කොමර්ෂල් බැංකුව 13 වන වසරටත් ශ්‍රී ලංකාවේ හොඳම බැංකුව ලෙස ෆයිනෑන්ස් ඒෂියා විසින් කිරුළු පළඳවයි

ComBank New Sustainable Logo

ආසියානු මූල්‍ය වෙළඳපොළ පිළිබඳ ලොව ප්‍රමුඛතම තොරතුරු මූලාශ්‍රවලින් එකක් වන ෆයිනෑන්ස් ඒෂියා විසින් ශ්‍රී ලංකාවේ දේශීය බැංකු අතුරින් හොඳම බැංකුව කොමර්ෂල් බැංකුව බව යළි තහවුරු කර ඇත.

කොමර්ෂල් බැංකුව, ෆයිනෑන්ස් ඒෂියා හි මෙම කීර්තිමත් නාමයෙන් පිදුම් ලැබූ 13 වැනි වසර වීම කැපී පෙනේ.

 



 

ජුනි 27 වන දින හොංකොං හි Ritz Carlton හි පැවති ෆයිනෑන්ස් ඒෂියා සම්මාන උළෙලේදී මෙම ගෞරවනීය සම්මානය කොමර්ෂල් බැංකුව වෙත පිරිනමන ලදී. බැංකුව වෙනුවෙන් සම්මානය පිළිගත්තේ බැංකුවේ ප්‍රධාන අවදානම් නිළධාරී කපිල හෙට්ටිහාමු මහතා ය.

මෙම සම්මානය දිනාගැනීම පිළිබඳව අදහස් දක්වමින් කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂරැ ප්‍රධාන විධායක නිළධාරී සනත් මනතුංග මහතා මෙසේ පැවසීය: “මෙම අගය කිරීම මගින් අවධාරණය වන්නේ බොහෝ ලෙස උච්චාවචනය වන බාහිර පරිසර සාධක තිබියදීත් බහුවිධ ඇගයීම් ක්ෂේත්‍ර හරහා කැපී පෙනෙන කාර්ය සාධනයක් ලබා දීමේ විශිෂ්ඨත්වය හා බැංකුවේ උපායමාර්ගික සුචල්‍යතාව යි. හිතකර මෙන්ම පීඩාකාරී තත්වයන් වලදී ද ශක්තිමත්ව සිටීමට අපට ඇති නොසැලෙන හැකියාව, අපගේ උපායමාර්ගික දූරදර්ශීබව සහ මෙහෙයුම් පරිපූර්ණත්වය එමගින් පිළිඹිඹු වේ. මෙම සම්මානය, අපගේ දිගුකාලීන දැක්ම, නොසැලෙන කැපවීම සහ අපගේ පාර්ශවකරුවන් අප කෙරෙහි තබා ඇති විශ්වාසය පිළිබඳ සාක්ෂියකි.”

මෙම වසරේ ෆයිනෑන්ස් ඒෂියා සම්මාන උළෙලේදී කොමර්ෂල් බැංකුව සමඟින් ඔවුන්ගේ රටවල්වල හොඳම බැංකු ලෙස ශ්‍රේණිගත කරන ලද අනෙකුත් ෆයිනෑන්ස් ඒෂියා සම්මානලාභීන් වූයේ හොංකොං හි බෑන්ක් ඔෆ් චයිනා, තායිවානයේ CTBC, ඉන්දුනීසියාවේ බෑන්ක් ඔෆ් මන්ඩිරි, මැලේසියාවේ පබ්ලික් බෑන්ක්, වියට්නාමයේ ටෙක්කොම්බෑන්ක් , පකිස්ථානයේ ඇලයිඩ් බෑන්ක් සහ බංග්ලාදේශයේ සිටි බෑන්ක් යන බැංකුය.

කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ විශාලතම පුද්ගලික අංශයේ බැංකුව වන අතර ලෝකයේ හොඳම බැංකු 1000 අතරට ඇතුළත් වූ පළමු ශ්‍රී ලාංකේය බැංකුව සහ ශ්‍රී ලංකාවේ පරිසරයට කාබන් මුදාහැරීම 100% තුලනය කළ ප්‍රථම බැංකුව ද වේ. ශ්‍රී ලංකාවේ සුළු සහ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර වලට විශාලතම ණය සම්පාදනය කරන්නා මෙන්ම දේශීය බැංකු ක්ෂේත්‍රයේ ඩිජිටල් නව්‍යකරණය සඳහා ප්‍රමුඛයෙකු වන කොමර්ෂල් බැංකුව මේ වනවිට දිවයින පුරා විහිදුනු බැංකු ශාඛා ජාලයක් සහ ස්වයංක්‍රීය යන්ත්‍ර 966 ක් ක්‍රියාත්මක කරන අතර බංග්ලාදේශය තුළ ශාඛා 20 ක් ද මියන්මාරයේ නේ පයිටව් හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ්‍රී ලංකාවේ බැංකු අතර පුළුල්තම ජාත්‍යන්තර පිය සටහන තබා ඇති වාණිජ බැංකුව ද වේ.

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව