කොමර්ෂල් බැංකුව, හෙට්ටිපොළ නගරයේ සියලූ පහසුකම් වලින් සමන්විත ශාඛාවක් විවෘත කරමින් කුරුණෑගල දිස්ත්‍රික්කයේ තම ප්‍රවේශය තවදුරටත් ශක්තිමත් කිරීමට පියවර ගෙන ඇත. ශ්රීී ලංකාවේ 267වන කොමර්ෂල් බැංකු ශාඛාව වන මෙය හෙට්ටිපොළ කුරුණෑගල පාරේ, අංක 178/1 දරන ස්ථානයේ පිහිටා ඇත.
දවසේ පැය 24 තුළ දිවා රාත්‍රී ඕනෑම වේලාවක සේවාවන් ලබාගත හැකි ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රයකින් (ATM)” , මුදල් යළි සැකසුම් යන්ත්‍රයකින් (CRM) සහ චෙක් තැන්පතු යන්ත්‍රයකින් ආදියෙන් සමන්විත ස්වයංකරණ බැංකු කටයුතු මධ්‍යස්ථානයක් වන මෙම ශාඛාව විවෘත කිරීමත් සමගින් ශ්‍රී ලංකාව තුළ කොමර්ෂල් බැංකුවේ ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර (ATM) ජාලය 854 දක්වා ඉහළ ගොස් ඇත.
හෙට්ටිපොළ ශාඛාව විවෘත කිරිමේ අවස්ථාව සඳහා කොමර්ෂල් බැංකුවේ සභාපති ධර්ම ධීරසිංහ මහතා ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වූ අතර බැංකුවේ කළමනාකාර අධ්යක්ෂ එස්. රෙන්ගනාදන්, ප්‍රධාන මෙහෙයුම් නිලධාරී සනත් මනතුංග, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී – පුද්ගලික බැංකු කටයුතු සැන්ඩ්‍රා වල්ගම, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී – අලෙවි හස්රත් මුණසිංහ මහත්ම මහත්මීන් ද ඇතුළුව බැංකුවේ සෙසු නිලධාරීහුද සහභාගි වූහ.
ඡුායාරූපයෙන් දැක්වෙන්නේ කොමර්ෂල් බැංකුවේ සභාපති ධර්ම ධීරසිංහ මහතා පීත්ත පටියක් කපා නව ශාඛාව විවෘත කළ මොහොතයි.