LMD සඟරාව විසින් ප්‍රකාශයට පත් කරන ලද 2023 ශ්‍රී ලංකාවේ වඩාත්ම ගෞරවනීය ආයතන ශ්‍රේණිගත කිරීම්වලදී කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ වඩාත්ම ගෞරවනීය බැංකුව ලෙසත්, සමස්තයක් ලෙස රටේ 4 වැනි වඩාත් ගෞරවනීය සංස්ථාපිත ආයතනය ලෙසත් ශ්‍රේණිගත කර ඇත.
රටේ විශාලතම පුද්ගලික අංශයේ බැංකුව වන කොමර්ෂල් බැංකුව, මූල්‍ය කාර්ය සාධනය සහ අවංකභාවය සඳහා ව්‍යාපාර ක්ෂේත්රයේ සියලුම අංශ හරහා සමස්ත 2 වැනි ස්ථානයට පත්වූ අතර, දැක්ම, කළමනාකරණ පැතිකඩ, ජාතික ඉදිරි දර්ශනය සහ ආයතනික සංස්කෘතිය සඳහා ශ්‍රී ලාංකීය හොඳම ආයතන 5 අතරටද ශ්‍රේණිගත විය.
මෙලෙස කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ වඩාත්ම ගෞරවනීය බැංකුව ලෙසට ශ්‍රේණිගත කිරීම සිදුවන්නේ අඛණ්ඩව 19වැනි වසරටයි. 2005දී මෙම ශ්‍රේණිගත කිරීම දියත් කිරීමෙන් පසු LMD විසින් පවත්වනු ලැබූ සෑම වාර්ෂික සමීක්ෂණයකින්ම බැංකුව රටේ වඩාත්ම ගෞරවනීය ආයතන 5 අතරට පැමිණ ඇති අතර, කොමර්ෂල් බැංකුව රටේ වඩාත්ම ගෞරවනීය ආයතනවලට අදාලව සඟරාවේ 2023 Hall of the Fame ශ්‍රේණියේ 4 වැනි ස්ථානයද දිනා ගත්තේය.
බැංකුව වෙත පිරිනැමෙන මෙම නවතම උපහාරය පිළිබඳව අදහස් දක්වමින් කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී සනත් මනතුංග මහතා මෙසේ පැවසීය. ‘ආයතනික සාර්ථකත්වයට ජනතාවගේ ගෞරවය කේන්ද්‍රීය වෙයි. මූල්‍ය සේවාවන්වලදී අවංකභාවය සහ ශක්තිමත් මූල්‍ය කාර්ය සාධනය අත්‍යාවශ්‍ය අංග වෙයි. ඉහළ ශ්‍රේණිගත කිරීම් ලබා ගැනීම සඳහා මෙම ක්ෂේත්රයන්ට අදාලව සාමාන්‍ය ජනතාව විසින් ප්‍රකාශ කරන ලද ඡන්ද පදනම මත, කොමර්ෂල් බැංකුව අඛණ්ඩව වසර 19ක් ගෞරවනීය බැංකුව ලෙස ශ්‍රේණිගත වීමට ලැබීම සැබැවින්ම කැපී පෙනෙන ජයග්‍රහණයකි.’
ශ්‍රී ලංකාවේ පරිසරයට කාබන් මුදාහැරීම 100% තුලනය කළ ප්‍රථම බැංකුව සහ ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පත්වු පළමු දේශීය බැංකුව වන කොමර්ෂල් බැංකුව මේ වනවිට දිවයින පුරා බැංකු ශාඛා 271 ක් සහ ස්වයංක්‍රීය යන්ත්‍ර 957 ක් ක්‍රියාත්මක කරයි. ශ්‍රී ලංකාවේ සුළු සහ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර වලට විශාලතම ණය සම්පාදනය කරන්නා මෙන්ම දේශීය බැංකු ක්ෂේත්රයේ ඩිජිටල් නව්‍යකරණය සඳහා ප්රමුඛයෙකු වන කොමර්ෂල් බැංකුව බංග්ලාදේශය තුළ ශාඛා 20 ක් ද මියන්මාරයේ නේ පයිටව් හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ්‍රී ලංකාවේ එකම පුද්ගලික වාණිජ බැංකුව ද වේ.