කොමර්ෂල් බැංකුව වෙතින් LANKAQR සහ NFC තාක්ෂණය සහිත පොයින්ට්-ඔෆ්-සේල් පර්යන්ත ඩර්ඩන්ස් රෝහලට

POS to Durdans Labs (1)

 




 

 

කොළඹ ඩර්ඩන්ස් රෝහලේ ගැනුම්කරුවන්ට ඉතාමත් ආරක්ෂාකාරීව සහ පහසුවෙන් ගෙවීම් කිරීමට හැකි ටැප්-ඇන්ඞ්-ගෝ සහ ස්කෑන්-ඇන්ඞ්-පේ ඇතුළු සියළු පහසුකම් එක් යන්ත‍්‍රයක තිබෙන ඇන්ඩ්‍රොයිඞ්-සවිබලයෙන් යුක්ත පොයින්ට්-ඔෆ්-සේල් පර්යන්ත කොමර්ෂල් බැංකුව විසින් ස්ථාපිත කර තිබේ.

මෙම නව උපකරණ මගින් එක් යන්ත‍්‍රයක් මගින් LANKAQR යටතේ QR-කේතය පදනම් කරගත් වොලට් ගෙවීම් සහ ආරක්ෂාකාරී Near Field Communication (NFC) තාක්ෂණය ගැනුම්කරුවන්ට සිය පරිශ‍්‍රය තුළදී ලබාදෙන අතර ඒ තුළින් යන්ත‍්‍ර අවම වශයෙන් ස්පර්ශ කරමින් ආරක්ෂාකාරීව ගෙවීම් කිරීමට අවස්ථාව උදාකර ඇත.

කොමර්ෂල් බැංකුව විසින් ඩර්ඩන්ස් රෝහල් පරිශ‍්‍රය තුළ ස්ථාපිත කර තිබෙන පොයින්ට්-ඔෆ්-සේල් උපකරණ මගින් වීසා, මාස්ටර්කාඞ්, යුනියන්පේ, ලංකාපේ සහ JCB කාඞ්පත් ගනුදෙනු මෙන්ම LANKAQR යටතේ QR කේතය පදනම් කරගත් වොලට් ගනුදෙනු කිරීමටද අවස්ථාව තිබේ. මෙමගින් ගනුදෙනුකරුවන්ට තදබදයකින් තොර මුදල් නොවන ගනුදෙනු කිරීමට අවස්ථාව ලබාදෙන අතර මුදල් කවුන්ටර්වල රැඳී සිටීමේ කාලය විශාල ලෙස අඩුකරනු ඇත. බැංකුව සඳහන් කරන්නේ මෙම උපකරණ මගින් EMV/Chip, Magstripe, NFC සහ QR- කේතය පදනම් කරගත් ගනුදෙනු පිළිගන්නා නිසා තමන්ගේ කැමැත්ත පරිදි ඉක්මනින් සහ ආරක්ෂාකාරීව ගෙවීම් කිරීමේ අවස්ථාව ලබාදෙන බවයි.

කාන්දම් තීරු භාවිතා කරන කාඞ්පත් වලට වඩා NFC තාක්ෂණයෙන් යුක්ත කාඞ්පත් වඩාත් ආරක්ෂාකාරී වන අතර මෙම කාඞ්පත් තුන්වන පාර්ශවයක් අතට ලබාදීමට සිදු නොවන හෙයින් එහි ආරක්ෂාව තවදුරටත් තහවුරුවේ.

පරිසරයට කාබන් මුදාහැරීම සම්පූර්ණයෙන්ම තුලනය කළ ශ‍්‍රී ලංකාවේ එකම බැංකුව වන කොමර්ෂල් බැංකුව ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පිට පිටම 11 වතාවක් තේරී පත්වූ එකම ශ‍්‍රී ලාංකේය බැංකුව වන අතර මේ වනවිට දිවයින පුරා බැංකු ශාඛා 268 ක් සහ ස්වයංක‍්‍රීය යන්ත‍්‍ර 931 ක් ක‍්‍රියාත්මක කරයි. බංග්ලාදේශය තුළ ශාඛා 19 ක් ද මියන්මාරයේ නේ පයිටව් හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ‍්‍රී ලංකාවේ එකම පුද්ගලික වාණිජ බැංකුව කොමර්ෂල් බැංකුව වේ.

 

 

 

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව