි ප්‍රධාන කොටස්කරු වන IsDB සමූහය යනු ‘AAA’ ශ්‍රේණිය හිමි, රටවල් 57 ක සාමාජිකත්වයන් සහිත බහුපාර්ශ්වීය සංවර්ධන මූල්‍ය ආයතනයකි. පොලී රහිත බැංකුකරණ ක්ෂේත්රයේ ප්රමුඛ පෙළේ ආයතනයක් ලෙස සිය ස්ථාවරය සනාථ කරමින් අමානා බැංකුව ආසියානු බැංකුකරුවන්ගේ ආයතනය වෙතින් ලොව ප්රබලතම ඉස්ලාමීය බැංකු 25 අතරින් එකක් ලෙස අඛණ්ඩව පිළිගැනීමට ලක් වී ඇත.
අමානා බැංකුව සතුව වෙනත් උප සමාගම්, හවුල්කාර සමාගම් හෝ අනුබද්ධ සමාගම් නොමැති අතර, එය OrphanCare භාරයේ ආරම්භක අනුග්‍රාහකයා ලෙස කටයුතු කරයි.