කොමර්ෂල් බැංකුව ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථම හරිත නිවාස ණය යෝජනා ක‍්‍රමය දියත් කරයි

Green Home Loans (LBN)

 



 

 

කොමර්ෂල් බැංකුව මෙන්ම පරිසරය වෙනුවෙන් කැපවී සිටින ගනුදෙනුකරුවන්ට සහාය වීම සඳහා දියත් කර ඇති හරිත ණය දීමේ ව්‍යාපෘතිය යටතේ, කොමර්ෂල් බැංකුව නව වැඩසටහනක් ප‍්‍රකාශයට පත්කර ඇත.

මේ අනුව ශ‍්‍රී ලංකා හරිත ගොඩනැගිලි කවුන්සිලය (GBCSL) විසින් හරිත ගොඩනැගිලි සහතික ප‍්‍රදානය කරන ලද නිවාස මිලදී ගැනීම සඳහා හෝ එසේ සහතික කිරීමට නියමිත  නිවාස ඉදිකිරීම සඳහා රුපියල් මිලියන 50 දක්වා හරිත නිවාස ණය දැන් කොමර්ෂල් බැංකුවෙන් ලබාගත හැකිය. මීට අමතරව, හරිත සහතිකයක් ලබා ගැනීමට තුඩු දෙන සූර්ය බලශක්ති පද්ධති, සූර්ය ජාල මිනුම් පද්ධති, අපද්‍රව්‍ය හෝ වැසි ජලය කළමනාකරණ පද්ධති හෝ කොම්පෝස්ට් නිෂ්පාදනය වැනි වෙනත් හරිත ව්‍යාපෘති සඳහා රුපියල් මිලියන 5 දක්වා ණය ලබාගත හැකි බව බැංකුව ප‍්‍රකාශ කරයි.

වෙළෙඳපොළේ මෙවැනි ආකාරයක පළමු නිවාස ණය නිෂ්පාදනය මෙය වන අතර, කොමර්ෂල් බැංකුවේ හරිත නිවාස ණය විශේෂ සහනදායී පොලී අනුපාතයක්ද දරයි. එය ප‍්‍රකාශිත ‘ප්ලැටිනම්’ අනුපාතයට වඩා 1%ක් අඩුවන අතර, ගැනුම්කරුවන්ට අදාල ලියකියවිලි ගාස්තුවලින් 50%ක් පමණක් ගෙවීමට සිදුවනු ඇතිය. හරිත නිවාස ණය ලබා ගන්නා ගැනුම්කරුවන් සඳහා ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම සූර්ය බලශක්ති පද්ධති සපයන්නන් 5 දෙනෙකුගෙන් බැංකුව දැනටමත් 10% දක්වා වට්ටම් ලබාගෙන ඇත. මෙම ණය නැවත ගෙවීම සඳහා වසර 15ක් දක්වා කාලය ලබාගත හැකි අතර, ණය මුදලින් ගෙවූ කොටස ආපසු ලබා ගෙන පරිසර හිතකාමිත්වය වැඩිදියුණු කරන නඩත්තු හෝ වැඩිදියුණු කිරීම් සඳහා ණය මුදල අලූත් කරගන්න අවස්ථාව ලැබේ.

මෙම නවතම හරිත ණය දීමේ වැඩසටහන පිළිබඳ වූ අදහස් දක්වමින් කොමර්ෂල් බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී – පාරිභෝගික බැංකු සේවා සහ අලෙවිකරණ හස්රත් මුණසිංහ මහතා මෙසේ පැවසීය. ‘ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථම කාබන් මුදාහැරීම 100% තුලනය කල බැංකුව ලෙස කොමර්ෂල් බැංකුව, පරිසර හිතකාමී පරිභෝජනය ප‍්‍රවර්ධනය කිරීමට පෙරමුණ ගෙන සිටියි. මේ සඳහා හොඳම ක‍්‍රමය වන්නේ, අපගේ ණය දීම තුළින් හරිතකරණයට ආයෝජන දිරි ගැන්වීමයි. අපි මීට වසර පහකට පෙර හරිත පුද්ගලික ණය සහ හරිත ලීසිං දියත් කළ අතර, හරිත මූල්‍ය නිෂ්පාදන සංවර්ධනය කිරීම සඳහා IFC වැනි ආයතන සමග කටයුතු කරමින් සිටින්නෙමු. හරිත ගොඩනැගිලි කවුන්සිලය සමග දියත් කර ඇති හරිත නිවාස ණය යෝජනා ක‍්‍රමය මෙම ප‍්‍රයත්නයන්ට සහාය වනු ඇතිය.’

ශ‍්‍රී ලංකාවේ පරිසරයට කාබන් මුදාහැරීම 100% තුලනය කළ ප‍්‍රථම බැංකුව සහ ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පත්වු පළමු දේශීය බැංකුව වන කොමර්ෂල් බැංකුව මේ වනවිට දිවයින පුරා බැංකු ශාඛා 271 ක් සහ ස්වයංක‍්‍රීය යන්ත‍්‍ර 957 ක් ක‍්‍රියාත්මක කරයි. ශී‍්‍ර ලංකාවේ සුළු සහ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර වලට විශාලතම ණය සම්පාදනය කරන්නා මෙන්ම දේශීය බැංකු ක්ෂේත‍්‍රයේ ඩිජිටල් නව්‍යකරණය සඳහා ප‍්‍රමුඛයෙකු වන කොමර්ෂල් බැංකුව බංග්ලාදේශය තුළ ශාඛා 20 ක් ද මියන්මාරයේ නේ පයිටව් හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ‍්‍රී ලංකාවේ එකම පුද්ගලික වාණිජ බැංකුව ද වේ.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

3 × four =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව