මෙරට තුළ කෘෂිකාර්මික විභවයන් ඇති ප්‍රදේශ ආවරණය කරමින් කොමර්ෂල් බැංකුව කෘෂිකාර්මික ක්ෂේත්රය තුළ තාක්ෂණය ප්‍රචලිත කිරීමේ අභිලාෂකාමී මෙහෙයුමක් ආරම්භ කර ඇත.
ග්‍රාමීය ප්‍රජාවන් නවීන කෘෂිකර්මාන්තය පිළිබඳ නව දැනුමින් සහ සම්පත් වලින් සන්නද්ධ කිරීම මඟින් ගොවි ප්‍රජාවන් සවිබල ගැන්වීම සහ තිරසාර කෘෂිකාර්මික භාවිතයන් මඟින් බෝග අස්වැන්නේ ගුණාත්මකභාවය සහ පරිමාව වැඩි කිරීම මෙහි අරමුණු වේ.
යාපනය විශ්වවිද්‍යාලය සහ කිලිනොච්චි කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සහයෝගය ඇතිව මෙම වැඩසටහනේ නියමු ව්‍යාපෘතිය යටතේ තෝරා ගත් පළමු ගම්මානය වූයේ කිලිනොච්චියේ මහිලාන්කාඩු ගම්මානයයි.
මෙම වැඩසටහනේ පළමු “කෘෂි නවීකරණ ගම්මානය” වන මහිලාන්කාඩු ගම්මානයට යාන්ත්‍රික තාක්ෂණය යොදා ගනිමින් වී පැළ සිටුවීම හඳුන්වා දෙන ලදී. මෙම අවස්ථාවට කිලිනොච්චි ප්‍රදේශයේ ගොවීන්, ප්‍රාදේශීය ගොවි සංවිධානයේ සාමාජිකයින්, නිලධාරීන් සහ විද්වතුන් සහභාගී විය.
මෙම මූලාරම්භය පිළිබඳව අදහස් දක්වමින් කොමර්ෂල් බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී – පුද්ගලික බැංකුකරණ ඩිලක්ෂන් හෙට්ටිආරච්චි මහතා මෙසේ අදහස් දැක්වීය. “ග්‍රාමීය ප්‍රජාවන් සඳහා කොමර්ෂල් බැංකුවේ සංවර්ධන ණය දෙපාර්තමේන්තුව මෙම පරිවර්තනීය මුලපිරීම සැලසුම් කරන ලද්දේ සාම්ප්‍රදායික ගොවිතැන් ක්‍රම සහ නව්‍ය තාක්ෂණයන් අතර ඇති පරතරය අවම කිරීමටයි. මේ හරහා කෘෂිකාර්මික අංශයේ විප්ලවීය වෙනසක් ඇති කළ හැකි බවත්, ඊළඟ පරම්පරාව නව කෘෂිකාර්මික භාවිතයන් වැළඳ ගැනීමට උත්තේජනය කළ හැකි බවත් අපි විශ්වාස කරමු.”
කොමර්ෂල් බැංකුව ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පත්වු පළමු දේශීය බැංකුව වන අතර කොළඹ කොටස් වෙළඳපල බැංකු අංශයේ ඉහළම වෙළඳපල ප්‍රාග්ධනකරණයක් ඇති බැංකුව වේ. ශ්‍රී ලංකාවේ සුළු සහ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර වලට විශාලතම ණය සම්පාදනය කරන්නා මෙන්ම දේශීය බැංකු ක්ෂේත්රයේ ඩිජිටල් නව්‍යකරණය සඳහා ප්රමුඛයෙකු වන කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ පරිසරයට කාබන් මුදාහැරීම 100% තුලනය කළ ප්‍රථම බැංකුව ද වේ. බැංකුව මේ වනවිට දිවයින පුරා විහිදුනු බැංකු ශාඛා සහ ස්වයංක්‍රීය යන්ත්‍ර ජාලයක් ක්‍රියාත්මක කරන අතර බංග්ලාදේශය තුළ ශාඛා 20 ක් ද මියන්මාරයේ නේ පයිටව් හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ්‍රී ලංකාවේ බැංකු අතර පුළුල්තම ජාත්‍යන්තර පිය සටහන තබා ඇති වාණිජ බැංකුව ද වේ.