වෘත්තීයමය සාර්ථකත්වය අත් කරගැනීම උදෙසා ආයතනවල වෙනස්වන අවශ්‍යතාවන්ට අදාල වන පරිදි සිසු සිසුවියන්ට අවශ්‍ය සහයෝගය ලබා දීම සඳහා එයාර්ටෙල් ලංකා සමාගම සබරගමුව විශ්වවිද්‍යාලය සමඟ එක්ව පසුගියදා සුවිශේෂී වැඩසටහනක් ආරම්භ කළේය. මෙමගින් කළමනාකරණ පීඨයේ සිසු සිසුවියන් 250 දෙනෙකුට වටිනා උපදේශන සේවා හා පුහුණු වීමේ අවස්ථාව හිමි විය.
වෙබිනාර් සම්මන්ත්රණ මාලාවක් ඔස්සේ මෙම වැඩසටහන පවත්වන ලද අතර, මෙමගින් උපාධි අපේක්ෂකයින්ට බාධාවකින් තොරව අඛණ්ඩව ඉගෙනීමට අවස්ථාව හිමි වේ. මෙම සම්මන්ත්රණ මාලාව 2021 ජුනි මාසය පුරාවට අඛණ්ඩව පැවැත්විනි.
එපමණක් නොව, ඔවුන්ගේ අධ්‍යාපනික කාර්යසාධනය මත පදනම්ව විශ්වවිද්‍යාලය විසින් නම් කරන ලද තෝරාගත් සිසු සිසුවියන් 22 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් විශේෂ උපදේශන වැඩසටහන් සඳහා ද ඇතුළත් කරන ලදී.
මේ පිළිබඳව අදහස් දක්වන එයාර්ටෙල් ලංකා කළමනාකාර අධ්යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී අශීෂ් චන්ද්‍රා මහතා ‘‘පුද්ගලික හා වෘත්තීයමය දියුණුව අත්කර ගැනීමේදී ඉහළ යන මානසික පීඩනය හේතුවෙන් උසස් අධ්‍යාපනය හදාරන අතරතුරම විශ්වවිද්‍යාල හා සිසු සිසුවියන් වැඩි වශයෙන් ආයතනික උපදේශනවලට යොමු වීමට උත්සාහ කරනවා. අධ්‍යාපනික සුදුසුකම්වල පවතින සාමාන්‍ය ස්වභාවය හා අඩු වෘත්තීයමය කුසලතාවලින් යුතු වීම නිසා මෙම අවශ්‍යතාවය පැන නගිනවා. අධ්‍යාපනික ජයග්‍රහණ ලබා ගැනීමට මෙන්ම වෘත්තීය සාර්ථකත්වය උදෙසා ඵලදායී උපදේශනය සමස්තයක් ලෙස ධනාත්මක බලපෑමක් ඇති කරනු ලබන අතර මේ ආකාරයේ වැඩසටහනක් සඳහා අප දායකත්වය ලබා දුන්නේ ඒ නිසයි.’’ යනුවෙන් පැවසුවේය.
විශ්වවිද්‍යාල සිසු සිසුවියන් පුහුණු කිරීමට අමතරව සහතිකලත් ප්‍රවීන පුහුණුකරුවෙකු විසින් මෙහෙය වනු ලබන විශේෂ පුහුණු වැඩමුළුවක් හරහා මෙම එයාර්ටෙල් ලංකා සමාගමේ අත්දැකීම්ලත් උපදේශකයින් තෝරා ගනු ලැබූ අතර විශ්වවිද්‍යාල සිසු සිසුවියන් පිළිගත් ආයතනික නායකයින් විසින් වෙබිනාර් මාලාවක් හරහා එකවර තෝරා ගන්නා ලදී.
මීට පෙර ‘21FOR21’ වැනි USAID ආයතනයේ අරමුදලින් ක්‍රියාත්මක වන තරුණ නිපුණතා සංවර්ධන හා ව්‍යවසායකත්ව ව්‍යාපෘතිය වන YouLead හි වැඩසටහන් සමඟ අත්වැල් බැඳගනිමින් එයාර්ටෙල් තරුණ සබඳතා හා කුසලතා සංවර්ධන අවස්ථා පිළිබඳව නිරන්තරයෙන් සොයා බලයි. ශ්‍රී ලංකාවේ තරුණ ප්‍රජාවට ඔවුන්ගේ උපරිම හැකියාවන් පෙන්වීමට අවශ්‍ය අවස්ථාවන් හා තොරතුරු ලබා ගැනීම සහතික කිරීම සඳහා එයාර්ටෙල් සමාගම දැඩිව කැපවී සිටී.