කොමර්ෂල් බැංකුව වෙතින් 5 වසර දරුවන් සඳහා ශිෂ්‍යත්ව විභාග සහාය වැඩමුළු මාලාවක්

Year 5 scholarship seminars 2023 (LBN)

 



 

 

සිසුන් හා දෙමාපියන් 2023 පහ වසර ශිෂ්‍යත්ව විභාගයට සූදානම් වන අවසන් දින කිහිපය පැමිණ තිබියදී, කොමර්ෂල් බැංකුව දෙරණ FM සමඟ එක්ව ශිෂ්‍යත්ව අපේක්ෂකයන් සඳහා ප‍්‍රමුඛ පෙලේ ගුරුවරුන් සහ ආදර්ශ ප‍්‍රශ්න පත‍්‍ර ඇතුළත් පෙර සූදානම් වැඩමුළු මාලාවක් පවත්වයි.

මෙම වැඩසටහන් මාලාවේ නවතම වැඩසටහන සිසුන් 500ක් සඳහා කලවාන ශී‍්‍ර තිලකරත්නාරාම පුරාණ විහාරස්ථානයේදී ශිෂ්‍යත්ව විභාග උපදේශක වින්සර සමරසිංහ මහතා විසින් පවත්වන ලදී. දරුවන්ට විභාගය සමත් වීමට උපකාර කිරීම හා පුහුණු කිරීම පිළිබඳ මාර්ගෝපදේශ ලබා දීම සඳහා සිසුන්ගේ දෙමාපියන් වෙනුවෙන් වෙනම වැඩසටහනක් පැවැත්විණි.

කලවාන වැඩසටහනට පෙර මහරගම ජනාධිපති විද්‍යාලය, මහනුවර ධර්මරාජ විද්‍යාලය, මැල්ලවගෙදර අනගාරික ධර්මපාල විද්‍යාලය, කෑගල්ල ජෝසප් වාස් බාලිකා විද්‍යාලය, දික්වැල්ල ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලය, තවලම විද්‍යාරාජ විද්‍යාලය, හඟුරන්කෙත සී සී විද්‍යාලය හා වැලිමඩ මහා විද්‍යාලය යන ස්ථානවලදී ද මෙවැනි වැඩමුළු පවත්වන ලදී.

තවද, මෙම වැඩසටහනේ බැංකුකරණ සහකරු ලෙස කොමර්ෂල් බැංකුව තම දරුවන්ගේ අනාගතය වෙනුවෙන් ඉතිරිකිරීම් සහ දරුවන්ගේ උසස් අධ්‍යාපනය සඳහා ණය පහසුකම් ලබා ගැනීමේ විකල්පයන් පිළිබඳව දෙමාපියන් දැනුවත් කලේය. මෙම උත්සව වලදී බැංකු කවුන්ටර මගින් දරුවන් සඳහා ළමා ඉතුරුම් ගිණුම් විවෘත කිරීමට පහසුකම් සලසා තිබූ අතර, ‘අරුණළු’ ළමා ඉතුරුම් ගිණුම් විවෘත කළ දෙමාපියන්ට ආකර්ෂණීය ‘අරුණළු’ තිළිණයක් පිරිනමන ලදී.

කොමර්ෂල් බැංකුවේ ප‍්‍රමුඛතම ළමා ඉතුරුකිරීමේ ගිණුම වන ‘අරුණළු’ ළමා ඉතිරි කිරීමේ ගිණුම වෙළඳපොලේ ඇති සංසන්දනාත්මක නිෂ්පාදනවලට වඩා ඉහළම පොලී අනුපාතයක් ලබාදෙන අතර 5 වසර ශිෂ්‍යත්ව විභාගයෙන් තම පාසල්වල පළමු, දෙවන හෝ තෙවැනි ඉහළම ලකුණු ලබා ගන්නා ගිණුම් හිමියන්ට විශේෂ මුදල් ත්‍යාග පිරිනැමෙයි.

ශ‍්‍රී ලංකාවේ පරිසරයට කාබන් මුදාහැරීම 100% තුලනය කළ ප‍්‍රථම බැංකුව සහ ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පත්වු පළමු දේශීය බැංකුව වන කොමර්ෂල් බැංකුව මේ වනවිට දිවයින පුරා බැංකු ශාඛා 271 ක් සහ ස්වයංක‍්‍රීය යන්ත‍්‍ර 957 ක් ක‍්‍රියාත්මක කරයි. ශී‍්‍ර ලංකාවේ සුළු සහ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර වලට විශාලතම ණය සම්පාදනය කරන්නා මෙන්ම දේශීය බැංකු ක්ෂේත‍්‍රයේ ඩිජිටල් නව්‍යකරණය සඳහා ප‍්‍රමුඛයෙකු වන කොමර්ෂල් බැංකුව බංග්ලාදේශය තුළ ශාඛා 20 ක් ද මියන්මාරයේ නේ පයිටව් හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ‍්‍රී ලංකාවේ එකම පුද්ගලික වාණිජ බැංකුව ද වේ.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව