කාන්තාවන්ට පමණක් වෙන්වූ ‘අනගි’ ක්‍රෙඩිට් කාඞ්පතක් හඳුන්වා දෙමින් කොමර්ෂල් බැංකුව නව පියවරක් තබයි

Anagi Credit Card launch (LBN Fill)

 



 

 

 

කාන්තා පාරිභෝගික අංශය තවදුරටත් සවිබල ගැන්වීම සඳහා තිබෙන කැපවීම විදහා දක්වමින් කොමර්ෂල් බැංකුව විසින් කාන්තාවන්ට පමණක් වෙන්වූ ක්‍රෙඩිට් කාඞ් පතක් හඳුන්වා දී තිබේ.

මාස්ටර්කාඞ් සන්නාමය ලත් මෙම ක්‍රෙඩිට් කාඞ්පත නීයර්-ෆීල්ඞ් සන්නිවේදන (NFC) තාක්ෂණයෙන් යුක්තව එළිදක්වන බවත් එය විශේෂ ප‍්‍රතිලාභ සමගින් ගෝල්ඞ් සහ ප්ලැටිනම් කාණ්ඩ යටතේ ‘අනගි’ කාන්තා බැංකුකරණ සේවාවන්ට අළුතෙන්ම එක්වන සේවාව ලෙස හඳුන්වා දෙන බවත් බැංකුව සඳහන් කරයි.

මෙම ක්‍රෙඩිට් කාඞ්පත සඳහා එක්වීමේ ගාස්තුව සහ මුල් වසර සඳහා වාර්ෂික ගාස්තුව අය නොකිරීමට බැංකුව තීරණය කර තිබේ. අනගි ක්‍රෙඩිට් කාඞ්පත් හිමිකාරිනියන්ට තමන්ගේ ස්වාමිපුරුෂයාට හෝ පවුලේ සමීපතම අයට වාර්ෂික ගාස්තුවෙන් 50% ක් පමණක් ගෙවා අමතර ක්‍රෙඩිට් කාඞ්පත් ලබාගැනීමට අවස්ථාව ඇති බවද බැංකුව පවසයි. එසේම, සෑම ක්‍රෙඩිට් කාඞ්පතකින්ම සිදුකරන මුල්ම ගනුදෙනුවේදී රුපියල් 1000 ක උපරිමයක් දක්වා වියදම් කළ මුදලින් 50% ක් ආපසු ලබාදෙන බවද බැංකුව සඳහන් කරයි.

අනගි ක්‍රෙඩිට් කාඞ්පත් හිමිකාරිනියන් ගෝල්ඞ් කාඞ් පතකින් රුපියල් 500 කට වඩා වැඩි ගනුදෙනුවක් සහ ප්ලැටිනම් කාඞ් පතකින් රුපියල් 600 කට වඩා වැඩි ගනුදෙනුවන් සිදුකරන විට මැක්ස් ලෝයල්ටි ලකුණු ලබාගැනීමට අවස්ථාව සැළසේ. මීට අමතරව වෙළෙඳසැල් වෙතින් වසර පුරාම තිබෙන වට්ටම් සහ විශේෂ දීමනා ලබාගැනීමට ඔවුන් සුදුසුකම් ලබන බවත්, ජාත්‍යන්තර කාන්තා දිනය, මව්වරුන්ගේ දිනය වැනි විශේෂ දිනයන්හි පැවැත්වෙන ප‍්‍රවර්ධන වැඩසටහන් වලින් ප‍්‍රතිලාභ ලබාගැනීමේ අවස්ථාව මෙම කාඞ්පත් හිමිකාරිනියන්ට ලැබෙන බවද බැංකුව පවසයි.

සහනදායී ලෙස රන් ණය ලබාගැනීමටද අනගි ක්‍රෙඩිට් කාඞ්පත් හිමිකාරිනියන් සුදුසුකම් ලබන බවද බැංකුව සඳහන් කරයි.

අනගි කාන්තා බැංකුකරණ සන්නාමය යටතේ ආරම්භ කළ නවතම වැඩසටහන පිළිබඳව අදහස් දක්වමින් කොමර්ෂල් බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී – අලෙවිකරණ හස්රත් මුණසිංහ මහතා මෙසේ අදහස් දැක්වීය. ‘අනගි ක්‍රෙඩිට් කාඞ්පත මගින් ප‍්‍රතිලාභ මාලාවකට එහා ගිය අගය එකතු කිරීමක් ලබාදෙනවා. අපගේ රටේ අභිවෘද්ධිය වෙනුවෙන් සමාජ ආර්ථික වශයෙන් කැපවෙන ඉතාමත් වැදගත් පාරිභෝගික කණ්ඩායමක් වෙත සහාය දැක්වීමට බැංකුවේ තිබෙන අඛණ්ඩ මෙන්ම වර්ධනය වෙමින් තිබෙන කැපවීම මේ තුළින් පෙන්නුම් කරනවා. මෙවැනි තවත් බොහෝ වැඩසටහන් මගින් මෙම වැදගත් පාරිභෝගික කණ්ඩායම තවදුරටත් සවිබල ගැන්වීමට සහ සහයෝගය ලබාදීමට බැංකුව ඇප කැපවී සිටිනවා. මෙයට සේවා සහ මූල්‍ය නොවන ප‍්‍රතිලාභ මාලාවක්ද හඳුන්වා දීමට අප බලාපොරොත්තු වෙනවා.’

ශ‍්‍රී ලංකාවේ පරිසරයට කාබන් මුදාහැරීම 100% තුලනය කළ ප‍්‍රථම බැංකුව සහ ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පත්වු පළමු බැංකුව මෙන්ම පිට පිට 11 වතාවක් එසේ තේරී පත්වූ එකම ශ‍්‍රී ලාංකේය බැංකුව කොමර්ෂල් බැංකුව වන අතර මේ වනවිට දිවයින පුරා බැංකු ශාඛා 268 ක් සහ ස්වයංක‍්‍රීය යන්ත‍්‍ර 940 ක් ක‍්‍රියාත්මක කරයි. ශී‍්‍ර ලංකාවේ සුළු සහ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර වලට විශාලතම ණය සම්පාදනය කරන්නා මෙන්ම දේශීය බැංකු ක්ෂේත‍්‍රයේ ඩිජිටල් නව්‍යකරණය සඳහා ප‍්‍රමුඛයෙකු වන කොමර්ෂල් බැංකුව බංග්ලාදේශය තුළ ශාඛා 19 ක් ද මියන්මාරයේ නේ පයිටව් හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ‍්‍රී ලංකාවේ එකම පුද්ගලික වාණිජ බැංකුව ද වේ.

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව