ගෝලීය වසංගතයට එරෙහි සටන එකාවන්ව ජයගැනීම සදහා සමස්ත ශ්‍රී ලංකාවම සන්නිවේදනයෙන් බලගන්වයි

Mobitel

රටක් ලෙස ශ්‍රී ලංකාවේ අප මෙතෙක් මුහුණදුන් විශාලතම අභියෝග අතරින් එකක් ලෙස කොවිඩ්-19 වසංගතය හැදින්විය හැක. ශ්‍රී ලංකා රජයේ නිවැරදි මග පෙන්වීමට අනූව ජාතික සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නිලධාරීන්, ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන් සහ අනෙකුත් අත්‍යාවශ්‍ය සේවා සපයන අංශ මෙම ව්‍යසනයෙන් අපේ රටට ඇතිවන බලපෑම අවම කරගැනීම සදහා ක්‍රියාකරයි. මෙම ව්‍යසනය ඇතිවූ මොහොතේ සිටම රටේ සමස්ථ පුරවැසියන්ව ආරක්ෂා කරගනිමින් එය මැඩපැවැත්වීම සදහා සෞඛ්‍ය අංශ හා අදාළ බලධාරීන් ඉටුකරන සේවාව අතිමහත් වේ. මෙවන් අසීරු අවස්ථාවක රට අකර්මණ්‍ය නොවී පවත්වා ගැනීම සහ පොදු මහජනතාවගේ සෞඛ්‍යා ආරක්ෂා කරගැනීම අප මුහුණදෙන සුවිසල් අභියෝගක් වේ. එය කොපමණ අභියෝගාත්මක වූවත් ඉදිරියේ එන බාධක කම්කටොළු මැඩගෙන රටක් ලෙස සුරක්ෂිතව ඉදිරියට යෑම සෑම සියලූ දෙනාගෙම වගකීමකි. ඒ සදහා තමන්ම අනන්‍ය ආකාරයට දූරදර්ෂි ක්‍රියාමාර්ග වලට එළඹෙමින් රටක් ලෙස ඉදිරියට යාම සදහා සැවොම බලගැන්වී සිටීම ජාතික අවශ්‍යතාවයකි.

රජයේ පුළුල් කාර්යභාර්යට සහයෝගය දෙමින්

මේ මොහොතේ වසංගතයට එරෙහිව ක්‍රියාකරන සෞඛ්‍ය අංශ සහ නිරෝධායන මෙහෙයුම් ක්‍රියාත්මක කරන අංශවලට නිවැරදි සන්නිවේදන පහසුකම් තිබීම ඉතාම වැදගත් වේ. එමෙන්ම නිරෝධන මධ්‍යස්ථානවල සිටින පුද්ගලයන්ට, නිවැස්වල ස්වං නිරෝධායනය අනුගමනය කරන පුරවැසියන්ට, දැනට නිවැස්වල සිටිමින් තම වෘත්තීය සේවා පවත්වාගෙන යන සේවකයන්ට සහ සමස්ථ පොදු මහ ජනතාවටම නොබිෙදන සම්බන්ධතාවයක් පවත්වා ගැනීම අත්‍යවශ්‍ය කාරණාවකි. මෙසේ ගත්කළ සන්නිවේදන සේවා නිසි පරිද පත්වාගෙන යෑම රටේ ජාතික වගකීමක් වේ. මෙවන් භාරදූර මොහොතක රජයේ සන්නිවේදන අවශ්‍යතාවය ද සපුරාලමින් සමස්ථ රටේම ජංගම සන්නිවේදන අවශ්‍යතාවය නිසි පරිදි පවත්වා ගැනීමේ ජාතික කර්තව්‍යයට ජාතික ජංගම දුරකථන ජාලය ලෙස මොබිටෙල් සමාගම උරදී තිබේ. නොබිෙදන සබදතාවක් සහ පුළුල් ආවරණයක් සහිතව සියලූ දෙනාගෙම දෛනික සන්නිවේදන අවශ්‍යතාවය නිසි පරිදි සපුරාදීම සදහා මොබිටෙල් විසින් පැය විසි හතර පුරා ඇපකැපවී සේවය කරයි. නවීන තාක්ෂණික පහසුකම්වලින් සමන්විතව මුළු රටටම සිය සන්නිවේදන පහසුකම් ලබාදීමට අමතරව ආයතනයක් ලෙස සිය ජාතික වගකීම ඉටුකරමින් මොබිටෙල් සමාගම නොයෙක් සේවා රැසක් ජනතාවට හදුන්වාදී තිබේ. මේ ව්‍යසනකාරී මොහොතේ දී ජනතාවගේ ජන ජීවිතය යහපත්ව පවත්වාගැනීම සදහා සියලූ පුරවැසියන්ට සෞඛ්‍ය සේවා පහසුකම් සළසාදීම සහ ජංගම දුරකථනය හරහා වෛද්‍ය උපදේශන සේවා ලබාදීම ආදී සේවා රැසක් සිදුකිරීමට මොබිටෙල් කටයුතු කරයි.

රට මේ මොහොතේ මුහුණ දී තිඛෙන අසීරු අභියෝගය පිළිබදව ජාතික ජංගම දුරකථන ජාලය ලෙස මොබිටෙල්, අපට හොද වැටහීමක් තියෙනවා. ඒවගේම මේ වසංගතය මැඩපවත්වා ගැනීමට වෙහෙසෙන රජය ඇතුළු සියලූ අංශවලට අවශ්‍ය ඕනෑම සහයෝගයක් ලබාදෙන්න අපි පසුබට වෙන්නේ නෑ. ඒවෙනුවෙන් අපි අපේ උපරිමයෙන්ම කටයුතු කරනවා. මේ අලූත් තත්ත්වය මත නිර්මාණය වී ඇති අලූත් සන්නිවේදන අවශ්‍යතාවයන් හදුනාගනිමින් ඒවාට නිසි විසදුම් ලබාදෙන්න අපි දැනටමත් කටයුතු කරනවා. අපි අපේ සේවා, සන්නිවේදන නිපැයුම් සහ සේවා ඛෙදාහැරීම් ආදි සියලූ අංශයන්ගේ මෙහෙයුම් වර්තමාන තත්ත්වයන්ට ගැළපෙන පරිදි වෙනස් කළා. ඒනිසා අපිට ගුණාත්මක භාවයෙන් ඉහළ සහ වඩාත් කාර්යක්ෂම සේවාවක් ජනතාවට සමීප කරන්න පුලූවන් වුනා. ඒවගේම මේ ව්‍යසනය මැඩපැවැත්වීම සදහා රජය ඇතුළු අදාළ අංශයන් අඛණ්ඩ වෙහෙසක් දරණබව අපි හොදින්ම දන්නවා. තමන්ගේ ජීවිත ගැන පවා නොසිතා සමස්ථ ශ්‍රී ලාංකිකයන්ගේ සෞඛ්‍යාරක්ෂාව වෙනුවෙන් ඔවුන් කරන ඒ කැපකිරීම අප්‍රමාණයි. දිවා රාත්‍රී වෙහෙස නොබලා සිය කාර්යභාරයේ යෙදෙන ඒ සියලූ දෙනාටම නොබිෙදන සම්බන්ධතාවයක් පවත්වා ගැනීම අත්‍යවශ්‍ය කාරණයක් වෙලා තියෙනවා. අපි ඒ වෙනුවෙන් ඉදිරියට ඇවිල්ලා ඔවුන්ට නොබිෙදන සම්බන්ධාවයක් ලබාදෙන්න වගබලා ගත්තා. මේ සියලූ දෙනාගෙම කැපවීමත් එක්ක අපිට මේ ව්‍යසනයෙන් අත්මිදිලා ඉක්මනින්ම ඉස්සරට යන්න පුළුවන් වෙයි කියලා අපි විශ්වාස කරනවා. යැයි මොබිටෙල් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී නලින් පෙරේරා මහතා පැවසීය.

ශ්‍රී ලාංකිකයන්ගේ සබදතා නොකඩවා පවත්වා ගැනීමට අගය එකතුකළ සේවා රැසක් හදුන්වාදෙයි.

තම ආදරණීයන් හා නිරන්තර සබදතා පවත්වා ගැනීමට කැමති සියලූ ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් මොබිටෙල් ආයතනය Bonus Data add-ons සහිත විශේෂ පසු ගෙවුම් සැලසුම්, නොමිලේ සෞඛ්‍ය උපදෙස් ලබාදීමේ සේවාවක්, ඩිජිටල් ගෙවීම් විසදුම් සේවාවක්, පසුගෙවුම් පාරිභෝගිකයන්ට 100%ක අමතර ඩේටා දීමනාවක් ඇතුළු සුවිශේෂී දීමනා රැසක් හදුන්වාදෙනු ලැබීය. මොබිටෙල් සෙල්ෆ් කෙයාර් ඇප්එක සහ www.mobitel.lk වෙබ් අඩවිය හරහා මෙම සේවා ඉතා පහසුවෙන් සක්‍රිය කරගැනීමේ හැකියාව සැමට හිමිවේ. එමෙන්ම මේ ව්‍යසන අවස්ථාවේ දී මොබිටෙල් ශාඛාවක් වෙත නොගොස් තමන් ඉන්නා තැනක සිට තමන්ට අවශ්‍ය සේවාවක් ලබාගැනීමේ පහසුව ලබාදීමට ඔවුන් කටයුතු කරයි. එසේම රජය විසින් ප්‍රකාශයට පත්කළ නිවසේ සිට වැඩකිරීමේ වැඩසටහන වඩාත් බලාත්මක කිරීමට අවශ්‍ය සන්නිවේදන පහසුකම් ද මොබිටෙල් හදුන්වා දී තිබේ. එසේම උදාවී තිඛෙන සුවිශේෂී අවශ්‍යතාවන් සැළකිල්ලට ගනිමින් සාධාරණ ගාස්තු ඇතුළත් 30GB සිට 140GB දක්වා වූ ඩේටා ප්‍රමාණ සහිත ආකර්ෂණීය ඩේටා සැලසුම් රැසක් ද හදුන්වා දී තිබේ.

දැනුවත්වීමේ වැදගත්කම ජාතික මට්ටමින් ප්‍රවර්ධනය කිරීම

කොවිඩ්-19 පිළිබද දැනුවත් කිරීම් සිදුකිරීමට අමතරව ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) UNICEF සහ ශ්‍රී ලංකා සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සමග එක්ව කොවිඩ්-19 පිළිබදව නිල පණිවිඩ ඛෙදාහැරීම සහ වළක්වා ගැනීමේ ක්‍රමවේදයන් ජනතාව අතරට ගෙනයාම මොබිටෙල් ආයතනය විසින් සිදුකරයි. එසේම 1990 සුවසැරිය ජංගම ගිලන් රථ සේවාවේ සහයෝගය ඇතිව රටපුරා හදිසි සේවා කටයුතු ගුණාත්මකව වැඩිදියුණු කිරීමට ද මොබිටෙල් සහය වෙයි. සියලූ දෙනාම නිවැස්වලට වී කාලය ගත කරන ලෙස උපදෙස් ලැබී ඇති මෙවන් මොහොතක වෛද්‍යවරයෙකු හමුවීම අතිශය දුෂ්කර කාරණාවක් වේ. කෙසේ වෙතත් සිය පාරිභෝගිකයන්ට තමන්ගේ වෛද්‍යවරයා සමග නොමිලේ ඇමතුමක් ගැනීමේ අවස්ථාව සහ eChannelling ඔස්සේ තමන් කැමති වෛද්‍යවරයෙක් චැනල් කොට ගෙදර සිටම වෛද්‍යවරයාගෙන් අදාළ උපදෙස් ලබාගැනීමේ සේවාවක් ද මොබිටෙල් ක්‍රියාත්මක කරතිබේ.
තවද, ආයතනය විසින් දිවයින පුරා පිහිටි තම ශාඛා ජාලයන් හී කොවිඩ් 19 පිළිබදව දැනුවත් කිරීමේ පෝස්ටර් සහ ස්ටිකර්ස් අලවමින් ජනතාව අතර තොරතුරු ඛෙදාහරින මධ්‍යස්ථාන බවට ඒවා පරිවර්තනය කළේය. නිරෝධායන මධ්‍යස්ථාන වල ජනතාවට සිය සන්නිවේදන අවශ්‍යතා පවත්වා ගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකා යුධ හමුදාව සමග එක්ව ඔවුන් වෙත අධිවේගවත් WiFi සබදතා නොමිලේ ලබාදීමට මොබිටෙල් ක්‍රියාකළේය. මේ සියලූ දේ මගින් ජාතික ජංගම දුරකථන ජාලය ලෙස ජනතාව සන්නිවේදනයෙන් බලගැන්වීමට මොබිටෙල් ඉදිරියට පැමිණ තිබේ.

නව්‍ය විසදුම් උත්පාදනයට තාරුණ්‍ය බලගන්වයි

මොබිටෙල් විසින් සිය තාක්ෂණික සහ නවෝත්පාදන අවකාශය තවදුරටත් පුළුල් කරමින් කොවිඩ්-19 තේමාකොටගත් අලූත්ම ideathon වැඩසටහන ආරම්භ කළේය. උසස් අධ්‍යාපන තාක්ෂණ සහ නවෝත්පාදන අමාත්‍යාංශය සමග එක්ව ක්‍රියාත්මක කරන මෙම වැඩසටහන තුලින් විශ්වවිද්‍යාල සිසුන්, පාසල් සිසුන්, ක්ෂේත්‍රයේ විශේෂඥයන් සහ සාමාන්‍ය ජනතාවට කොවිඩ් 19 වෛරසය මැඩපැවැත්වීමට ඇති අදහස්, නවෝත්පාදන, නව්‍ය සංකල්ප ගොඩනැංවීම සහ විසදුම් ඉදිරිපත් කිරීම සදහා අන්තර්ජාල අවකාශයක් නිර්මාණය කරදෙයි.

ශ්‍රී ලංකාව සහ ලෝකයේ සියලූ දෙනාම මහත් ව්‍යසනයකට මුහුණදෙන මේ අනපේක්ෂිත මොහොතේදී නොබිෙදන සබදතාවයක් අපේක්ෂා කරන සියලූ දෙනාගේම අත්‍යවශ්‍ය උපකරණයක් බවට ජංගම දුරකථනය පත්වී තිබේ. ඔබ සමග සැමදා රැදෙමින් රටේ ජාතික අවශ්‍යතාවයන් වෙනුවෙන් සැමදා ඉදිරියට පැමිණ මොබිටෙල් ආයතනය සන්නිවේදනයේ නොබිෙදන, වේගවත් සහ සුපැහැදිළි සබදතාවයක් සිය පාරිභෝගිකයන්ට ලබාදීම උදෙසා කැපවීමෙන් කටයුතු කළේය. ඉදිරි මාස කිහිපය රටට සහ රටේ ජනතාවට අභියෝගාත්මක කාලයක් වනු ඇති අතර කොවිඩ්-19ට එරෙහි ජාතික සටන ජයග්‍රහණයෙන් අවසන් වනතුරු මොබිටෙල් ආයතනය සියලූ දෙනාගේම සන්නිවේදන අවශ්‍යතා බලගැන්වීමට ඇපකැපවෙයි. සෑම ශ්‍රී ලාංකිකයෙකුම ඉදිරියට පැමිණ ජාතියක් ලෙස එකමුතුවීමෙන් පමණක් මෙම කොවිඩ්-19 ව්‍යාසනයේ අනතුර පරාජය කිරීමේ හැකියාව ඇති අතර ජාතික ජංගම දුරකථන ජාලය ලෙස මොබිටෙල් ඒ වෙනුවෙන් තම වගකීම නොපිරිහෙළා ඉටුකරයි.

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව