කොමර්ෂල් බැංකුවේ Q+ ඇප් පහසුකම සහ CRM ජාලය හරහා දැන් සෙලින්කෝ ලයිෆ් වාරික ගෙවීමට අවස්ථාව

Q+ and CRM payments for Ceylinco Life

 



 

 

 

ශ‍්‍රී ලංකාවේ විශාලතම පුද්ගලික වාණිජ බැංකුව වන කොමර්ෂල් බැංකුව සහ මෙරට ප‍්‍රමුඛතම ජීවිත රක්ෂණ සමාගම වන සෙලින්කෝ ලයිෆ් හි සහයෝගීත්වයෙන් බැංකුවේ Q+ ගෙවීමේ ඇප් පහසුකම සහ දිවයින පුරා පිහිටි කෑෂ් රීසයික්ලර් යන්ත‍්‍ර (CRMs) ජාලය ඔස්සේ රක්ෂණ සමාගමේ ඔප්පුහිමියන්ට සිය වාරික මුදල් ඉතාමත් පහසුවෙන් ගෙවීම සඳහා අවස්ථාව ලබාදී තිබේ.

මෙම පහසුකම තුළින් සෙලින්කෝ ලයිෆ් රක්ෂණ ඔප්පුහිමියන්ට වසරේ  ඕනෑම දිනයක,  ඕනෑම වේලාවක සහ  ඕනෑම තැනක සිට සිදුකරන රක්ෂණ වාරික මුදල් ගෙවීම් කළ විගසම යාවත්කාලීන වන බව කොමර්ෂල් බැංකුව සඳහන් කරයි.

විශේෂයෙන්ම කොවිඞ්-19 වසංගතයෙන් පසුව බැංකුවකට නොපැමිණ පහසුවෙන් සහ ආරක්ෂාකාරීව ගනුදෙනු කිරීමට පාරිභෝගිකයින් තුළ තිබෙන උනන්දුව වැඩිවීම හමුවේ බැංකුව විසින් අඛණ්ඩවම සිය ගෙවීම් විකල්පයන් විවිධාංගීකරණය සහ ඩිජිටල්කරණය කරමින් තිබෙන බව බැංකුව සඳහන් කරයි.

සෙලින්කෝ ලයිෆ් රක්ෂණ ඔප්පුහිමියන්ට මේ වනවිට App Store හෝ Google Play Store වෙතින් Q+ ගෙවීමේ ඇප් පහසුකම සිය ස්මාර්ට් ජංගම දුරකතනයට ඩවුන්ලෝඞ් කරගෙන ඒ තුළින් ඉතාමත් පහසුවෙන් රක්ෂණ වාරික හිඟ මුදල් ගෙවිය හැකි අතර ඒ සඳහා භාවිතා කරන්නාගේ හැඳුනුම සහ ඊ-මේල් ලිපිනය වැනි තොරතුරු ලබාදී Q+ ගෙවීමේ ඇප් ගිණුමක් නිර්මාණය කරමින් ඇතුළත් විය යුතුවේ. මෙහිදී, රක්ෂණ වාරික මුදල් ගෙවීම සඳහා රක්ෂණ ඔප්පුහිමියන් සිය කොම්බෑන්ක් ක්‍රෙඩිට්, ඩෙබිට් හෝ පෙර ගෙවුම් කාඞ්පත් මෙම ඇප් පහසුකමට ඒකාබද්ධ කළ යුතුය. ඒ සඳහා ඇප් පහසුකමේ තිබෙන ‘Bill Payment’ මෙනුව ක්ලික් කර සේවා සම්පාදකයා ලෙසින් ‘Ceylinco Life’ තෝරාගෙන අවශ්‍ය තොරතුරු ඇතුළත් කළ යුතුවේ.

මීට අමතරව, සෙලින්කෝ ලයිෆ් ඔප්පුහිමියන්ට සිදුකරන ලද රක්ෂණ වාරික ගෙවීමේ තොරතුරු ‘Favourites’ තුළ ගබඩා කර ගැනීමට අවස්ථාව ලබාදීමෙන් යළිත් රක්ෂණ වාරික මුදල් ගෙවීම් කිරිමේදී නැවත නැවතත් සිය බිල්පත් ගිණුම් අංකයන් ඇතුළත් කිරීමෙන් වැලකී සිටිය හැකිවේ. බිල්පත් ගෙවීමේදී පුද්ගලික හඳුනාගැනීමේ අංකයක් (PIN) තිබෙන නිසා මෙම බිල්පත් ගෙවීමේ සමස්ත ක‍්‍රියාවලියම නිදහස් සහ සුරක්ෂිත එකක් වේ.

මීට අමතරව, රක්ෂණ වාරික මුදල් ගෙවීමට සෙලින්කෝ ලයිෆ් රක්ෂණ ඔප්පුහිමියන්ට රටපුරා පිිහිටි කොමර්ෂල් බැංකුවේ 275 ක් වන කෑෂ් රීසයික්ලර් යන්ත‍්‍ර (CRMs) ජාලයෙන් එකකට ගොස් යන්ත‍්‍රයේ තිරයේ මුල් පිටුවේ තිබෙන ‘Cardless Deposits’ යන්න තෝරාගත හැකිවේ. ඉන්පසුව, ‘Bill Payments’ යටතේ සෙලින්කෝ ලයිෆ් රක්ෂණ සමාගමේ බිල්පත් ගෙවීමට හැකි බව බැංකුව සඳහන් කරයි.

ශ‍්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) විසින් 2021 වසරේ ශ‍්‍රී ලංකාවේ වසරේ සේවා සන්නාමය ලෙසින් සහ LMD විසින් වසරේ ශ‍්‍රී ලංකාවේ ජීවිත රක්ෂණ ක්ෂේත‍්‍රයේ ‘වඩාත් ජනපි‍්ය සේවා සපයන්නා’ ලෙස නම් කර ඇති සෙලින්කෝ ලයිෆ් සමාගම ආරම්භ කර ගෙවුණු වසර 34 න් අර්ධයකට අධික කාලයක් මෙරට ජීවිත රක්ෂණ අංශයේ ප‍්‍රමුඛයා බවට පත්වීමට සමත්වී ඇත. සෙලින්කෝ ලයිෆ් සක‍්‍රීය රක්ෂණ ඔප්පු මගින් ජීවිත ලක්ෂ 10 කට ආසන්න ගණනක් ආවරණය කර තිබේ. නිර්මාණශීලී සැලසුම් හඳුන්වාදීම සහ සංවර්ධනය, පාරිභෝගික සේවා, වෘත්තීය සංවර්ධනය සහ ආයතනික සමාජ වගකීම යන අංශ සම්බන්ධයෙන් සමාගම ක‍්‍රියාකර තිබෙන ආකාරය අනුව දේශීය රක්ෂණ කර්මාන්තයේ නවෝත්පාදනයන් සම්බන්ධයෙන් සෙලින්කෝ ලයිෆ් සමාගම මිනුම් ලකුණක් වේ.

ශ‍්‍රී ලංකාවේ පරිසරයට කාබන් මුදාහැරීම 100% තුලනය කළ ප‍්‍රථම බැංකුව සහ ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පත්වු පළමු බැංකුව මෙන්ම පිට පිට 11 වතාවක් එසේ තේරී පත්වූ එකම ශ‍්‍රී ලාංකේය බැංකුව කොමර්ෂල් බැංකුව වන අතර මේ වනවිට දිවයින පුරා බැංකු ශාඛා 268 ක් සහ ස්වයංක‍්‍රීය යන්ත‍්‍ර 938 ක් ක‍්‍රියාත්මක කරයි. ශ‍්‍රී ලංකාවේ සුළු සහ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර වලට විශාලතම ණය සම්පාදනය කරන්නා මෙන්ම දේශීය බැංකු ක්ෂේත‍්‍රයේ ඩිජිටල් නව්‍යකරණය සඳහා ප‍්‍රමුඛයෙකු වන කොමර්ෂල් බැංකුව බංග්ලාදේශය තුළ ශාඛා 19 ක් ද මියන්මාරයේ නේ පයිටව් හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ‍්‍රී ලංකාවේ එකම පුද්ගලික වාණිජ බැංකුව ද වේ.

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

thirteen − two =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව