කොමර්ෂල් බැංකුවේ බංග්ලාදේශයේ ශාඛාව ‘CBC Digital’ හඳුන්වා දෙමින් අන්තර්ජාල බැංකුකරණය නව තලයකට ඔසවයි

CBC Digital launch in Bangladesh

 



 

 

 

කොමර්ෂල් බැංකුවේ විශාලතම විදේශීය මෙහෙයුම වන කොමර්ෂල් බැන්ක් බංග්ලාදේශ් විසින් බැංකුවේ බහු නාලිකා අන්තර්ජාල බැංකුකරණ පද්ධතිය වන ‘CBC Digital’ හඳුන්වා දෙමින් සිය ගනුදෙනුකරුවන්ට ලබාදෙන අන්තර්ජාල බැංකුකරණ අත්දැකීම තව තවත් නංවා තිබේ.

බැංකුව විසින් 2020 වසරේදී ශ‍්‍රී ලංකාවේ ආරම්භ කළ ‘ComBank Digital’ පද්ධතියට සමාන වන මෙයින් මූලික ගිණුම් තොරතුරු, ගෙවීම් සහ පේ‍්‍රෂණ, ව්‍යාපාරික ගනුදෙනුකරුවන්ට බිල්පත් ගෙවීම් විකල්ප, බහුවිධ ගෙවීම් විකල්ප, සමූහ ගෙවීම් සහ අනිකුත් ඩිජිටල් බැංකුකරණ සේවා මාලාවක් ලබාදීමට  බැංකුවේ අන්තර්ජාල බැංකුකරණ සේවා සහ ජංගම අයදුම් ඒකාබද්ධ කර තිබේ.

‘ComBank Digital’ වෙබ් අයදුමක් මෙන්ම ජංගම දුරකතන අයදුමක් ලෙස භාවිතා කළ හැකි අතර iOS, Android සහ Huawei මෙහෙයුම් පද්ධති සහිත දුරකතන උපකරණ මගින් භාවිතා කළ හැකිවේ. භාවිතා කරන්නාගේ සුරක්ෂිතතාවය තහවුරු කිරීමට අවශ්‍ය ජාත්‍යන්තර ප‍්‍රමිතීන් සහ යහක‍්‍රමවේද මෙය නිර්මාණය කිරීමේදී භාවිතා කර තිබෙන බව බැංකුව සඳහන් කරයි.

බංග්ලාදේශයෙහි කොමර්ෂල් බැංකුවේ අන්තර්ජාල ගනුදෙනුකරුවන් මෙම නව පද්ධතියට එකතු කරන බව බැංකුව පවසයි. මෙමගින් ලැබෙන අනිකුත් වාසි අතර කිසිදු ලියකියවිල්ලකින් තොරව ගනුදෙනුකරුවන්ට මෙම ඇප් පහසුකමේ ස්වයංව ලියාපදිංචි වීමේ හැකියාව, සේවා බිල්පත් සහ කොමර්ෂල් බැංකුවේ ක්‍රෙඩිට් කාඞ් හිඟ මුදල් ගෙවීමේ හැකියාව, බැංකුවේ සහ අනිකුත් බැංකුවල ගිණුම් අතර මුදල් පේ‍්‍රෂණය කිරීමේ හැකියාව සහ ස්ථාවර තැන්පතු විවෘත කිරීමේ සහ මුදල් ලබාගැනීමේ හැකියාව ඇත. මේ තුළින් පරිසරය ආරක්ෂා කිරීමටද දායකත්වයක් ලැබීම කැපී පෙනෙන කාරණයකි.

මෙම පද්ධතිය එළිදැක්වීම පිළිබඳව කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ සහ සමූහ ප‍්‍රධාන විධායක නිළධාරී, එස්. රෙන්ගනාදන් මහතා මෙසේ අදහස් දැක්වීය. ‘කොමර්ෂල් බැංකුවේ ඩිජිටල් පරිවර්තනයේ තවත් සුවිශේෂී සංධිස්ථානයක් ලෙස මෙය සඳහන් කළ හැකියි. මෙමගින් අපගේ බංග්ලාදේශයේ සිටින ගනුදෙනුකරුවන්ට බොහෝවිට බැංකු නියෝජිතයෙකුගේ සහායකින් තොරව ඉතාමත් පහසුවෙන් අපගේ සේවා සඳහා ප‍්‍රවේශවීමේ හැකියාව ලැබෙනවා. භාවිතා කරන්නාට ඉතාමත් පහසු ආකාරයෙන් නිර්මාණය කර තිබෙන මෙම පද්ධතිය මගින් අන්තර්ජාල බැංකු කටයුතු තව තවත් පහසු වෙනවා. එසේම, මෙමගින් ගනුදෙනුකරුවාට වඩාත් පහසුවක් ලැබෙන අතරම ඉතාමත් ආරක්ෂාකාරී ලෙස තමන්ගේ මූල්‍ය කටයුතු කළමනාකරණය කරගත හැකියි. මේ නිසා, ‘CBC Digital’ මගින් නව ඩිජිටල් බැංකුකරණ අත්දැකීමක් ලබාදෙන බව කිව යුතුයි.’

කොමර්ෂල් බැංකුව මේ වනවිට ශ‍්‍රී ලංකාවේ මෙන්ම බංග්ලාදේශයේ බැංකු මෙහෙයුම් කටයුතු කරන අතර මාලදිවයිනේද අනුබද්ධ ආයතනයක් පවත්වාගෙන යයි. මෙම වෙළෙඳපොළවල සිටින ගනුදෙනුකරුවන්ට ඒකාබද්ධ බැංකුකරණ අත්දැකීමක් ලබාදීමට එක් ඩිජිටල් පද්ධතියක් ලබාදීමේ අරමුණෙන් පසුවන බවද බැංකුව සඳහන් කරයි.

ශ‍්‍රී ලංකාවේ පරිසරයට කාබන් මුදාහැරීම 100% තුලනය කළ ප‍්‍රථම බැංකුව සහ ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පත්වු පළමු බැංකුව මෙන්ම පිට පිට 11 වතාවක් එසේ තේරී පත්වූ එකම ශ‍්‍රී ලාංකේය බැංකුව කොමර්ෂල් බැංකුව වන අතර මේ වනවිට දිවයින පුරා බැංකු ශාඛා 268 ක් සහ ස්වයංක‍්‍රීය යන්ත‍්‍ර 938 ක් ක‍්‍රියාත්මක කරයි. ශී‍්‍ර ලංකාවේ සුළු සහ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර වලට විශාලතම ණය සම්පාදනය කරන්නා මෙන්ම දේශීය බැංකු ක්ෂේත‍්‍රයේ ඩිජිටල් නව්‍යකරණය සඳහා ද කොමර්ෂල් බැංකුව ප‍්‍රමුඛයෙකු වේ.

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව