කොමර්ෂල් බැංකුව SEC වෙතින් ආයතනික මූල්‍ය උපදේශක බලපත්‍රය ලබාගත් ප්‍රථම බැංකුව බවට පත්වෙයි

ComBank New Sustainable Logo

ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව (SEC) වෙතින් ආයතනික මූල්‍ය උපදේශකයකු (CFA) ලෙස ක්‍රියා කිරීමට බලපත්‍රයක් ලබාගත් ප්‍රථම ශ්‍රී ලාංකීය බැංකුව බවට කොමර්ෂල් බැංකුව පත්ව තිබේ.

CFA බලපත්‍රයෙන් ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභා පනතේ 188 වගන්තිය යටතේ ලැයිස්තුගත කර ඇති උපදේශන සේවා සැපයීමටත් එවැනි සේවා සඳහා ගාස්තු සහ කොමිස් අය කිරීමටත් කොමර්ෂල් බැංකුවට හැකියාව ලැබෙන බව බැංකුව පැවසීය.

මූලික කොටස් නිකුතු සහ ද්විතීක නිකුතු මෙන්ම ණයකර සහ ඒකාබද්ධ ණය ඔස්සේ  ප්‍රාග්ධන රැස්කිරීමට සමාගම්වලට සහාය වීම සහ ඒකාබද්ධ කිරීම් හා අත්පත් කර ගැනීම්, ප්‍රතිවිකුණුම්, ශේෂ පත්‍ර ප්‍රතිව්‍යුහගතකරණය, උපායමාර්ග සංවර්ධනය සහ තක්සේරුකරණය පිළිබඳ උපදෙස් ලබාදීම වැනි සේවා බැංකුව ලබා දෙන ආයතනික මූල්‍ය උපදේශන සේවා වලට ඇතුළත් වේ.
 



 

සිය ආයතනික මූල්‍ය උපදේශන සේවාවන් තුලින් ගනුදෙනුකරුවන්ට වැඩි දියුණු කළ වටිනාකමක් ලබා දීමට සිය කැපවීම බැංකුව පිළිබිඹු කරන බැංකුව පවසයි. මෙම උපදේශන සේවා සැපයීම මගින් කොමර්ෂල් බැංකුව මූල්‍ය සේවා ක්ෂේත්‍රයේ සිය ස්ථාවරත්වය ශක්තිමත් කිරීමට අමතරව ශ්‍රී ලංකාවේ ප්‍රාග්ධන වෙළඳපළ තුළ වර්ධනය සහ නවෝත්පාදනයන් ද ප්‍රවර්ධනය කර ඇත.

“අපගේම ණයකර හා හිමිකම් නිකුතු තුලින් වාර්තා බිඳ දැමීමට අමතරව ඇතුළු ශ්‍රී ලංකාවේ බොහෝ වැදගත් ප්‍රාග්ධන රැස්කිරීම් ක්‍රියාකාරකම්වල ප්‍රධාන කාර්යභාරයක් ඉටු කර තිබෙනවා,” යනුවෙන් කොමර්ෂල් බැංකුවෙහි කළමණාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී සනත් මනතුංග මහතා ප්‍රකාශ කළේය. “මේ නිසා ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව මගින් බැංකුවකට නිකුත් කරන ලද පළමු CFA බලපත්‍රය කොමර්ෂල් බැංකුවට ලැබීමට යෝග්‍ය වන අතර මෙම ක්ෂේත්‍රයේ අපගේ සේවාවන් නව තලයකට ගෙන යාමට අප දැන් සූදානම්ව සිටිනවා.”

“අපගේ විශාල ගනුදෙනුකරුවන්ගේ ජාලය සමඟින් කොමර්ෂල් බැංකුවට රටේ ප්‍රාග්ධන වෙළඳපොළට සැලකිය යුතු දායකත්වයක් ලබා දීමටත්, සාම්ප්‍රදායික බැංකු සේවාවන්ට ඔබ්බෙන් විකල්ප අරමුදල් සහ උපදේශන විසඳුම් ලබා දීම මගින් ගනුදෙනුකරුවන්ගේ අත්දැකීම් වැඩිදියුණු කළ හැකි බවත් අපගේ විශ්වාසයයි,” යනුවෙන් ඔහු තවදුරටත් අදහස් දැක්වීය.

කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ විශාලතම පුද්ගලික අංශයේ බැංකුව වන අතර ලෝකයේ හොඳම බැංකු 1000 අතරට ඇතුළත් වූ පළමු ශ්‍රී ලාංකේය බැංකුව සහ ශ්‍රී ලංකාවේ පරිසරයට කාබන් මුදාහැරීම 100% තුලනය කළ ප්‍රථම බැංකුව ද වේ. ශ්‍රී ලංකාවේ සුළු සහ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර වලට විශාලතම ණය සම්පාදනය කරන්නා මෙන්ම දේශීය බැංකු ක්ෂේත්‍රයේ ඩිජිටල් නව්‍යකරණය සඳහා ප්‍රමුඛයෙකු වන කොමර්ෂල් බැංකුව මේ වනවිට දිවයින පුරා විහිදුනු බැංකු ශාඛා ජාලයක් සහ ස්වයංක්‍රීය යන්ත්‍ර 974 ක් ක්‍රියාත්මක කරන අතර බංග්ලාදේශය තුළ ශාඛා 20 ක් ද මියන්මාරයේ නේ පයිටව් හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ්‍රී ලංකාවේ බැංකු අතර පුළුල්තම ජාත්‍යන්තර පිය සටහන තබා ඇති වාණිජ බැංකුව ද වේ. 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

three × 3 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව