ඔන්ලයින් අධ්‍යාපනයේ පළමුපෙළ සිටින Third Space Global ගණිත විශයෙහි නිපුණයින් සොයා මෙහෙයුමක.

tsg logo

 




2021 ජූලි 14, කොළඹදී

ඔන්ලයින් අධ්‍යාපනය සම්බන්ධයෙන් සිය ප්‍රවීණත්වය තවදුරටත් ඉදිරියට ගෙන යමින්, ‍ශ්‍රී ලංකාවේ අධ්‍යාපන-තාක්ෂණ සමාගමක් වන Third Space Global ආයතනය, එක්සත් රාජධානියේ සිය මව් සමාගම වන Third Space Learning සමග සහයෝගිත්වයෙන්, එක්සත් රාජධානියේ ප්‍රාථමික අධ්‍යාපනය ලබන සිසුන්ට මේ දක්වා ඔන්ලයින් පාඩම් මිලියනයක් අතිසාර්ථකව ලබාදී තිබේ. පාසල් වෙත යාමේ අවිනිශ්චිත වාතාවරණයක් පවතින මෙම කාලය තුළ එක්සත් රාජධානියේ ප්‍රාථමික අධ්‍යාපනය ලබන ළමුන් කෙරෙහි ඉතා සුබවාදී වටපිටාවක් නිර්මාණය කරදීමටත්, ශ්‍රී ලාංකික උපාධිධාරීන්ට වැඩි රැකියා අවස්ථා ලබාදීමටත් මෙන්ම ශ්‍රී ලාංකික ආර්ථිකයට සැලකිය යුතු දායකත්වයක් ලබාදීමටත් Third Space Global ආයතනය සමත් විය. පසුගිය වසර 6ක කාලය පුරා මෙම ආයතනය පාසල් 2,800කට වැඩි ප්‍ර‍මාණයක සිසුන් 90,000කට වැඩි පිරිසකට අධ්‍යාපනය ලබාදී තිබේ.  අද වනවිට මෙම වපසරිය තුළ සතිපතා වාර 13,000කට වැඩි ප්‍රමාණයකින් ඔන්ලයින් අධ්‍යාපනය ලබාදෙන එකම ආයතනය Third Space Global Sri Lanka බවට පත්ව තිබේ. දිවයින පුරා විසිරී සිටින කාර්ය මණ්ඩල සාමාජිකයින් 800කට වැඩි පිරිසක් මෙහි ඉගැන්වීමේ කටයුතු වල නියැලී සිටිති. මෙහි උපදේශකයින් එක්සත් රාජධානියේ මෙන්ම ලොව පුරා සිටින පාසල් සිසුන්ට අවශ්‍ය ඔන්ලයින් උපකාරක අධ්‍යාපනය ලබාදීම සදහා සිය සේවාවට ආවේණික වූ ඉගැන්වීම් කළමනාකරණ පද්ධතියක් සහ තාක්ෂණික ක්‍ර‍මෝපායන් යොදා ගනිති. සිය තේමා පාඨය ‘Teach the World’ යන්න පාදක කරගනිමින් සිසුන්ගේ හැකියාවන් හදුනාගැනීමටත් ඔවුන්ගේ දක්ෂතා වැඩිදියුණු කිරීමටත් මෙම ක්‍රමෝපායන් මගින් උපදේශකයින්ට හැකියාව ලැබේ.

Third Space Globalහි කළමනාකරණ අධ්‍යක්ෂ ශියමාල් ජයතිලක මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මෙසේ පැවසීය. “ඉගැන්වීම් වාර මිලියනයක් ඉක්මවමින් Third Space Global සැබැවින්ම සුවිශේෂී සන්ධිස්ථානයක් අත්පත් කරගෙන තිබෙනවා. පසුගිය වසර 2ක කාලය තුළ අපගේ උපදේශකයින් සංඛ්‍යාව 250 සිට 800 ඉක්මවා ඇති අතර ඉදිරි මාස කිහිපය තුල තවත් උපදේශකයින් 400කට වැඩි දෙනෙක් බදවා ගනිමින් එම සංඛ්‍යාව 1000 ඉක්මවීමට අපි කටයුතු යොදා තිබෙනවා. දැනට අපි ගණිත විෂයෙහි දක්ෂ එමෙන්ම ඉංග්‍රීසි භාෂාව මනාව හැසිරවිය හැකි අයදුම්කරුවන් බඳවා ගැනීමේ කටයුතු වල නිරතව සිටිනවා. විවිධ පසුබිම්, විවිධ ජාතීන්, විවිධ ආගම් නියෝජනය කරන සෑම තරාතිරමකම දක්ෂ උපදේශකයින් ගණිත විෂය ඉගැන්වීම සදහා අප හා සම්බන්ධ කරගනිමින් අපගේ ජාලය වඩාත් ශක්තිමත් කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. Third Space Global යනු උපදේශකයින් කේන්ද්‍ර‍ කරගනිමින්, ඉගැන්වීම් වැඩ වාරසටහනට අනුව ක්‍රියාත්මක වන, වඩා පහසු සේවා වටපිටාවක් තුළ 100%ක් අන්තර්ජාලය ඔස්සේ ඉගැන්වීම් කටයුතු කිරීමේ ප්‍ර‍වීණයින් බව මා කිව යුතුයි. පවතින ගෝලීය වසංගතය ආරම්භ වීමට පෙර සිටම අපි අන්තර්ජාලය ඔස්සේ ඉගැන්වීම ආරම්භ කර තිබුණු බැවින් මෙම ඔන්ලයින් ඉගැන්වීම සම්බන්ධයෙන් පෙර සිටම අපට මනා පළපුරුද්දක් ලැබී තිබුණා. ඔන්ලයින් අධ්‍යාපනය දිනෙන් දින වැඩිදියුණු වන අතර ශ්‍රී ලංකාවේ ඔන්ලයින් අධ්‍යාපනයේ නියමුවන් වීමට අපි අපේක්ෂා කරනවා.“

2015 වසරේදී ආරම්භ කරන ලද Third Space Global බ්‍රිතාන්‍ය හිමිකාරිත්වය දරන සමාගමක් වන අතර එය ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අනුමැතිය ලද ආයතනයකි. ව්‍යාපාර සහ විශ්ලේෂණ, තත්ත්ව පාලන, මානව සම්පත්, මූල්‍ය හා අධ්‍යාපන සංවර්ධනය පිළිබද ප්‍රවීණයින්ගෙන් සැදුම්ලත් කණ්ඩායමක් විසින් වෘත්තීය සංවර්ධන අවස්ථා  පිරිනමන අතරතුර, සමාගමේ ව්‍යාපාරික අරමුණු මෙහෙයවනු ලබති. Third Space Global යනු STEM (Science, Technology, Engineering සහ Mathematics) කාණ්ඩය යටතේ නායකත්ව අවස්ථාවන් සම්බන්ධයෙන් කාන්තාවන්ට වැඩි තැනක් ලබාදෙන ආයතනයක් වන අතර මෙහි උපදේශකයින් සහ කළමනාකාරිත්වයෙන් 80%ක් කාන්තාවන්ගෙන් සමන්විත වේ. මෙහි උපදේශකයින්ට වෙනත් රැකියාවක හෝ උසස් අධ්‍යාපන කටයුතුවල යෙදෙන අතරතුර සිය සේවය ලබාදෙමින්, අත්දැකීම් මෙන්ම අමතර ආදායමක් ලබාගැනීමට ද හැකියාව ඇති අතර විවිධ ආබාධ සහිත, නමුත් උපදේශකවරයෙකු ලෙස සේවයට එක්වීමට අපේක්ෂා කරන පුද්ගලයින්ට තම නිවසේ සිට ඉගැන්වීම් කටයුතුවලට එක් වෙමින් ආදායමක් ලබාගැනීමට අවස්ථාව ඇත.

“මම මේ පාඩම් වලට ඉතාම කැමතියි. අපේ උපදේශකයින් අපට කාරණා හොදින් අවබෝධ වන ආකාරයෙන් ඉතා පැහැදිලිව උගන්වනවා. ඒ වගේම එයාලා හරිම කරුණාවන්තයි“ යනුවෙන් ලන්ඩන් නුවර සිටින 6 වැනි ශ්‍රේණියේ ශිෂ්‍යයයෙක් සදහන් ක‍ළේය. මෑතකදී පවත්වන ලද සමීක්ෂණයකට අනුව Third Space Global උපදේශකයින් අතරින් 94% දෙනෙකු ප්‍රකාශ කර සිටියේ තමන්ට ලැබෙන පුහුණුවීම් සහ ප්‍රතිචාර සම්බන්ධයෙන් තෘප්තිමත් බවයි. 84% දෙනා සදහන් කළේ තමන්ට ලැබෙන ගෙවීම් සහ ප්‍රතිලාභ සම්බන්ධයෙන් සතුටු වන බවයි. 97% දෙනා පහසු සේවා ක්‍ර‍මය පිළිබදව සිය සතුට පළ කර සිටියහ.

“දරුවන් ඔවුන්ගේ පාඩම් වාරවලට ඉතා කැමතියි, ඔවුන්ගේ උපදේශකයින් සමග කටයුතු කිරීමට ඉතා ලැදියි, ඒ වගේම ගණිත විෂය අවබෝධ කරගැනීමටත් එය භාවිතයේ යෙදවීමටත් මෙම පාඩම් විශාල උපකාරයක් වෙනවා” යනුවෙන් මිල්ටන් කීන්ස්හි ගිල්ස් බෘක් ප්‍රාථමික පාසලේ ප්‍රධානාචාර්ය ඇන්ජි බේලි පැවසීය.

Third Space Global ආයතනය 2018 සහ 2020 වසරවලදී ‘Great Places To Work’ සහතිකයහිමි කරගත් අතර ආයතයේ ක්‍රියාකාරිත්වය දැනටත් ඉදිරියටත් එහි කාර්ය මණ්ඩලයට සහාය වන බවට එය සහතිකයක් ලෙස සැලකිය හැකිය.  එසේම Third Space Global, 2019 වසරේදී AIA සම්මාන උළෙලේදී කුඩා සමාගම් කාණ්ඩය යටතේ ‘Healthiest Employer of the Year’ ලෙස ද සම්මානයට පාත්‍ර වන ලදී

 

 

 




Follow Us


පුවත් පත්‍රිකාව