එයාර්ටෙල් ලංකා NIMH සමඟ එක්ව 1926 මානසික සෞඛ්‍ය ගැටළු විසඳීමේ කෙටි පණිවිඩ උපකාරක සේවාව හඳුන්වා දෙයි

Image 3 (1)

ශ‍්‍රී ලංකා තාරුණ්‍යයේ වඩාත් ජනප‍්‍රියතම ජංගම විදුලි සංදේශ සේවා සැපයුම්කරුවා වන එයාර්ටෙල් ලංකා සමාගම මානසික සෞඛ්‍ය ගැටළු නිරාකරණය කර ගැනීමට අවශ්‍ය නිවැරදි මග පෙන්වීම සඳහා ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනය (NIMH) සමඟ එක්ව 1926 කෙටි පණිවිඩ පදනම් කර ගත් උපකාරක සේවාව මෑතකදී හඳුන්වා දුන්නේය. 2020 ලෝක මානසික සෞඛ්‍ය දිනයට සමගාමීව දියත් කළ මෙම සේවාව එයාර්ටෙල් පරිශීලකයින් සඳහා නොමිලේ වන අතර අනෙකුත් ජංගම දුරකතන ජාල පරිශීලකයින්ට ද ඊට ප‍්‍රවේශ විමේ හැකියාව ඇත.

වීඩියෝ තාක්ෂණය ඔස්සේ මෙම විශේෂ අවස්ථාවට සම්බන්ධ වූ එයාර්ටෙල් ප‍්‍රධාන විධායක නිලධාරී හා කළමනාකාර අධ්‍යක්ෂ අශීෂ් චන්ද්‍රා මහතා ‘‘තරුණ ප‍්‍රජාව ඩිජිටල් තාක්ෂණයන් සමඟ වැඩි වශයෙන් සම්බන්ධ වීම නිසා ඉගෙනීම, සමාජගතකරණය හා සන්නිවේදනය යන අංශ වෙනසකට ලක්වෙමින් තිබෙනවා. අපගේ ජංගම දුරකතන සන්නාමය තරුණ ශ්‍රී ලාංකිකයන් සමඟ දැඩි ලෙස බැඳී තිබීමත් ඔවුන් ඩිජිටල් වේදිකාවල සැරිසරමින් විසඳුම් සොයමින් ඒවා භාවිතා කිරීමට කැමැත්තක් දක්වන බව අප හොඳින් දන්නවා. එයාර්ටෙල් හිදී, අප සෑම විටම මානුෂීය අවශ්‍යතා සමඟ තාක්ෂණය මුසු කරමින් අපගේ පාරිභෝගිකයින් සඳහා අර්ථවත් සබඳතා නිර්මාණය කර ගත හැකි ක‍්‍රමවේද පිළිබඳව සොයා බලනවා, මෙම වැඩසටහන ද ඉන් එකක් ලෙස හඳුන්වන්න පුළුවන්’’ යනුවෙන් පැවසුවේය.

ලෝක මානසික සෞඛ්‍ය දින තේමාවට අනුව විද්වත් මණ්ඩල සාකච්ඡාවක් ද මෙම අවස්ථාවට සමගාමීව පැවති අතර එම සැසිය මෙහෙයවනු ලැබුවේ මානසික සෞඛ්‍ය උපදේශකවරියක වන ශනුකි ද අල්විස් විසින්ය. ජ්‍යෙෂ්ඨ විශේෂඥ මනෝ වෛද්‍ය, පුෂ්පා රණසිංහ, මනෝ වෛද්‍ය, නිවෙන්ද්‍ර උඩුමාන් සහ එයාර්ටෙල් ලංකා හි මානව සම්පත් ප‍්‍රධානී, කනිෂ්ක රණවීර යන මහත්ම මහත්මීන් මේ සඳහා සහභාගී විය.

 




 

මෙම සැසිය අතරතුර අදහස් දැක් වූ එයාර්ටෙල් ලංකා හි මානව සම්පත් ප‍්‍රධානී, කනිෂ්ක රණවීර මහතා ‘‘අපගේ ව්‍යාපාරික මෙහෙයුම්වලින් පරිබාහිරව අප වැඩි වශයෙන් අවධානය යොමු කරන්නේ ශ්‍රී ලාංකික අනාගත තරුණ පරපුර සවිබල ගැන්වීම සඳහාය. ක‍්‍රීඩාවේ සිට වෘත්තීය පුහුණුව මෙන්ම සයිබර් ආරක්ෂණ පුහුණුව දක්වා මෙරට තරුණ ප‍්‍රජාවගේ අධ්‍යාපනය, වෘත්තීන් හා ජීවිතය නගා සිටුවීම සඳහා දිගුකාලීන විසඳුමක් ලබා දීමට කටයුතු කිරීමේදී එයාර්ටෙල් පෙරමුණ ගෙන ක‍්‍රියා කරනවා.’’ යනුවෙන් පැවසුවේය.

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් සිදු කරන ලද නවතම සමීක්ෂණයකට අනුව සොයා ගෙන ඇත්තේ ලොව පුරා රටවලින් 93%ක පමණ තීරණාත්මක මානසික සෞඛ්‍ය සේවාවන් පවත්නා කොවිඞ් වසංගත තත්වය හමුවේ අඩපණ වී ඇති බවයි. සමාජ දුරස්ථභාවය අඛණ්ඩව ක‍්‍රියාත්මක වන අවධියක මෙම උපකාරක සේවාව හඳුන්වා දීම රටේ තරුණ ප‍්‍රජාවට ඔවුන්ගේ මානසික සෞඛ්‍ය ගැටළු අවම කරගැනීමට අවශ්‍ය නිවැරදි මගපෙන්වීම ලබා ගැනීම සඳහා වැදගත් අවස්ථාවක් වනු ඇත.

එයාර්ටෙල් සමාගම විසින් සිදු කරන ලද තවත් කැපී පෙනෙන කාර්යයක් ලෙස වර්ල්ඞ් විෂන් සමඟ එක්ව සිදු කළ පාසැල් දරු දැරියන්ට, ගුරුවරුන්ට හා විදුහල්පතිවරුන්ට අන්තර්ජාලය භාවිතා කිරීම පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාව පෙන්වා දිය හැකිය. මීට අමතරව ‘Airtel Sri Lanka’s Fastest’ සහ මැන්චෙස්ටර් යුනයිටඞ් ක‍්‍රීඩා සමාජය සමඟ එක්ව දියත් කළ ‘Airtel Rising Stars’ ආදි තරුණ හා ක‍්‍රීඩා කුසලතා වැඩසටහන් රාශියකට ද එයාර්ටෙල් සම්බන්ධ වී ඇත.

 

 




 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව