කොමර්ෂල් බැංකුව නැවතත් ශ්‍රී ලංකාවේ වඩාත්ම ජනාදරය දිනා ගත් බැංකු සන්නාමය ලෙස තේරී පත් වෙයි

Most Loved Bank Brand 2025 (LBN)

මෙරට ප්‍රමුඛ ව්‍යාපාරික සඟරාවක් වන LMD විසින් කරන ලද සමීක්ෂණයකට අනුව කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ වඩාත්ම ජනාදරය දිනා ගත් බැංකු සන්නාමය සහ සමස්තයක් ලෙස ලංකාවේ වඩාත්ම ජනාදරය දිනා ගත් සේවා සන්නාමය ලෙස දෙවන ස්ථානයට තේරී පත් වී ඇති අතර, කොම්බෑන්ක් ඩිජිටල් ශ්‍රී ලංකාවේ වඩාත්ම ජනාදරය දිනා ගත් ඊ-වාණිජ්‍ය (මූල්‍ය) සන්නාමය ලෙස නම් වී ඇත.

ජනවාරි මාසයේදී PepperCube Consultants විසින් සිදු කරන ලද පුළුල් අධ්‍යයනයක ප්‍රතිඵල පදනම් කර ගනිමින් මෙම සම්මාන ත්‍රිත්වය සනාථ කරන ලදි. මෙම අධ්‍යයනය, සූක්ෂම පර්යේෂණ ක්‍රමවේද සහ දත්ත විශ්ලේෂණ ශිල්පීය ක්‍රම භාවිතා කරමින් LMD පාඨකයින් අතර වඩාත් ජනාදරය දිනා ගත් වෙළඳ නාම හඳුනා ගැනීම අරමුණු කර ගනු ලැබීය. මෙම අධ්‍යයනය LMD හි පාඨක දත්ත ගොනුවෙන් ප්‍රතිචාර දැක්වූවන් 400 දෙනෙකුගෙන් සමන්විත වූ අහඹු නියැදියක් වූ අතර, පුහුණු වෘත්තිකයන් විසින් දුරකථනය හරහා සම්මුඛ සාකච්ඡා මෙහෙයවන ලදී.




මෙම නියැදිය විවිධ ජන කොට්ඨාස නියෝජනය කළ අතර, ප්‍රතිචාර දැක්වූවන් අතර සියයට 52 ක් කාන්තාවන් සහ සියයට 48 ක් පිරිමි පුද්ගලයන් විය. ඔවුන් බස්නාහිර, දකුණ, මධ්‍යම, වයඹ සහ උතුරු පළාත්වල ප්‍රධාන කලාපවලින් තෝරා ගත් පුද්ගලයින් විය.

කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී සනත් මනතුංග මහතා මේ පිළිබඳව මෙලෙස අදහස් දැක්වීය. “ගනුදෙනුකරුවන්ගේ සහ ප්‍රජාවේ ආදරය දිනා ගැනීම වෙළඳ සන්නාමයක අවසාන සාර්ථකත්වය වන අතර එම ආදරය ධනාත්මක පාරිභෝගික අත්දැකීම් තුළින් නිර්මාණය වන විශ්වාසය හා තෘප්තිය මත ගොඩනැගේ. දිනෙන් දින වැදගත්කමින් වර්ධනය වන ක්ෂේත්‍රයක් වන කොමර්ෂල් බැංකුවේ විද්‍යුත් වාණිජ්‍ය විසඳුම් කෙරෙහි මහජනතාව තුළ ඇති දැඩි විශ්වාසය, මෙවර සමීක්ෂණයෙන් තහවුරු වීම ද සුවිශේෂීයි.”

මෙම වර්ෂය ආරම්භයේ දී, අඛණ්ඩව තුන්වන වරටත් 2025 ස්ලිම් කැන්ටාර් ජනතා සම්මාන උළලෙහි ‘වසරේ ජනතාවගේ පුද්ගලික බැංකුව’ ලෙස කොමර්ෂල් බැංකුව තේරී පත් වූ අතර එමඟින් පෞද්ගලික අංශයේ බැංකු අතරින් වඩාත්ම ජනප්‍රිය බැංකුව ලෙස තම තත්ත්වය තහවුරු විය.

කොමර්ෂල් බැංකුව ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පත්වු පළමු දේශීය බැංකුව වන අතර කොළඹ කොටස් වෙළඳපල බැංකු අංශයේ ඉහළම වෙළඳපල ප්‍රාග්ධනකරණයක් ඇති බැංකුව වේ. ශ්‍රී ලංකාවේ සුළු සහ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර වලට විශාලතම ණය සම්පාදනය කරන්නා මෙන්ම දේශීය බැංකු ක්ෂේත්‍රයේ ඩිජිටල් නව්‍යකරණය සඳහා ප්‍රමුඛයෙකු වන කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ පරිසරයට කාබන් මුදාහැරීම 100% තුලනය කළ ප්‍රථම බැංකුව ද වේ. බැංකුව දිවයින පුරා උපායමාර්ගිකව පිහිටා ඇති ශාඛා සහ ස්වයංක්‍රීය යන්ත්‍ර ජාලයක් ක්‍රියාත්මක කරන අතර, බංග්ලාදේශයේ ශාඛා 20 ක්, මාලදිවයිනේ බහුතර කොටස් හිමිකාරිත්වයක් සහිත පූර්ණ මට්ටමේ Tier I බැංකුවක් සහ මියන්මාරයේ ක්ෂුද්‍ර මූල්‍ය සමාගමක් සමඟින් ශ්‍රී ලාංකික බැංකු අතර පුළුල්ම ජාත්‍යන්තර පියසටහනක් තබා ඇත. ඩුබායි ජාත්‍යන්තර මූල්‍ය මධ්‍යස්ථානය (DIFC) තුළ නියෝජිත කාර්යාලයක් බැංකුව මෑතකදී විවෘත කළ අතර, මෙම සන්ධිස්ථානය කරා ළඟා වූ ශ්‍රී ලංකාවේ පළමු බැංකුව කොමර්ෂල් බැංකුව වේ. එය බැංකුවේ ගෝලීය පියසටහන පුළුල් කිරීම සඳහා සැලකිය යුතු පියවරකි. බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය දරන CBC ෆිනෑන්ස් ලිමිටඩ් ද එහි ශාඛා ජාලය හරහා පුළුල් පරාසයක මූල්‍ය සේවා සපයයි.

Home  Facebook



ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව