කොමර්ෂල් බැංකුව ලංකා බැංකු සේවක සංගමය (CBEU) සමග සාමුහික ගිවිසුමක් සහ අවබෝධතා ගිවිසුමක් අත්සන් කරයි

Collective Agreement (LBN)

2024 වසරේ සිය පළමු ක්‍රියාවලින්ගෙන් එකක් ලෙස කොමර්ෂල් බැංකුව, ලංකා බැංකු සේවක සංගමය සමග නව සාමුහික ගිවිසුමකට සහ අවබෝධතා ගිවිසුමකට පිවිසෙමින්, වඩා යහපත් සේවක සේවා කොන්දේසි සහතික කිරීම සඳහා බැංකුවේ නොසැලෙන කැපවීම යළි තහවුරු කර ඇත. කොමර්ෂල් බැංකුව, සංගමය සහ සේවකයින් අතර සහයෝගීතාවය තුළින් කාර්යක්‍ෂම හා ඵලදායී සේවා පරිසරයක්ද පවත්වාගෙන යෑමද මෙම ක්‍රියාවලිය මගින් අපේක්‍ෂා කරයි.

 



 

සාමුහික ගිවිසුම මගින් කොමර්ෂල් බැංකුව, ලංකා බැංකු සේවක සංගමය සහ සංගමයේ සාමාජිකයින්ද ආවරණය වන අතර, එමගින් විධායක සහකාර ශ්‍රේණිවල හා අනුබද්ධ ශ්‍රේණිවල සහ විධායක නොවන ශ්‍රේණිවල ස්ථිර රැකියා කොන්ත්‍රාත්තු මත සේවයේ නියුතු සංගමයේ සාමාජිකයින් ආවරණය කෙරෙයි. දෙපාර්ශ්වය අතර අත්සන් කරන ලද අවබෝධතා ගිවිසුම හරහා, විධායක ශ්‍රේණියේ නිලධාරීන් ආවරණය වේ.

අත්සන් කරන ලද සාමුහික ගිවිසුම සහ අවබෝධතා ගිවිසුම 2026 දෙසැම්බර් 31දා දක්වා බලපැවැත්වේ.

ගිවිසුම අත්සන් කරන අවස්ථාවට සහභාගී වූ CBEU ශාඛා සංගමයේ වැඩ බලන ලේකම් රමේෂ් ප්‍රනාන්දු මහතා, CBEU ශාඛා සංගමයේ සභාපති සමීර කසුන් මහතා, CBEU ලේකම් රන්ජන් සේනානායක මහතා, CBEU සභාපති චන්න දිසානායක මහතා, කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්‍ෂ/ප්‍රධාන විධායක නිලධාරී සනත් මනතුංග මහතා, බැංකුවේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී එස්. ප්‍රභාගර් මහතා සහ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී – මානව   සම්පත් කළමනාකරණය ඉසුරු තිලකවර්ධන මහතා.

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

9 − seven =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව