කොමර්ෂල් බැංකුව ‘බිස්නස් ටුඩේ TOP 40’ ලැයිස්තුවේ අංක 1 බවට පත්වෙයි

Commercial Bank Chairman Prof. Ananda Jayawardane & Managing Director and CEO Mr Sanath Manatunge (LBN)

 



 

 

‘බිස්නස් ටුඩේ’ සඟරාව විසින් 2022-23 සඳහා ශ්‍රේණිගත කර ඇති ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සමාගම් 40 අතර කොමර්ෂල් බැංකුව පළමු ස්ථානය හිමිකර ගෙන ඇත.

මෙරට විශාලතම විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාර, බැංකුකරණ හා මූල්‍ය සේවා දැවැන්තයින් සහ මහා පරිමාණ නිෂ්පාදන සමාගම් අතරින් ඉහළම ස්ථානයට පත් කරමින් ‘බිස්නස් ටුඩේ’ විසින් කොමර්ෂල් බැංකුවට ලකුණු 34.55 ක් ලබා දී ඇත.

මෙරට හොඳම කාර්යසාධනය හිමි බැංකුව පමණක් නොව, සමස්ථයක් ලෙස ශ්‍රී ලංකාවේ හොඳම කාර්යසාධනය හිමි ආයතන පහ අතරින් එකක් ද ලෙස ‘බිස්නස් ටුඩේ’ විසින් කොමර්ෂල් බැංකුව අඛණ්ඩව ශ්‍රේණිගත කළ 15 වන වසර මෙය වේ.

“සඟරාව විසින් ශ්‍රී ලංකා ඉතිහාසයේ අභියෝගාත්මක කාලසීමාවක් ලෙස විස්තර කර ඇති වසරක් තුළදී ‘බිස්නස් ටුඩේ’ හි ඉහළම ශ්‍රේණිගත සමාගම් 40 අතරින් පළමු ස්ථානයට පත්වීම අපට ගෞරවයක්,” යැයි කොමර්ෂල් බැංකුවේ කළමණාකාර අධ්‍යක්‍ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී සනත් මනතුංග මහතා පැවැසීය. තවදුරටත් අදහස් දකිවමින් එතුමා මෙසේ සඳහන් කළේය:“බිස්නස් ටුඩේ සඳහන් කරන පරිදි මෙම ආයතන වලට උද්ධමනය හා පොලී අනුපාත ඉහළ යාම, බලශක්ති සුරක්ෂිතතාවය පිළිබඳ ගැටළු, තීරුබදු, විදේශ විනිමය ද්‍රවශීලතාව හැකිලීම, රුපියල අවප්‍රමාණය වීම, බදු ඉහළ යාම, ආනයන සීමා කිරීම් හා කාරක ප්‍රාග්ධනයේ විශාලනය යන ගැටළු වලට මුහුණ දීමට සිදු වූ අතරම කෘෂිකර්මය, නිෂ්පාදන හා සේවා වැනි තීරණාත්මක ආර්ථිික අංශ සංකෝචනය වීම වැනි අභියෝග හමුවේ ශ්‍රේණිගත කිරීමේ ඉහළට ම පැමිණීම, මෙවන් කැළඹීම් වලට මුහුණ දීමට පමණක් නොව, අභියෝග යෝග්‍යතාවස්ථා වලට පරිවර්තනය කිරීමටත් බැංකුවට ඇති හැකියාව සහතික කරයි.”

‘බිස්නස් ටුඩේ’ ප්‍රකාශ කර සිටියේ, බැංකුව සිය අධ්‍යක්ෂක මණ්ඩලයේ අචල උපාය මාර්ගික කළමනාකාරීත්වයේ මෙහෙයවීම අනුව යමින් විදේශ විනිමය සංචිත කළමනාකරණය, ප්‍රේෂණ පහසුකම් සැලසීම, අපනයනය කේන්ද්‍රකොටගත් සබඳතා ප්‍රවර්ධනය කිරීම, තීරක ආනයන සඳහා ප්‍රමුඛත්වය දීම සහ තර්ජනයට ලක්වූ ව්‍යාපාර පුනරුත්තාපනය කිරීමට සහාය වෙමින්, විශේෂයෙන් ම කාන්තාවන් විසින් මෙහෙයවන හා කාන්තාවන් සම්බන්ධ වී ඇති ආයතනවලට, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර හා ක්ෂුද්‍ර ව්‍යාපාර පාරිභෝගික ඛාණ්ඩය තුළ ඔවුන්ගේ ස්ථාවරය ශක්තිමත් කරගැනීමට බැංකුව විසින් ලබා දුන් සහය කෙරෙහි මෙහිදී අවධානය යොමු කළ බවයි.

ශ්‍රී ලංකාවේ පරිසරයට කාබන් මුදාහැරීම 100% තුලනය කළ ප්‍රථම බැංකුව සහ ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පත්වු පළමු දේශීය බැංකුව වන කොමර්ෂල් බැංකුව මේ වනවිට දිවයින පුරා බැංකු ශාඛා 271 ක් සහ ස්වයංක්‍රීය යන්ත්‍ර 964 ක් ක්‍රියාත්මක කරයි. ශ්‍රී ලංකාවේ සුළු සහ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර වලට විශාලතම ණය සම්පාදනය කරන්නා මෙන්ම දේශීය බැංකු ක්ෂේත්‍රයේ ඩිජිටල් නව්‍යකරණය සඳහා ප්‍රමුඛයෙකු වන කොමර්ෂල් බැංකුව බංග්ලාදේශය තුළ ශාඛා 20 ක් ද මියන්මාරයේ නේ පයිටව් හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ්‍රී ලංකාවේ එකම පුද්ගලික වාණිජ බැංකුව ද වේ.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

7 − 7 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව