කොමර්ෂල් බැංකුව ‘උදාර’ ජ්‍යෙෂ්ඨ පුරවැසි ගිණුම සඳහා නව පහසුකම් හඳුන්වා දෙයි

Udara relaunch (LBN Fill)

 



 

 

 

කොමර්ෂල් බැංකුව විසින් සිය ‘උදාර’ ජ්‍යෙෂ්ඨ පුරවැසි ගිණුම අළුත් අංග සහ විශේෂ පොලී අනුපාත ලබා දී තිබෙන අතර මේ තුළින් මෙම ගිණුම් ප‍්‍රමාණය වැඩිකිරීමට සහ මෙම අංශය සඳහා වැඩිපුර ප‍්‍රතිලාභ ලබාදීමට සැලසුම් කර තිබේ.

‘උදාර’ ජ්‍යෙෂ්ඨ පුරවැසි තැන්පතු ගිණුමක් ආරම්භ කිරීම සඳහා මූලික තැන්පතුව රුපියල් 5000 ක සිට රුපියල් 1000 ක් දක්වා අඩුකර තිබෙන අතර ‘උදාර’ ස්ථාවර තැන්පතුවක් රුපියල් 10,000 ක් සිට ආරම්භ කිරීමට අවස්ථාව ලබාදී ඇත. මීට අමතරව, මෙම ගිණුම සඳහා නවාංග ලෙස නොමිලේ ඊ-පාස්පොත සහ ඊ-බැංකු වාර්තා ලබාදීමට බැංකුව කටයුතු කර තිබේ.

මීට අමතරව, ‘උදාර’ ඉතිරි කිරීමේ ගිණුම් සහ ස්ථාවර තැන්පතු සඳහා විශේෂ පොලී අනුපාත ලබාදීමට කටයුතු කර තිබෙන බවත් මෙම පොලී අනුපාතයන් සාමාන්‍ය ඉතිරිකිරීමේ ගිණුමක සහ ස්ථාවර තැන්පතුවල පොලී අනුපාත වලට වඩා වැඩි බව බැංකුව සඳහන් කරයි.  ඕනෑම කොමර්ෂල් බැංකු ශාඛාවකදී බැංකු පාස්පොත, ඩෙබිට් කාඞ්පත හෝ විශේෂ හැඳුනුම්පත ඉදිරිපත් කළ විට ‘උදාර’ ගනුදෙනු කරුවන්ට විශේෂ ප‍්‍රමුඛතාවයක් ලබාදෙන බවද බැංකුව පවසයිි.

කොමර්ෂල් බැංකුවේ කොළඹ රීඞ් මාවත ශාඛාවේ තිබෙන ඔසුසැලෙන් බෙහෙත් ලබාගන්නා විට ‘උදාර’ ගිණුම් හිමියන්ට බැංකුව විසින් වට්ටම් ලබාදෙන අතර බැංකුව ඒකාබද්ධ වී සිටින රෝහල් වලින් මෙම ගිණුම් හිමියන්ට විශේෂ වට්ටම් ලබාදීමටද බැංකුව කටයුතු කරයි.

‘උදාර’ ජ්‍යෙෂ්ඨ පුරවැසි ඉතිරිකිරීමේ ගිණුම් හිමියන්ට බැංකු විසින් සන්නාමකරණය කළ ඩෙබිට් කාඞ් පතක් නොමිලේ ලබාදෙන අතර එමගින් වසර පුරා වට්ටම් ලබාදීම සිදුකරයි. එසේම, මෙම අංශයට ලියාපදිංචි ගාස්තුවකින් සහ පළමු වසරේ ගාස්තුවෙන් තොරව කොම්බෑන්ක් ඩිජිටල්, ජංගම බැංකුකරණ සහ කෙටිපණිවුඩ සේවා පහසුකම් ලබාගත හැකි බව බැංකුව සඳහන් කරයි.

ශ‍්‍රී ලංකාවේ පරිසරයට කාබන් මුදාහැරීම 100% තුලනය කළ ප‍්‍රථම බැංකුව සහ ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පත්වු පළමු බැංකුව මෙන්ම පිට පිට 11 වතාවක් එසේ තේරී පත්වූ එකම ශ‍්‍රී ලාංකේය බැංකුව කොමර්ෂල් බැංකුව වන අතර මේ වනවිට දිවයින පුරා බැංකු ශාඛා 268 ක් සහ ස්වයංක‍්‍රීය යන්ත‍්‍ර 940 ක් ක‍්‍රියාත්මක කරයි. ශී‍්‍ර ලංකාවේ සුළු සහ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර වලට විශාලතම ණය සම්පාදනය කරන්නා මෙන්ම දේශීය බැංකු ක්ෂේත‍්‍රයේ ඩිජිටල් නව්‍යකරණය සඳහා ප‍්‍රමුඛයෙකු වන කොමර්ෂල් බැංකුව බංග්ලාදේශය තුළ ශාඛා 19 ක් ද මියන්මාරයේ නේ පයිටව් හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ‍්‍රී ලංකාවේ එකම පුද්ගලික වාණිජ බැංකුව ද වේ.

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව