කාඞ්පත් හිමියන්ට විශේෂ වරප‍්‍රසාද සමඟ කොමර්ෂල් බැංකුව උත්සව සමය අරඹයි

Seasonal Card promo 2021 (1)

 




 

 

සිය ක්‍රෙඩිට් සහ ඩෙබිට් කාඞ්පත් හිමියන් සඳහා දිවයින පුරා වෙළෙඳසැල් 3500කට වැඩි සංඛ්‍යාවක 50%ක් දක්වා වට්ටම් ලබාදෙමින් කොමර්ෂල් බැංකුව උත්සව සමය අරඹා ඇත.

සුඛෝපභෝගී හෝටල්වල නිවාඩුව ගත කිරීම, විදෙස් සංචාර, සාප්පු සවාරි, විනෝදාස්වාදය වැනි සෑම අවශ්‍යතාවක්ම ආවරණය කරමින්, 2021 වසර අවසානය දක්වා නිශ්චිත දිනවල හෝ කාල සීමාවක භුක්ති විඳීමට, රටේ ප‍්‍රමුඛතම පුද්ගලික බැංකුව විසින් දියත් කරන ලද කාඞ්පත් දීමනාවෙන් අවස්ථාව ලැබී ඇත. ක්‍රෙඩිට් කාඞ්පත් මගින් මිලදී ගැනීම් කිරීමේදී මාස 60ක් දක්වා පහසු ගෙවීමේ සැලසුම් ද මීට ඇතුළත් වේ.

ක්‍රෙඩිට් සහ ඩෙබිට් කාඞ්පත් සඳහා නිශ්චිත වට්ටම් ලබා දෙන ඇඳුම් පැළඳුම් සහ විලාසිතා උපාංග වෙළෙඳ ආයතන 165ක්, සපත්තු සහ සම් භාණඩ වෙළෙඳ ආයතන 25ක්, ස්වර්ණාභරණ වෙළෙඳ ආයතන 19ක්, ලයිෆ් ස්ටයිල් වෙළෙඳ ආයතන 27ක්, රූපලාවන්‍යාගාර, ස්පා සහ රූපලාවන්‍ය උපාංග වෙළෙඳ ආයතන 9ක්, ඔරලෝසු සහ උපාංග වෙළෙඳ ආයතන 8ක්, අන්තර්ජාල විද්‍යුත් වාණිජ්‍ය වෙළෙඳ ආයතන 39ක්, සුපිරි වෙළඳසැල් 6ක්, සෞඛ්‍ය සේවා ආයතන 6ක් සහ සංචාරක නියෝජිතයන් 36 දෙනෙකු ඇතුලූ වෙළෙඳ ආයතන 350ක් සමඟ බැංකුව හවුල් ගිවිසුම්වලට එළඹ තිබේ.

මෙම වැඩසටහන යටතේ ප‍්‍රමුඛ පෙළේ සන්නාම 20කින් ඉලෙක්ට්‍රොනික ගෘහ උපකරණ සහ ගෘහභාණ්ඩ ක්‍රෙඩිට් කාඞ් මගින් මිලදී ගැනීමේදී ‘පහසු ගෙවීම් සැලසුම්’ භුක්ති විඳීමේ අවස්ථාව ඇත. මෙම කාල සීමාව තුළ අනෙකුත් විශේෂ ප‍්‍රවර්ධන වැඩසටහන් ලෙස, හවුල්කාර හෝටල් 80ක නිවාඩුවක් ගත කිරීමේදී 60% දක්වා වට්ටම් සහ ‘ඩයින් ඇන්ඞ් ස්මයිල්’ ප‍්‍රවර්ධන වැඩසටහන හරහා ජනප‍්‍රිය අවන්හල් 50කදී වට්ටම් ලබා ගැනීමට හැකියාව ඇත.

කොමර්ෂල් බැංකුවේ ක්‍රෙඩිට් කාඞ්පත් සහ ඩෙබිට් කාඞ්පත් මගින් වසර පුරාම පුළුල්ව විහිදුණු සේවා මාලාවක් ඇතුළත් වන ලෙස ප‍්‍රවර්ධන වැඩසටහන් සිදුකරයි. සිය Max Loyalty Rewards වැඩසටහන මගින් ක්‍රෙඩිට් කාඞ්පත් සහ ඩෙබිට් කාඞ්පත් හිමියන් යන දෙපිරිසටම ප‍්‍රතිලාභ ලබාදුන් පළමු බැංකුව වන්නේ කොමර්ෂල් බැංකුවයි. මීට පෙර, සාම්ප‍්‍රදායික වශයෙන් ක්‍රෙඩිට් කාඞ්පත් සඳහා පමණක් ලබාදුන් ප‍්‍රවර්ධන වට්ටම් ඩෙබිට් කාඞ්පත් සඳහාත් ලබාදුන් පුරෝගාමී බැංකුවක් ලෙස කොමර්ෂල් බැංකුව කැපී පෙනේ.

ශ‍්‍රී ලංකාවේ වේගයෙන්ම වර්ධනය වන කාඞ්පත් ලෙස කොමර්ෂල් බැංකුවේ කාඞ්පත් සැලකෙන අතර සමස්තයක් ලෙස ගත්විට මෙරට වෙළඳපොළ ප‍්‍රමුඛස්ථානය ගැනීමට කොමර්ෂල් බැංකුවේ ක්‍රෙඩිට් කාඞ් හා ඩෙබිට් කාඞ් සමත්ව තිබේ. බැංකුව විසින් Visa සහ Mastercard මෙන්ම UnionPay සන්නාම යටතේ Classic, Gold සහ Platinum මට්ටමින් ක්‍රෙඩිට් කාඞ් නිකුත් කරන අතර ඉහළ පාරිභෝගික කාණ්ඩය සඳහා Visa Signature, World Mastercard සහ Visa Infinite මෙන්ම UnionPay Asia Prestige Diamond සහ UnionPay Asia Prestige Platinum කාඞ්පත් නිකුත් කරයි. මෙම කාඞ්පත් ‘Tap & Go’ NFC තාක්ෂණයෙන් යුක්ත වන අතර ඉතාමත් ශක්තිමත් NFC Point-of-Sale (POS) ජාලයක සහාය මේ සඳහා හිමිවේ.

පරිසරයට කාබන් මුදාහැරීම සම්පූර්ණයෙන්ම තුලනය කළ ශ‍්‍රී ලංකාවේ එකම බැංකුව වන කොමර්ෂල් බැංකුව ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පිට පිටම 11 වතාවක් තේරී පත්වූ එකම ශ‍්‍රී ලාංකේය බැංකුව වන අතර මේ වනවිට දිවයින පුරා බැංකු ශාඛා 268 ක් සහ ස්වයංක‍්‍රීය යන්ත‍්‍ර 931 ක් ක‍්‍රියාත්මක කරයි. බංග්ලාදේශය තුළ ශාඛා 19 ක් ද මියන්මාරයේ නේ පයිටව් හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ‍්‍රී ලංකාවේ එකම පුද්ගලික වාණිජ බැංකුව කොමර්ෂල් බැංකුව වේ.

 

 

 

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

5 − three =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව