ඕසෝන් ස්ථරය ආරක්ෂා කිරීම සඳහා Singer පෙරමුණ ගනියි

Apae dathin (1) (LBN Fill)

 



 

 

පරිසර සංරක්ෂණය වෙනුවෙන් කැපවී සිටින සමාගමක්  වන Singer (ශ්‍රී ලංකා) මෙවරත් සුපුරුදු පරිදි ලෝක ඕසෝන් දින සැමරුම් උළෙලට එක්වේ. ලෝක ඕසෝන් දිනය සැප්තැම්බර් 16 වන දිනට යෙදී ඇත්තේ 1987 දී මොන්ට්‍රියල් ප්‍රොටෝකෝලය අත්සන් කළ දිනය සනිටුහන් කිරීම සඳහා ය.මෙම වසරේ ඕසෝන් දිනය සමරනු ලබන්නේ පෘථිවියේ ජීවය ආරක්ෂා කිරීමේ ගෝලීය සහයෝගීතාවය යන තේමාවෙනි. තවද දේශගුණික අභියෝගවලට මුහුණ දීමට සහ අනාගත පරම්පරාව සඳහා පෘථිවියේ ජීවය ආරක්ෂා කිරීමට සහයෝගීව ක්‍රියා කිරීමේ අවශ්‍යතාවය කෙරෙහි අවධානය යොමු කරන අතරම දේශගුණික විපර්යාස කෙරෙහි මොන්ට්‍රියල් ප්‍රොටෝකෝලය ඇති කරන බලපෑම ද මෙමගින්  හඳුනා ගනී.

CFC ශීතකරණ සම්බන්ධයෙන් මතු වූ ගැටළුකාරී   අවස්ථාවක, CFC ශීතකාරකවල හානිකර විමෝචනය සඳහා විකල්පයක් ලෙස R600a  ශීතකාරක සහිත ශීතකරණ හඳුන්වා දුන් දකුණු ආසියාවේ පළමු සමාගම බවට  Singer පත් විය.R600a ශීතකාරක 100% පාරිසරික වශයෙන් ආරක්ෂිත වන අතර ඕසෝන් ස්ථරයට ශුන්‍ය බලපෑමක් ඇති කරන බැවින්, ඕසෝන් ස්ථරයේ ආරක්ෂාව සඳහා මෙය මනා පිටුවහලක් වේ. Singer, සමාජ වගකීම් සහිත සමාගමක් වන අතර, පාරිසරික  සෞඛ්‍යය පිළිබඳව නිරතුරු  සැලකිල්ලක්  දක්වයි. 2012 වසරේදී ඕසෝන් ස්ථරය ආරක්ෂා කිරීමේ ගෝලීය ප්‍රතිචාරයේ කොටස්කරුවෙකු වීමට සිංගර් මූලිකත්වය ගෙන CFC විමෝචනයකින් තොරව, ශීතකරණ මිලියන 1.3 කට අධික ප්‍රමාණයක් නිෂ්පාදනය කර අලෙවි කර ඇති අතර එමඟින් කිලෝවොට් පැය බිලියන 1.3 ක බලශක්තියක් ඉතිරි කර ගැනීමට හැකි විය.

Singer (ශ්‍රී ලංකා) පීඑල්සී හි අලෙවිකරණ අධ්‍යක්ෂ  ශනිල් පෙරේරා මහතා මෙසේ  පැවසුවේය. ‘‘ පරිසර හිතකාමී සමාගමක්  වන අපි සෑම විටම අපගේ සමාගමේ මෙහෙයුම් සඳහා තිරසාර අංගයක් ඇතුළත් කිරීමට උපරිමයෙන්ම උත්සහ කරනවා. පරිසර සංරක්ෂණයට දායක විය හැකි ක්ෂේත්‍ර පිළිබඳව අප සැවොම සොයා බැලිය යුතු කාලය එළඹිලා  තියෙනවා. එසේ නොවුවහොත්, දේශගුණික විපර්යාස අනාවැකි හේතුවෙන් අනාගත පරම්පරාව දරුණු ප්‍රතිවිපාක වලට  මුහුණ දීමේ අවදානමක් පවතිනවා.”

සෑම වසරකම, ලොව පුරා සිටින පුද්ගලයින් සහ සංවිධාන ඕසෝන් දින සැමරුම් සඳහා සූදානම් වන අතර ඕසෝන් ස්ථරය ආරක්ෂා කිරීම පිළිබඳව දැනුවත් කිරීම් ද සිදු කරනු ලබයි. මොන්ට්‍රියල් ප්‍රොටෝකෝලය ඕසෝන් ස්ථරය ආරක්ෂා කිරීමට සහ ඕසෝන් ස්ථරය ක්ෂය කරන ද්‍රව්‍ය ඉවත් කිරීමට ගෝලීය එකඟතාවයක් ලෙස ක්‍රියා කරයි. එමඟින් සියලුම ජීවීන් සඳහා හිතකර පරිසරයක් නිර්මාණය කර දෙයි.හානිකර පාරජම්බුල කිරණ අවශෝෂණය කිරීමේ හැකියාව ඇති ඕසෝන් ස්ථරය පෘථිවියේ ජීවයට අතිශයින්ම වැදගත් යැයි සැලකේ. තවද chlorofluorocarbons, hydrochlorofluorocarbons, carbon tetrachloride වැනි රසායනික ද්‍රව්‍ය මුදා හැරීම නිසා ඕසෝන් ස්ථරය ක්ෂය වේ. Chloroflurocarbons (CFCs) ප්‍රධාන ඕසෝන් ස්ථරය ක්ෂය කරන ද්‍රව්‍ය වලින් එකක් ලෙස හඳුනාගෙන ඇති අතර පසුගිය දශකය හෝ ඊට වැඩි කාලයක් දක්වා CFC ශීතකාරක සහිත ශීතකරණ කුටුම්භ අතර හුරුපුරුදු දසුනක් විය.

මිහිමත ජීවය ආරක්‍ෂා කිරීමේ සිය උත්සාහය පෙළගස්වමින් Singer විසින් තිරසාර ඇසුරුම් ක්‍රම වෙත ගමන් කිරීමටත්, ප්‍රතිචක්‍රීකරණය කළ නොහැකි Styrofoam වෙනුවට පල්ප් ඇසුරුම් භාවිත කිරීමටත් පියවර ගෙන ඇත. මීට අමතරව, සමස්ත ශීතකරණ නිෂ්පාදන කම්හලම බලශක්ති කාර්යක්ෂම ප්‍රේරක යන්ත්‍ර, අපද්‍රව්‍ය වගකීමෙන් බැහැර කිරීම, ලෝහ සහ ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණය යනාදිය අඛණ්ඩව භාවිතා කරයි. SINGER පරිසර ආරක්ෂණය පිළිබඳව දැනුවත් කිරීමට උනන්දු වන අතර තම දේශීයත්වය හරහා පරිසර ආරක්ෂණයට දායක විය හැකි ක්‍රම ගවේෂණය කරයි.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

11 − 9 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව