
ක්‍රීඩා වෛද්‍ය විද්‍යාවේ ප්රගමනයට මෙන්ම මාංශ පේශීන් ආශ්රිත රෝගීන් කළමනාකරණය කිරීම සහ පුනරුත්ථාපනය කිරීම සඳහා උපකාරී වන විශේෂ ජල චිකිත්සාවක් සහ ප්‍රතිකාර ඒකකයක් සංවර්ධනය කිරීමට කොමර්ෂල් බැංකුව සහය දක්වා ඇත.
කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ක්‍රීඩා සහ ව්‍යායාම් වෛද්‍ය ඒකකයට (CSEM) බැංකුව විසින් මෑතකදී සීත ජලය උපයෝගී කොටගෙන ප්‍රතිකාර කිරීම සඳහා වන චිලර් ටබ් උපාංගයක් පරිත්‍යාග කරන ලදී. සීත ජල ස්නානය මාංශ පේශීන් යථා තත්ත්වයට පත් කරන, වේදනාව අවම කරන සහ ආබාධ තත්ත්වයන් වළක්වා ගැනීමට සහාය වන උසස් ප්‍රතිකාර ක්රමවේදයකි.
කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී සනත් මනතුංග මහතා සහ ප්‍රධාන මූල්‍ය නිලධාරී නන්දික බුද්ධිපාල මහතා බැංකුවේ ආයතනික හා සමාජ වගකීම් භාරය නියෝජනය කරමින් උපකරණ පරිත්‍යාග කල අතර මේ තුළින් රට තුළ සිටින ක්‍රීඩා වෛද්‍ය වෘත්තිකයන්ගේ අවශ්‍යතා ද ඉටු වෙයි.
ක්‍රීඩා සහ ව්‍යායාම් වෛද්‍ය ඒකකයට අනුව, ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන් ජාත්‍යන්තර තලයේ දිගින් දිගටම දක්ෂතා දක්වන බැවින් ඔවුන්ගේ කාර්ය සාධනය වර්ධනය කිරීමට, ආබාධ තත්ත්වයන් සිදු වීම වැලැක්වීම සහ ඉක්මනින් වේදනාව සමනය කිරීමට විශේෂිත වෛද්‍ය සහායක අවශ්‍යතාවය උද්ගත වී ඇත. අවදානම් අවම කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ඔවුන්ගේ සම්පූර්ණ හැකියාවන් පෙන්වීමට හැකි බව සහතික කිරීමේදී ක්‍රීඩා වෛද්‍ය විද්‍යාව පිළිබඳ වෘත්තිකයන් සුවිශේෂී කාර්යභාරයක් සිදු කරයි.
කොමර්ෂල් බැංකුව ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පත්වු පළමු දේශීය බැංකුව වන අතර කොළඹ කොටස් වෙළඳපල බැංකු අංශයේ ඉහළම වෙළඳපල ප්‍රාග්ධනකරණයක් ඇති බැංකුව වේ. ශ්‍රී ලංකාවේ සුළු සහ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර වලට විශාලතම ණය සම්පාදනය කරන්නා මෙන්ම දේශීය බැංකු ක්ෂේත්රයේ ඩිජිටල් නව්‍යකරණය සඳහා ප්රමුඛයෙකු වන කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ පරිසරයට කාබන් මුදාහැරීම 100% තුලනය කළ ප්‍රථම බැංකුව ද වේ. බැංකුව මේ වනවිට දිවයින පුරා විහිදුනු බැංකු ශාඛා සහ ස්වයංක්‍රීය යන්ත්‍ර ජාලයක් ක්‍රියාත්මක කරන අතර බංග්ලාදේශය තුළ ශාඛා 20 ක් ද මියන්මාරයේ නේ පයිටව් හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ්‍රී ලංකාවේ බැංකු අතර පුළුල්තම ජාත්‍යන්තර පිය සටහන තබා ඇති වාණිජ බැංකුව ද වේ. බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය දරන CBC ෆිනෑන්ස් ලිමිටඩ් ද එහි ශාඛා ජාලය හරහා පුළුල් පරාසයක මූල්‍ය සේවා සපයයි.