කොමර්ෂල් බැංකුවෙන් කොළඹ ප්‍රධාන වීදිය ශාඛාවේ ඉස්ලාමීය බැංකු කටයුතු සඳහා ම වෙන් වූ කවුන්ටරයක්

Islamic Banking Counter at Main Street (LBN)

ෂරියා නීතිවලට අනුකූල බැංකු නිෂ්පාදන හා සේවා සොයන ගනුදෙනුකරුවන්ගේ පහසුව වෙනුවෙන් කොමර්ෂල් බැංකුව විසින් පිටකොටුවේ ප්‍රධාන වීදියේ පිහිටි තම ශාඛාවේ දී ඉස්ලාමීය බැංකු කටයුතු සඳහා ම වෙන් වූ කවුන්ටරයක් විවෘත කර ඇත.

මෙය කොමර්ෂල් බැංකුව විසින් පිහිටුවන ලද තුන්වන මෙවැනි විශේෂිත කවුන්ටරයයි. බැංකුවේ ඉස්ලාමීය බැංකු ඒකකයේ ප්‍රධාන ශාඛාව කොළඹ 01, නගර ශාඛා කාර්යාල ගොඩනැගිල්ලේ පිහිටා ඇති අතර තවත් ඉස්ලාමීය බැංකු කටයුතු වෙනුවෙන් ම වෙන් වූ කවුන්ටරයක් මඩකලපුවේ කාත්තන්කුඩි ශාඛාවේ ද ක්‍රියාත්මක වේ.




මෙම කවුන්ටර හරහා ගිණුම් විවෘත කිරීම, ණය පහසුකම් සහ පාරිභෝගික සහාය ඇතුළු අත්‍යවශ්‍ය බැංකු සේවා රැසක් පිරිනමයි. තවද මෙම කවුන්ටර මෙහෙයවන්නේ ෂරියා නීතිවලට අනුකූල බැංකුකරණ හා ආයෝජන නිෂ්පාදන සොයන ගනුදෙනුකරුවන්ගේ ආගමික විශ්වාසයන්ට අනුකූල වන පරිදි නිර්මාණය කර ඇති බැංකුකරණ නිෂ්පාදන පිළිබඳව මනා පළපුරුද්දක් ඇති කාර්ය මණ්ඩලයකිනි.

අල් අදලාහ් ඉස්ලාමීය බැංකුකරණය යටතේ කොමර්ෂල් බැංකුව විසින් පිරිනමන නිෂ්පාදන අතරට වාඩියා යාද් ධමන් ජංගම ගිණුම, මුද්රබා ඉතුරුම් ගිණුම, මුද්රබා ආයෝජන, හීනවන මුෂාරකා, මුරාබහා සහ මුසාවමාහ්, ඉජාරා ලීසිං සහ ආනයන මූල්‍යකරණ යන බැංකුකරණ නිෂ්පාදන ඇතුලත් වේ.

මෙම නිෂ්පාදන සියල්ලම ඉස්ලාමීය නීති විද්‍යාව පිළිබඳ විශේෂඥයින්ගෙන් සමන්විත වන බැංකුවේ ෂරියා මණ්ඩලයේ මඟ පෙන්වීම යටතේ සිදු කරන ලබන අතර සියලුම ගනුදෙනු ෂරියා මූලධර්ම හා පරාමිතීන්ට අනුකූල වන බව එමගින් සහතික කෙරේ.

ශ්‍රී ලංකාවේ සුළු සහ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර වලට විශාලතම ණය සම්පාදනය කරන්නා මෙන්ම දේශීය බැංකු ක්ෂේත්‍රයේ ඩිජිටල් නව්‍යකරණය සඳහා ප්‍රමුඛයෙකු වන කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ පරිසරයට කාබන් මුදාහැරීම 100% තුලනය කළ ප්‍රථම බැංකුව ද වේ. බැංකුව දිවයින පුරා උපායමාර්ගිකව පිහිටා ඇති ශාඛා සහ ස්වයංක්‍රීය යන්ත්‍ර ජාලයක් ක්‍රියාත්මක කරන අතර, බංග්ලාදේශයේ ශාඛා 20 ක්, මාලදිවයිනේ බහුතර කොටස් හිමිකාරිත්වයක් සහිත පූර්ණ මට්ටමේ Tiar I බැංකුවක් සහ මියන්මාරයේ ක්ෂුද්‍ර මූල්‍ය සමාගමක් සමඟින් ශ්‍රී ලාංකික බැංකු අතර පුළුල්ම ජාත්‍යන්තර පියසටහනක් තබා ඇත. ඩුබායි ජාත්‍යන්තර මූල්‍ය මධ්‍යස්ථානය (DIFC) තුළ නියෝජිත කාර්යාලයක් බැංකුව මෑතකදී විවෘත කළ අතර, මෙම සන්ධිස්ථානය කරා ළඟා වූ ශ්‍රී ලංකාවේ පළමු බැංකුව කොමර්ෂල් බැංකුව වේ. එය බැංකුවේ ගෝලීය පියසටහන පුළුල් කිරීම සඳහා සැලකිය යුතු පියවරකි. බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය දරන CBC ෆිනෑන්ස් ලිමිටඩ් ද එහි ශාඛා ජාලය හරහා පුළුල් පරාසයක මූල්‍ය සේවා සපයයි.

Home  Facebook



ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව