කොමර්ෂල් බැංකුව විසින් කළමනාකරණ සංවර්ධන වැඩසටහනක් පවත්වයි

LRF 2nd edition (LBN)

 



 

 

ව්‍යාපාර පරිණාමය සහ ඩිජිටල් තාක්ෂණයේ බලපෑම් සඳහා නව ව්‍යාපාර ආකෘති නිර්මාණය කිරීම උදෙසා, කොමර්ෂල් බැංකුවේ නායකත්ව සූදානම් සංසදයේ දෙවන අදියරෙහි අවධානය යොමු කරන ලදී. එය දැනට ක‍්‍රියාත්මක වන බැංකුවේ මධ්‍ය කළමනාකරණ සංවර්ධන වැඩසටහනේ එක් අංගයකි. බැංකුවේ මධ්‍යම කළමනාකාරිත්වයේ සාමාජිකයින් 140කට වැඩි පිරිසක් මෙම වැඩසටහනට සහභාගී වූ අතර, තවත් 100ක පිරිසක් අන්තර්ජාලය හරහා සහභාගී වූහ. ඩිජිටල් තාක්ෂණය වර්ධනයේ බලපෑම් අවබෝධ කර ගැනීම, නව නායකත්ව ආදර්ශය වැළඳ ගැනීම, ඔරොත්තු දෙන සහ අනාගතයට සූදානම් සංවිධානයක් ගොඩනැගීම, ඩිජිටල් කුසලතා පෝෂණය කිරීම, අභියෝග ජය ගැනීම සහ අවස්ථා අත්පත්කර ගැනීම වැනි මාතෘකා පිළිබඳ මෙහිදී ආවරණය කරන ලදී.

මෙම අවස්ථාවට ලබාදී ඇති වැදගත්කම අවධාරණය කරමින්, කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්‍ෂ සහ ප‍්‍රධාන විධායක නිලධාරී සනත් මනතුංග මහතා සහ ප‍්‍රධාන මෙහෙයුම් නිලධාරී එස්. ප‍්‍රභාගර් මහතාද, බැංකුවේ ආයතනික සහ ජ්‍යෙෂ්ඨ කළමනාකාරිත්වයේ සාමාජිකයින්ද මෙම අවස්ථාවට සහභාගී වූහ. එසේම මෙහිදී තවත් විශේෂඥ මණ්ඩලයක්ද සහභාගී වූ අතර, ඩයලොග් ආසියාටා පීඑල්සී සමාගමේ ප‍්‍රධාන මෙහෙයුම් නිලධාරී ලසන්ත තෙවරප්පෙරුම මහතා මෙම අවස්ථාවට ආරාධිත කථිකයා වශයෙන් සහභාගි විය. බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී – පාරිභෝගික බැංකු සේවා සහ අලෙවිකරණ හස්රත් මුණසිංහ මහතා සහ බැංකුවේ ප‍්‍රධාන අවදානම් නිලධාරී කපිල හෙට්ටිහාමු මහතාද මෙම අවස්ථාවට සහභාගී වූහ. ඩිජිටල් තාක්ෂණයේ පරිණාමය සාර්ථක ලෙස සංචාලනය කිරීම සඳහා තීක්‍ෂණ බුද්ධිය, අත්දැකීම් සහ උපාය මාර්ගද මෙහිදී බෙදාහදා ගත්හ.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව