කොමර්ෂල් බැංකුව සිය පළමු කාන්තා බැංකු මධ්‍යස්ථානය යාපනය ශාඛාවේ විවෘත කරයි

Anagi Women's Banking Centre Jaffna (LBN)

කාන්තාවන්ටම විශේෂිත අවශ්‍යතා සපුරාලීම සඳහා බැංකුවේ කැපවීම ශක්තිමත් කරමින් කොමර්ෂල් බැංකුව විසින් කාන්තා ගනුදෙනුකරුවන්ට සේවය කිරීම සඳහා කැපවූ කාන්තා කාර්ය මණ්ඩලයක් විසින් කළමනාකරණය කරනු ලබන පළමු කාන්තා බැංකු මධ්‍යස්ථානය විවෘත කර ඇත.

යාපනය, රෝහල් පාර, අංක 474 දරන ස්ථානයේ පිහිටි බැංකුවේ යාපනය ශාඛාවේ විවෘත කරන ලද මෙම මධ්‍යස්ථානය ‘අනගි කාන්තා බැංකු මධ්‍යස්ථානය’ ලෙස නම් කර ඇත.
 



 

කාන්තා ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතා සපුරාලීම සඳහා විශේෂයෙන් නිර්මාණය කර ඇති අනගි කාන්තා බැංකු මධ්‍යස්ථානය, දරුවන්ට කිරි ලබා දීමේ කාමරයක්, ළමයින්ට විනෝද වීමට ස්ථානයක්, උකස් ඒකකයක්, උපදේශන ඒකකයක්, ආපන ශාලාවක් ඇතුළු විශේෂ පහසුකම් වලින් සමන්විත වන්නේය. ඕනෑම කොමර්ෂල් බැංකු ශාඛාවකින් ලබාදෙන සම්පූර්ණ මූල්‍ය නිෂ්පාදන සහ සේවාවන් ද එයින් සපයනු ලබයි.

මෙම මුලපිරීම හරහා විවිධත්වය, සමානාත්මතාවය සහ සෑම පුද්ගලයෙකුටම සමාන අවස්ථාවන් ලබාදීම  මෙන්ම ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය ප්‍රවර්ධනය කිරීම සහ කාන්තාවන් සවිබල ගැන්වීම සඳහා වන බැංකුවේ කැපවීම නැවතත් තහවුරු කරන බව බැංකුව පවසයි. ‘අනගි කාන්තා බැංකු මධ්‍යස්ථානය’ සාම්ප්‍රදායික බැංකුකරණයෙන් ඔබ්බට ගොස් කාන්තාවන් මුහුණ දෙනු ලබන අවශ්‍යතා, මනාපයන් සහ අභියෝගවලට ගැලපෙන්නා වූ අද්විතීය පරිසරයක් නිර්මාණය කිරීම අරමුණු කරගනිමින් පුළුල් පරාසයක බැංකු සේවා ලබා දෙනු ලබයි.

‘අනගි කාන්තා බැංකු මධ්‍යස්ථානය’ විවෘත කිරීමේ අවස්ථාවට කොමර්ෂල් බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී – මානව සම්පත් කළමනාකරණ ඉසුරු තිලකවර්ධන මහතා සහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ සහ ආයතනික කළමනාකාරිත්වයේ සාමාජිකයින් සහභාගී වූ අතර මෙම සන්ධිස්ථානය සඳහා මුලපිරීමේ උපායමාර්ගික වැදගත්කම අවධාරණය කලහ.

කොමර්ෂල් බැංකුව ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පත්වු පළමු දේශීය බැංකුව වන අතර කොළඹ කොටස් වෙළඳපල බැංකු අංශයේ ඉහළම වෙළඳපල ප්‍රාග්ධනකරණයක් ඇති බැංකුව වේ. ශ්‍රී ලංකාවේ සුළු සහ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර වලට විශාලතම ණය සම්පාදනය කරන්නා මෙන්ම දේශීය බැංකු ක්ෂේත්‍රයේ ඩිජිටල් නව්‍යකරණය සඳහා ප්‍රමුඛයෙකු වන කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ පරිසරයට කාබන් මුදාහැරීම 100% තුලනය කළ ප්‍රථම බැංකුව ද වේ. බැංකුව දිවයින පුරා උපායමාර්ගිකව පිහිටා ඇති ශාඛා සහ ස්වයංක්‍රීය යන්ත්‍ර ජාලයක් ක්‍රියාත්මක කරන අතර, බංග්ලාදේශයේ ශාඛා 20 ක්, මාලදිවයිනේ බහුතර කොටස් හිමිකාරිත්වයක් සහිත පූර්ණ මට්ටමේ Tier I බැංකුවක් සහ මියන්මාරයේ ක්ෂුද්‍ර මූල්‍ය සමාගමක් සමඟින් ශ්‍රී ලාංකික බැංකු අතර පුළුල්ම ජාත්‍යන්තර පියසටහනක් තබා ඇත. ඩුබායි ජාත්‍යන්තර මූල්‍ය මධ්‍යස්ථානය (DIFC) තුළ නියෝජිත කාර්යාලයක් බැංකුව මෑතකදී විවෘත කළ අතර, මෙම සන්ධිස්ථානය කරා ළඟා වූ ශ්‍රී ලංකාවේ පළමු බැංකුව කොමර්ෂල් බැංකුව වේ. එය බැංකුවේ ගෝලීය පියසටහන පුළුල් කිරීම සඳහා සැලකිය යුතු පියවරකි. බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය දරන CBC ෆිනෑන්ස් ලිමිටඩ් ද එහි ශාඛා ජාලය හරහා පුළුල් පරාසයක මූල්‍ය සේවා සපයයි.

Home  Facebook
 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව