කොමර්ෂල් බැංකුව අඛණ්ඩව තුන්වන වසරට ශ‍්‍රී ලංකාවේ ශක්තිමත්ම බැංකු සන්නාමය බවට පත්වෙයි

Commercial-Bank

 



 

 

 

ලෝකයේ ප‍්‍රමුඛතම ස්වාධීන සන්නාම තක්සේරු කිරීමේ ආයතනය වන බ‍්‍රෑන්ඞ් ෆයිනෑන්ස් විසින් මෙරට වඩාත්ම වටිනා සහ ශක්තිමත්ම සන්නාම තෝරාගැනීමේදී පිට පිටම තුන්වන වසරට 2022 වසරේදී ශ‍්‍රී ලංකාවේ ‘ශක්තිමත්ම බැංකු සන්නාමය’ ලෙසින් කොමර්ෂල් බැංකුව නම් කොට තිබේ.

මෙහිදී, කොමර්ෂල් බැංකුවේ සන්නාම වටිනාකම මත පදනම් වූ ශ්‍රේණිගත කිරීමෙහි ඉහළට ගමන් කරමින් 2022 අපේ‍්‍රල් මාසයේදී බ‍්‍රෑන්ඞ් ෆයිනෑන්ස් විසින් එළිදක්වන ලද නවතම ශ්‍රේණිගත කිරීමෙහි සියළු ක්ෂේත‍්‍ර අතුරින් ශ‍්‍රී ලංකාවේ තුන්වැනි වඩාත්ම වටිනා සන්නාමය බවට පත්වීමට සමත්ව ඇත.

බ‍්‍රෑන්ඞ් ෆයිනෑන්ස් විසින් කොමර්ෂල් බැංකුවේ සන්නාමයේ වටිනාකම රුපියල් බිලියන 46.7 ක් ලෙස තක්සේරු කර තිබෙන අතර එය 2021 වසරට සාපේක්ෂව රුපියල් බිලියන 03 ක් හෙවත් 7% ක වර්ධනයක් වේ. මෙයින් අනාවරණය වන්නේ සමස්ත බැංකු ක්ෂේත‍්‍රයේ සන්නාම වටිනාකම 3% කින් වර්ධනය වූ වසරක කොමර්ෂල් බැංකු සන්නාමයේ වටිනාකම වඩාත් වේගයෙන් වර්ධනය වූ බවයි.

සන්නාමයේ ශක්තිමත්භාවය සැලකීමේදී බ‍්‍රෑන්ඞ් ෆයිනෑන්ස් විසින් කොමර්ෂල් බැංකුවේ සන්නාමයට සන්නාම ශක්තිමත් දර්ශකයේ (BSI) ලකුණු 86.7 ක් සහ මෙවර ප‍්‍රමුඛතම සන්නාම වලට ලබාදුන් ඉහළම වර්ගීකරණය වන AAA සන්නාම වර්ගීකරණයක් ලබාදී තිබේ. ප‍්‍රතිඵල සාරාංශයේදී බ‍්‍රෑන්ඞ් ෆයිනෑන්ස් සඳහන් කර තිබෙන්නේ වඩාත් ශක්තිමත් සන්නාම වලට අනාගතයේදී වැඩි වටිනාකමක් ගොඩනගා ගැනීමේ හැකියාව තිබෙන බවයි.

මේ පිළිබඳව අදහස් දක්වමින් කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ සහ සමූහ ප‍්‍රධාන විධායක නිළධාරී, එස්. රෙන්ගනාදන් මහතා මෙසේ සඳහන් කළේය. ‘මෙය ව්‍යාපාර වලට අතිශය අභියෝගාත්මක කාලයක්. මෙවැනි වාතාවරණයක් තුළ සන්නාම වර්ධනය වන්නේ පාරිභෝගිකයින්ගේ අපේක්ෂාවන් ප‍්‍රායෝගික වශයෙන් ඉටු කරන විටයි. මේ සඳහා ශක්තියක් කොමර්ෂල් බැංකුවට සෑමවිටම තිබෙනවා. අපගේ සන්නාම වටිනාකම ගොඩනැගීම සඳහා සියළුම සාමාජිකයින්ගේ දායකත්වය හිමිව තිබෙනවා.’

කොමර්ෂල් බැංකුවේ සමූහ ප‍්‍රධාන අලෙවිකරණ නිළධාරී, හස්රත් මුණසිංහ මහතා පවසන්නේ වසංගතය සමයේ අහිතකර බාහිර බලපෑම් හමුවේ වුවද කොමර්ෂල් බැංකුව විසින් අඛණ්ඩවම උපායමාර්ගික සන්නාම ගොඩනැගීමේ කටයුතු සිදුකළ බවයි. ‘බැංකුවේ උපාය මාර්ගික අලෙවිකරණ උත්සාහය වන්නේ කොමර්ෂල් බැංකු සන්නාමය ඇසීමට හෝ දැකීමට පමණක් සැලැස්වීම නොවෙයි. අපගේ ප‍්‍රධාන කොටස්කරුවන් සමග ඒකාබද්ධතාවයන් ගොඩනගා ගනිමින්, සබඳතා පවත්වමින් ඔවුන්ට අඛණ්ඩවම වටිනාකම් එක්කිරීම මෙම උපාය මාර්ගයට ඇතුළත් වෙනවා.’ යනුවෙන් ඔහු බ‍්‍රෑන්ඞ් ෆයිනෑන්ස් සමග සිදුකළ සම්මුඛ සාකච්ඡාවකදී පැවසීය. ‘කොමර්ෂල් බැංකු ආයතනික උපාය මාර්ගයේ ප‍්‍රධාන කොටසක් ලෙස සන්නාම උපාය මාර්ගය අර්ථ දක්වා තිබෙනවා. මෙහිදී, ආයතනික වටිනාකම් සමග මිශ‍්‍රවීම සඳහා සන්නාම වටිනාකම් ඒකාබද්ධ කර තිබෙනවා. බැංකුව සාර්ථකත්වයට පත්වීමට ප‍්‍රධානතම කරුණ වන්නේ බැංකුව සහ එහි සේවා අනිකුත් තරඟකරුවන් අතුරින් විශේෂ කර දැක්වීමට අවශ්‍ය ක‍්‍රමවේදයන් සොයා ගැනීමයි.’

ශ‍්‍රී ලංකාවේ පරිසරයට කාබන් මුදාහැරීම 100% තුලනය කළ ප‍්‍රථම බැංකුව සහ ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පත්වු පළමු බැංකුව මෙන්ම පිට පිට 11 වතාවක් එසේ තේරී පත්වූ එකම ශ‍්‍රී ලාංකේය බැංකුව කොමර්ෂල් බැංකුව වන අතර මේ වනවිට දිවයින පුරා බැංකු ශාඛා 268 ක් සහ ස්වයංක‍්‍රීය යන්ත‍්‍ර 938 ක් ක‍්‍රියාත්මක කරයි. ශී‍්‍ර ලංකාවේ සුළු සහ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර වලට විශාලතම ණය සම්පාදනය කරන්නා මෙන්ම දේශීය බැංකු ක්ෂේත‍්‍රයේ ඩිජිටල් නව්‍යකරණය සඳහා ප‍්‍රමුඛයෙකු වන කොමර්ෂල් බැංකුව බංග්ලාදේශය තුළ ශාඛා 19 ක් ද මියන්මාරයේ නේ පයිටව් හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ‍්‍රී ලංකාවේ එකම පුද්ගලික වාණිජ බැංකුව ද වේ.

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

two + 17 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව