කොමර්ෂල් බැංකුවේ ‘දිරිබල’ වැඩසටහන මගින් ව්‍යවසායකත්ව සංවර්ධනය පාසල් වෙත ගෙන යයි

Diribala Next Gen programme (LBN)

පාසල් ව්‍යවසායකත්වය සවිබල ගැන්වීම හා පාසල් ව්‍යවසායකත්ව කවයන් අතර පරිවර්තීය මානසිකත්වයක් ඇති කිරීම අරමුණු කර ගනිමින් කොමර්ෂල් බැංකුව විසින් ‘දිරිබල Next Gen පාසල් ව්‍යවසායකත්ව හැඩගැන්වීමේ වැඩසටහන’ නමින් නව මුලපිරීමක් ආරම්භ කර ඇත.

මෙම වැඩසටහනේ සමාරම්භය පසුගිය දා පැවැත්වූයේ එහි ක්‍රියාකාරී ව්‍යවසායකත්ව කවය සඳහා පිළිගැනීමට ලක්වූ ගම්පහ යශෝදරා දේවී බාලිකා විද්‍යාලයේ දී ය. එම විදුහලේ බොහෝ සිසුහු කඩදාසි කුයිලීන් නිර්මාණ, ඉටිපන්දම් සෑදීම, විසිතුරු කොණ්ඩා කටු නිර්මාණ, පතොක් පැළෑටි සහ ආහාර ද්‍රව්‍ය වැනි ක්ෂේත්‍ර ගණනාවක දැනටමත් ස්වයං ව්‍යාපාර සිදු කරති.

 



 

බැංකුවේ නියෝජ්‍ය සමාන්‍යාධිකාරී – පුද්ගලික බැංකුකරණය ඩිලක්ෂන් හෙට්ටිආරච්චි මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත් වූ මෙම උත්සව අවස්ථාවට, මෙගා හීටර්ස් සමාගමේ කළමණාකාර අධ්‍යක්ෂක උපාලි ජයසේකර මහතා විශේෂ ආරධිතයෙකු ලෙස සහභාගී විය. විද්‍යාලය නියෝජනය කරමින් යශෝදරා දේවී බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනී ගයනි වත්සලා මහත්මිය සහ නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂක පී. එම්. එස්. සී. පතිරාජ මහත්මිය ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

12 ශ්‍රේණියේ දී විශේෂ ව්‍යාවසායකත්ව ව්‍යාපෘති සම්පූර්ණ කරන අ.පො.ස උසස් පෙළ සිසුන් මෙම අවස්ථාවට සක්‍රීයව සහභාගී විය. විෂය සම්බන්ධීකාරක නිරෝෂි දමයන්ති මහත්මියගේ සහ විදුහල්පතිනියගේ මඟපෙන්වීම යටතේ යශෝදරා දේවී බාලිකා විද්‍යාලය මෙම වැඩසටහන ආරම්භ කළේ පාසල් මට්ටමින් ව්‍යාපාරික සංකල්ප වර්ධනය කිරීම සඳහා සිසුන් පුහුණු කිරීම සඳහා යි.

කොමර්ෂල් බැංකුව වෙනුවෙන් හෙට්ටිආරච්චි මහතා අවධාරණය කළේ යශෝදරා බාලිකා විද්‍යාලය හුදෙක් ම කොමර්ෂල් බැංකුවේ Next Gen වැඩසටහනේ ආරම්භක ලක්ෂ්‍යය පමණක් වන අතර ඉදිරියේ දී දිවයින පුරා අනෙකුත් පාසල් ව්‍යවසායකත්ව කවයන් වෙත මෙම මුලපිරීම ව්‍යාප්ත කීරීමට බැංකුව කැප වන බවයි. වෙනස් වන ව්‍යාපාරික පරිසර වලට අනුවර්තනය වීමට සහ වෙළඳපල බාධක ජය ගැනීමට සිසුන් පුහුණු කිරීමෙන් මෙම වැඩසටහන ඊළඟ මට්ටමට ඔසවා තබන බව ද ඔහු සඳහන් කළේය. මෙරට කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට සහය වීම, කොමර්ෂල් බැංකුව නිරතුරුවම ඉටු කිරීමට බැඳී සිටින ජාතික මෙහෙවරක් බව ඔහු පැවසීය.

මූල්‍ය සාක්ෂරතාව පිළිබඳ වැඩසටහනක් සහ ව්‍යවසායකත්ව මානසිකත්වයක වැදගත්කම අවධාරණය කර තමන්ගේ ම ව්‍යාපාරයක් ආරම්භ කිරීමට සිසුන් දිරිමත් කළ උපාලි ජයසේකර මහතාගේ සිත් ගන්නා සුළු දේශනයත් සමඟින් මෙම පළමු අවස්ථාව අති සාර්ථක වැඩසටහනක් විය.

පී. එම්. එස්. සී. පතිරාජ මහත්මිය විසින් නව ව්‍යාපාර ආරම්භ කිරීමට සිසුන් අතර ඇති වී තිබෙන නව ප්‍රවණතාවය සහ තම නිෂ්පාදන සඳහා සුදුසු වෙළඳපල සොයා ගැනීමේ අභියෝගයන් පෙන්වා දෙන ලදී. මෙවැනි වැඩසටහන් තුළින් නව පරපුරේ ව්‍යවසායකත්ව කුසලතා ඉහළ නැංවීම මගින් ඔවුන්ට විශාල ප්‍රතිලාභයක් ලබා දෙන බවට ඇය සුභවාදී අදහස් පළ කළාය.

කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ විශාලතම පුද්ගලික අංශයේ බැංකුව වන අතර ලෝකයේ හොඳම බැංකු 1000 අතරට ඇතුළත් වූ පළමු ශ්‍රී ලාංකේය බැංකුව වේ. ශ්‍රී ලංකාවේ සුළු සහ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර වලට විශාලතම ණය සම්පාදනය කරන්නා මෙන්ම දේශීය බැංකු ක්ෂේත්‍රයේ ඩිජිටල් නව්‍යකරණය සඳහා ප්‍රමුඛයෙකු වන කොමර්ෂල් බැංකුව මේ වනවිට දිවයින පුරා විහිදුනු බැංකු ශාඛා ජාලයක් සහ ස්වයංක්‍රීය යන්ත්‍ර 966 ක් ක්‍රියාත්මක කරන අතර බංග්ලාදේශය තුළ ශාඛා 20 ක් ද මියන්මාරයේ නේ පයිටව් හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ්‍රී ලංකාවේ බැංකු අතර පුළුල්තම ජාත්‍යන්තර පිය සටහන තබා ඇති වාණිජ බැංකුව ද වේ.

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

twenty − four =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව