කොමර්ෂල් බැංකුව යාපනයේ විශේෂ පේ‍්‍රෂණ සහ තැන්පතු ප‍්‍රවර්ධන වැඩසටහනක් සිදුකරයි

Jaffna promo 2022 - Composite (LBN Fill)

 



 

 

නව ගිණුම් විවෘත කිරීම සහ විශේෂ දිරි දීමනා සහ ත්‍යාග ලබාදෙන බැංකුවේ පේ‍්‍රෂණ සේවා භාවිතය දිරිමත් කිරීම සඳහා කොමර්ෂල් බැංකුව විසින් පසුගියදා යාපනය නල්ලූර් කන්දසාමි කෝවිලේ උත්සවයට සමගාමීව ප‍්‍රවර්ධන වැඩසටහන් මාලාවක් පවත්වන ලදී.

මෙම ප‍්‍රවර්ධන වැඩසටහන සතියක් පුරා පැවති අතර එහිදී ‘Vibe’ තරුණ ඉතිරිකිරීමේ ගිණුම, DotCom නව යෞවන ඉතිරි කිරීමේ ගිණුම සහ දෙමව්පියන්ට සහ භාරකරුවන්ට දරුවන් වෙනුවෙන් විදේශීය මුදල් වලින් ඉතිරි කිරීම දිරිමත් කිරීම සඳහා පසුගියදා ආරම්භ කළ ‘අරුණළු’ විදේශීය මුදල් ළමා ඉතිරි කිරීමේ ගිණුම ඇතුළු බැංකුවේ සේවාවන් සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කළ බව බැංකුව පවසයි. මෙහිදී නව Vibe සහ DotCom ගනුදෙනුකරුවන්ට නොමිලේ Vibe සහ DotCom කාඞ්පත් ප‍්‍රදානය කරන ලදී.

මීට අමතරව, බැංකුව විසින් මෙහිදී ‘ComBank RemitPlus’ භාවිතා කරමින් පේ‍්‍රෂණ සම්බන්ධ තොරතුරු සහ සේවා සඳහා ප‍්‍රවේශ වීමේදී ලැබෙන ප‍්‍රතිලාභ, මුදල් වලින් ගිණුම් වලට පේ‍්‍රෂණ එවීමේදී තිබෙන වාසි සහ පේ‍්‍රෂණ සඳහා ඊ- රිසිට්පතක් ලබාගැනීමේ පහසුව පිළිබඳවද දැනුවත් කළේය. එසේම, බැංකුවේ ඩිජිටල් බැංකුකරණ පද්ධතිය වන කොම්බෑන්ක් ඩිජිටල් භාවිතා කිරීමේ ප‍්‍රයෝජනද මෙහිදී පැහැදිලි කරන ලදී.

බැංකුව විසින් සමාජ මාධ්‍ය සහ අත්පත‍්‍රිකා බෙදා දෙමින් ජනතාව සමඟ සම්බන්ධ වූ බවත් යාපනයේ ජනප‍්‍රිය උත්සවයක් වන නල්ලූර් උත්සවය නිසා විශාල පිරිසක් මෙම වැඩසටහන් වලට සහභාගී වූ බවත් බැංකුව පවසයි.

සේයාරුවෙන් දැක්වෙන්නේ මෙම ප‍්‍රවර්ධනයට සහභාගී වූ කොමර්ෂල් බැංකුවේ සාමාජිකයින් කිහිපදෙනෙක් සහ නල්ලූර් ප‍්‍රදේශයේ සැරිසරන බැංකුවේ බෑන්ක්-ඔන්-වීල්ස් රථයකි.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

four × three =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව