කොමර්ෂල් බැංකුවේ කාර්ය මණ්ඩලය රුක් රෝපණ වැඩසටහනකට එක්වෙයි

Commercial-Bank

 



 

 

කොමර්ෂල් බැංකුවේ මධ්‍යම කලාපයේ කාර්ය මණ්ඩලය පසුගියදා ‘මගෙන් ගසක් මහනුවරට’ නැමැති රුක් රෝපණ වැඩසටහනට සහභාගී විය. මෙය මහනුවර මහනගර සභාව සහ වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් ක‍්‍රියාත්මක කරන ලදී. යෝජිත මහනුවර, ගැටඹේ ගුවන් පාලම ඉදිකිරීම සඳහා කපා දැමූ ගස් වෙනුවට, ගැටඹේ නගරසභා භූමියේ ‘රෙබරෝසියා’ සහ ‘කරඳ’ පැල සිටුවීම මෙම රුක් රෝපණ ව්‍යාපාරයට ඇතුළත් විය. මෙම උත්සවයේ සම්භාවනීය ආරාධිතයින් අතර, ප‍්‍රධාන ආරාධිතයා ලෙස කොමර්ෂල් බැංකුවේ ප‍්‍රධාන මෙහෙයුම් නිලධාරී එස්. ප‍්‍රභාගර් මහතා සහභාගී වූ අතර, මහනුවර නගරාධිපති ගරු කේසර සේනානායක, මහනුවර නගර සභාවේ කොමසාරිස් අයි. විජේතිලක, බැංකුවේ සහකාර සාමාන්‍යාධිකාරී – පුද්ගලික බැංකුකරණ වරුණ කොලමුන්න සහ කලාපීය කළමනාකරු – මධ්‍යම සනෙත් ජයසුන්දර යන මහත්වරුන්ද සහභාගී වූහ. කණ්ඩායම් ගොඩනැගීමේ ක‍්‍රියාකාරකමක් ලෙස, දුනුමඬලාව රක්‍ෂිතයට පා ගමනින් ගොස් මෙම උත්සවය අවසන් කෙරිණි.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

twelve − three =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව