කොවිඞ්-19 වසංගතය හමුවේ ලොව පුරා කර්මාන්ත දැවැන්ත අභියෝගයකට මුහුණ දෙමින් සිටින තත්වයක් තුළ එම අභියෝග ජය ගැනීමට වෙර දරන මිනිසුන් හඳුනා ගනිමින් ඔවුන් ඇගයීමට ලක් කිරීම මේ මොහොතේ ඉතා කාලෝචිතය. ඒ බව මනාව වටහා ගෙන ඇති එයාර්ටෙල් ලංකා සමාගම කාර්තුමය වශයෙන් සේවකයන් ඇගයීම සඳහා පළමු වරට සේවක විශිෂ්ටතා සම්මාන උළෙලක් පසුගියදා පවත්වනු ලැබීය. ඒ 2020 වසරේ තුන් වන කාර්තුව තුළ අභියෝගවලට මුහුණ දෙමින් සිය විශිෂ්ටත්වය ප්‍රදර්ශනය කළ කණ්ඩායම් සාමාජිකයන් ඇගයීම සඳහාය.
මෙම සුවිශේෂී සම්මාන රාත්‍රියේ සමාරම්භක අවස්ථාවට එක් වෙමින් අදහස් දැක් වූ එයාර්ටෙල් ලංකා කළමනාකාර අධ්යක්ෂ/ප්‍රධාන විධායක නිළධාරී අශිෂ් චන්ද්‍රා මහතා ‘‘පසුගිය වසර ඉතා අභියෝගාත්මක වසරක් වූ බව කිසිවෙකුටත් රහසක් නොවෙයි. එහෙත් එයාර්ටෙල් ලංකා එම සෑම අභියෝගයකටම සාර්ථකව මුහුණ දුන් බව මේ මොහොතේ ඉතා අභිමානයෙන් සඳහන් කිරීමට මා කැමතියි.’’ යනුවෙන් පැවසුවේය.
‘‘පසුගිය වසර පුරා අපගේ සේවා සහ සහයෝගය පිළිබඳව පරිශීලකයන් අන් කවරදාටත් වඩා විශ්වාසය පළ කර තිබුණා. ඉන් කියවෙන්නේ අපට පෙර නොවූ විරූ ආකාරයේ සේවාවක් ලබා දීමට හැකි වූ බවයි. අද රාත්රියේදී සම්මාන දිනාගනු ලැබූ ජයග්‍රාහකයින්ගේ මෙන්ම සමස්ත කණ්ඩායමේම විශිෂ්ට හැකියාවන් සැබැවින්ම අගය කිරීම තුළින් හෙට දවසේ තව තවත් වර්ධනීය ගමනක් වෙනුවෙන් ඔවුන්ට සුවිසල් ශක්තියක් සපයනු ඇතැයි මා විශ්වාස කරනවා.’’ යනුවෙන් චන්ද්‍රා මහතා වැඩිදුරටත් අදහස් දැක්වීය.
මෙම සම්මාන රාත්රියේදී එයාර්ටෙල් සමාගමේ best and brightest සේවක සේවිකාවන් කාණ්ඩ 4ක් ඔස්සේ ඇගයීමට ලක් කළ අතර එහිදී ජයග්‍රාහකයින්ගේ හිත මිතුරන්ට, පවුුලේ සාමාජිකයින්ට අන්තර්ජාලය ඔස්සේ සම්බන්ධ වීමේ අවස්ථාව ද හිමි වීම විශේෂත්වයකි. එහිදී ආයතනයේ ආදායම් වර්ධනය වෙනුවෙන් කැපී පෙනෙන දායකත්වයක් හිමි කර දුන් පුද්ගලයන් හා කණ්ඩායම් ‘Achievers Awards – Sales’ සම්මානයෙන් පිදුම් ලැබීය.
එසේම ඉහළම විශ්ලේෂණය/නව නිෂ්පාදන/සේවා හා වෙනත් හැකියාවන් භාවිතා කරමින් පාරිභෝගිකයා කේන්ද්‍ර කරගත් මෙන්ම පාරිභෝගික අත්දැකීම් සැළකිය යුතු ලෙස ඉහළ නැංවීම සඳහා නව්‍ය දායකත්වයක් ලබා දුන් සේවකයින් වෙනුවෙන් ‘Achievers Awards – Customer Centricity’ සම්මානයද මෙහිදී හිමි කර දෙනු ලැබීය.
මීට අමතරව එයාර්ටෙල් ලංකාහි මෙහෙවර හා වටිනාකම් වෙනුවෙන් නිරන්තරයෙන් පෙනී සිටිමින් ඒ වෙනුවෙන් පුද්ගලිකව කැපවූ සේවකයන් ඇගයීම වෙනුවෙන් ‘Achievers Awards – Functional’ කාණ්ඩය යටතේ ද සම්මාන හිමි කර දෙනු ලැබීය. එසේම ආරම්භයේ සිටම සමාගම සමඟ එක්වෙමින් කටයුතු කළ එයාර්ටෙල් සාමාජිකයන්ගේ හිතෛෂීභාවය හා කැපවීම අගය කරමින් ‘Long Service Awards’ සම්මානයද පිරිනමනු ලැබුවේ සම්මාන උළෙලට ජීවයක් එක්කරමිනි.
තමන් අත්පත් කරගෙන සිටින ධනාත්මක වර්ධනයත් සමඟ සිය සේවක සේවිකාවන් සවිබල ගැන්වීම සඳහා තරගකාරී වේදිකාවක් නිර්මාණය කිරීමට එයාර්ටෙල් ලංකා නිරන්තරයෙන් උත්සාහ දරනු ලබයි. එහි එක් පියවරක් වන මෙම කාර්තුමය සේවක විශිෂ්ටතා සම්මාන උළෙල සිය විශ්වසනීය සේවක මණ්ඩලයේ දැඩි කැපවීම සහ උනන්දුව වෙනුවෙන් කෘතඥතාව පළ කිරීමක් ලෙසද පෙන්වා දිය හැකිය. එය එයාර්ටෙල් හි පමණක් නොව සමස්ත සේවක මණ්ඩලය තුළ උද්යෝගයක් මෙන්ම තරගකාරී මානසිකත්වයක් ජනිත කිරීමට ඒ තුළින් හැකියාව උදා වනු ඇත.
2009 ජනවාරි 12 වැනි දින ශ්‍රී ලංකාවේ ව්‍යාපාර කටයුතු ආරම්භ කළ භාරතී එයාර්ටෙල් ලංකා, ග්‍රාහකයින් මිලියනයක් ඉතාමත්ම ඉක්මනින් සම්පූර්ණ කළ ජංගම සන්නිවේදන සේවා සමාගමයි. වර්ෂ තුනක් වැනි කාලසීමාවක් තුළ සිය ශ්‍රේණිගතවීම ඉහළ නංවාගත් එයාර්ටෙල් සමාගම රට පුරාම සිය ආවරණය පුළුල් කරගනිමින් ශ්‍රී ලංකාවේ වේගවත්ම ජංගම සන්නිවේදන සේවා ජාලය බවට පත්විය. වර්තමානයේදී එයාර්ටෙල් සමාගම උසස් තත්ත්වයේ සහ සාධාරණ මිල ගණන් යටතේ හ`ඩ සහ දත්ත සේවාවන් ලබා දෙන අතර, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සමග ලියාපදිංචි වෙමින් මෙරට වඩාත් වේගවත් හා පුළුල් ආවරණයක් හිමි ජංගම විදුලි සංදේශ සේවා සමාගමක් බවට පත්ව තිබේ. වැඩි විස්තර සඳහා www.airtel.lk වෙත පිවිසෙන්න.