කොමර්ෂල් බැංකුවේ වසර 25ක සේවා කාලයක් සම්පූර්ණ කළ සේවකයින්ට උපහාර

Seniority Awards - 2023 (LBN)

 


 

 

කොමර්ෂල් බැංකුව විසින් පසුගියදා පැවැත්වූ 2023 වසරේ බැංකුවේ වාර්ෂික ජ්‍යෙෂ්ඨත්ව සම්මාන උළෙලේදී, දීර්ඝ කාලයක් සේවයේ නියුතු සේවකයින් පිරිසක් උදෙසා උපහාර පිරිනැමීම සිදුකරන ලදී. බත්තරමුල්ල, වෝටර්ස් එජ් හෝටලයේ පැවති මෙම උත්සවයේදී, වසර 25ක සේවා කාලයක් සම්පූර්ණ කළ සේවක, සේවිකාවන් 71 දෙනෙකුට වටිනා තිළිණ සහ ඇගයීම් ඵලක පිරිනමන ලදී.

කොමර්ෂල් බැංකුවේ සභාපති මහාචාර්ය ආනන්ද ජයවර්ධන මහතා මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ අතර, බැංකුවේ කළමනාකාර අධ්‍යක්‍ෂ/ප්‍රධාන විධායක නිලධාරී සනත් මනතුංග මහතා, අධ්‍යක්‍ෂ මණ්ඩල සාමාජිකයින් සහ ආයතනික හා ජ්‍යෙෂ්ඨ කළමනාකාරිත්වයේ නියෝජිතයින්ද සහභාගී වූහ. උත්සවයෙන් අනතුරුව පැවති සැමරුම් උත්සවය සඳහා, උපහාර ලැබූ කාර්යය මණ්ඩලයේ පවුල්වල සාමාජිකයින්ටද ආරාධනා කරන ලදී.

ජ්‍යෙෂ්ඨතා සම්මානලාභීන්ගෙන් බොහෝ දෙනෙක් 1998 වසරේදී බැංකුවට සම්බන්ධ වී තිබෙන්නේ පාසැල් අධ්‍යාපනය අවසන් කරනවාත් සමගමයි. ඔවුන් මේ වන විට බැංකුවේ විවිධ දෙපාර්තමේන්තු සහ ශාඛාවල විවිධ තනතුරු දරන බව බැංකුව පවසයි. කොමර්ෂල් බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින්, ආයතනික කළමණාකාරිත්වයේ සාමාජිකයින් සහ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වයේ සාමාජිකයින් සමගින් ජ්‍යෙෂ්ඨත්ව සම්මානලාභීන් මෙම සේයාරුවෙහි දැක්වෙයි.

 


 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව