ගෙවිය යුතු බදු පිළිබඳව නිවැරදිව දැනගන්න: DFCC බැංකුවේ යාවත්කාලීන කරන ලද බදු ගණකය භාවිතා කරන්න

DFCC Ta Calculator (LBN)

 



 

 

DFCC බැංකුව කාලීන අවශ්‍යතාවක් ලෙස සලකා සිය නිල වෙබ් අඩවියේ ඇතුළත් කර ඇති පෞද්ගලික ආදායම් බදු ගණකය යාවත්කාලීන කර තිබේ. ගෙවිය යුතු බදු මුදල් ගණනය කිරීම සඳහා ඉතාමත් පහසුවෙන් භාවිතා කළ හැකි මෙම ගණක මෙවලම මගින් ඕනෑම කෙනෙකුට දැන් 2022 අප්‍රේල් 01 දින සිට 2023 මාර්තු 31 දින දක්වා කාලසීමාව සඳහා ගෙවිය යුතු ආදායම් බදු ප්‍රමාණය ඉතාමත් ඉක්මනින් ගණනය කළ හැක. ආදායම් බදු දෙපාර්තමේන්තුව විසින් හඳුන්වා දෙන ලද නවතම පෞද්ගලික ආදායම් බදු ප්‍රතිපත්ති සම්බන්ධ දත්ත ඇතුළත් කර මෙම ගණකය යාවත්කාලීන කර තිබේ.

“ඩිජිටල් තාක්ෂණය මගින් අපගේ ගනුදෙනුකරුවන්ගේ බැංකු සේවා අවශ්‍යතා සඳහා නවෝත්පාදන හඳුන්වාදෙන බැංකුවක් වශයෙන්, පෞද්ගලික ආදායම් බදු සම්බන්ධයෙන් රජය මෑතකදී හඳුන්වා දුන් නියමයන්ට අනුකූලව අපගේ බදු ගණකය යාවත්කාලීන කිරීමට අප වහාම පියවර ගත්තා. මෙය අපගේ ගනුදෙනුකරුවන්ගේ මූල්‍ය කටයුතු සරල කරන විසඳුමක් වේවි. එමෙන්ම එය අපගේ මූල්‍ය සේවාවන්ට අතිරේක අගයක් එකතු කරන පියවරක්ද වනු ඇතැයි කියා අප සිතනවා. අප උත්සාහ කරන්න කාටත් විවෘත මූල්‍ය සේවාවන් එකතුවක් නිර්මාණය කිරීමට නිසා, මෙම ගණකය ඕනෑම කෙනෙකුට අපගේ වෙබ් අඩවිය හරහා නොමිලේ භාවිතා කිරීමට පුළුවන්. එය DFCC ගනුදෙනුකරුවන්ට පමණක් සීමා වන්නේ නැහැ.” DFCC බැංකුවේ උප සභාපති (ඩිජිටල් බැංකුකරණ සහ ක්‍රමෝපාය) දිනේෂ් ජෙබමනි මහතා පැවසී ය.

ගනුදෙනුකරුවන්ට තම ආදායම් තොරතුරු ඇතුළත් කර තමන් ගෙවිය යුතු බදු ප්‍රමාණයන් ක්ෂණිකව දැනගැනීමට හැකි වන ආකාරයට මෙම බදු ගණකය සැලසුම් කර තිබේ. එමෙන්ම එය නවතම රෙගුලාසි අනුව ඉක්මනින් යාවත්කාලීන කිරීමටද DFCC බැංකුව කටයුතු කරයි. මේ ආකාරයට තමන් ගෙවිය යුතු බදු පිළිබඳව පැහැදිලි අදහසක් එකම තැනකින් ලබාගත හැකි වීම ඕනෑම කෙනෙකුට ඉමහත් පහසුවක් වනු නො-අනුමාන ය.

බදු ගණකය භාවිතා කිරීම පහසු කිරීම සඳහා අදාළ ස්ථානවල උපදෙස් සහ මගපෙන්වීම් ලබා දී ඇති අතර, DFCC බැංකුවේ සේවාවන් පිළිබඳ වැඩිදුර තොරතුරුද එහි දක්වා තිබේ. බදු ගණනය කර අවසන් වූ පසුව අවශ්‍ය නම් එම තොරතුරු මුද්‍රණය කිරීමට හෝ PDF ක්‍රමයට ලබාගැනීමටද අවස්ථාව සලසා දී ඇත.

DFCC බැංකුවේ බදු ගණකය භාවිතා කිරීම සඳහා පිවිසෙන්න: https://www.dfcc.lk/calculators/income-tax-calculator/

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව